ජර්මනියේ Anhalt හිදි පැවැත්වෙන 27 වැනි අන්තර්ජාතික මලල ක්‍රීඩා තරගාවලියේ දී විශිෂ්ට ජයක් වාර්තා කිරීමට යුපුන් අබේකෝන් විසින් ඊයේ (21) සමත් වුනා.
මෙවර තරගවාරය තුළ, මීට පෙර බලාපොරොත්තු වූ තරම් දස්කම් දැක්වීමට අපොහොසත් වෙමින් සිටි යුපුන් මෙවර සිය පසුබැසීමට තිත තබමින් විශිෂ්ට ධාවන කාලයක් වාර්තා කළා.
තරගාවලියේ පිරිමි මීටර් 100 ඉසව්වේ දෙවැනි මූලික වටයේ තරගයට සහභාගී වූ යුපුන් විසින් තත්පර 10.30ක කාලයක් වාර්තා කරමින් තෙවැනි ස්ථානයට පත් වුනා.
මෙය ඔහුගේ පෙර ධාවන කාල හා සැසඳීමේ දී තරමක පසුබැසීමක් පෙන්වුම් කළ නමුත් මෙවර තරග වාරය වෙනුවෙන් මෙය ඔහුගේ හොඳම පෞද්ගලික දක්ෂතාව ලෙස ද සටහන් වුනා. එමෙන්ම මෙවර තරග වාරය තුළ ඔහු බොහෝ විට මේ ආසන්න තරග නිමි කාල වාර්තා කරමිනුයි සිටියේ.
- Nadalට පරාජයක්, රුමේනියාවට ඉතිහාසගත ජයග්රහණයක්!
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
කෙසේ වෙතත් මෙම තරග වටයෙන් යුපුන් ඉසව්වේ B අවසන් තරගයට (B Final) සුදුසුකම් ලබාගත්තා.
එහි දී යුපුන් විසින් තත්පර 10.18ක කාලයකින් සිය ඉසව්ව අවසන් කිරීමට සමත් වුනේ ප්‍රථම ස්ථානය හිමි කර ගනිමිනුයි.
ඒ අනුව මෙවර තරග වාරය වෙනුවෙන් යුපුන්ගේ පෞද්ගලික හොඳම ධාවන කාලය ද මෙහි දී සටහන් වූ අතර, මෙයත් සමඟ ඉදිරියේ දී යුපුන්ට පෙර සේම සිය හොඳම දක්ෂතා සමඟින් ලෝක මට්ටමින් කැපී පෙනීමේ අවස්ථා උදා කර ගත හැකි වේ යැයි ප්‍රේක්ෂකයින්ට බලාපොරොත්තු තබා ගැනීමට ද හැකි වනු ඇති.
දිනෙන් දින උණුසුම් වන දෙස්, විදෙස් මලල ක්‍රීඩාවේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට Thepapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
<<තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>