17න් පහළ බාලිකා ශූරතාවය ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලයට

315

2017 වසර සඳහා වන DSI වොලිබෝල් තරගාවලිය යටතේ වයස අවුරුදු 17න් පහළ බාලිකා අංශයේ අවසන් මහා තරගය ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම සහ මහඋස්වැව රතනපාල විද්‍යාලය අතර පැවති අතර එහිදී තරග වට 3/0ක් ලෙස තරගය ජයග්‍රහණය කළ ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

15න් පහළ ශූරතා උහන තිස්සපුර සහ සාන්ත සේවියර් විද්‍යාලවලට

2017 වසර සඳහා වන DSI වොලිබෝල් තරගාවලියේ වයස අවුරුදු 15න් පහළ තරග අංශයේ අවසන් මහා තරග අද (23) අවසන් වූ අතර එහි දී බාලක අංශයේ ශූරතාවය මාරවිල සාන්ත සේවියර්…

ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලය සහ මහඋස්වැව ශ්‍රී රත්නපාල මහා විද්‍යාලය මෙම කාණ්ඩයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේ පිළිවෙළින් ආනමඩුව ම. ම. වි. කණ්ඩායම සහ වෙලන්දුර ගජනායක මහා විද්‍යාල කණ්ඩායම පරාජය කරමිනි.

තරගයේ පළමු වටය ලකුණු 25-16ක් ලෙස පහසුවෙන් ජයග්‍රහණය කිරීමට ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩිකාවන් සමත් විය. කෙසේ නමුත් තරගයේ දෙවන වටයේ දී කණ්ඩායම් දෙකම කරට කර තරගයක නිරත වූ අතර එහි දී අවසන් අවස්ථාවේ දී ලකුණු පරතරය ඉහළ නංවාගත් ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩිකාවන් එම වටය ලකුණු 25-23ක් වශයෙන් ජයග්‍රහණය කරන ලදි. අනතුරුව පැවති තරගයේ තෙවන වටයේ දී නැවතත් ප්‍රබල ක්‍රීඩා රටාවක් දියත් කළ ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩිකාවන් එම වටය ලකුණු 25-17ක් වශයෙන් ජයග්‍රහණය කරමින් තරග වට 3/0ක් ලෙස තරගයේ ද ජයග්‍රහණය හිමිකර ගනිමින් ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

එහි දී හොඳම පන්දු සකසන්නිය ලෙස ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලයේ රොෂානි සෙනෙවිරත්න සම්මානයෙන් පිදුම් ලැබූ අතර හොඳම ප්‍රහාරිකාවට හිමි සම්මානය දිනාගනු ලැබුවේ එම විද්‍යාලයේම රශ්මි ලක්මාලි විසිනි. තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස ද එම විද්‍යාලයේම දිලුක්ෂි හර්ෂනී සම්මානයෙන් පිදුම් ලැබීය.

වයස අවුරුදු 17න් පහළ වයස් කාණ්ඩයේ බාලිකා තරග අංශයේ 3වන ස්ථානය දිනාගනු ලැබුවේ වැල්ලන්දුර ගජනායක විද්‍යාලයීය කණ්ඩායම විසිනි.

තරගාවලියේ අවසන් දිනය හෙට (24) මහරගම තරුණසේවා සභා ක්‍රීඩා පිටියේ දී පැවැත්වේ. එහි දී වයස අවුරුදු 17න් බාලක සහ 13න් පහළ බාලක සහ බාලිකා අවසන් තරග පැවැත්වීමට නියමිතයි.

 වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට