අපි එහෙම පහළට වැටිය යුතු රටක් නෙවෙයි – ලසිත් මාලිංග

1643

වරෙක ලොව අංක එකේ විස්සයි විස්ස කණ්ඩායම වූ ශ්‍රී ලංකා කණ්ඩායමට අවාසනාවන්ත ලෙස 2020 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා පිවිසීමට තේරීම් තරගාවලිය ක්‍රීඩා කිරීමට සිදුවී තිබෙනවා.

”කිසිම විටෙක දේවල් මෙසේ දරුණු ලෙස පහත වැටීමට ඉඩ ලබා නොදිය යුතුව තිබුණා” මැයෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝක කුසලානයක් දිනූ නායක ලසිත් මාලිංග Cricinfo වෙබ් අඩවිය සමඟින් සංවාදයක නිරත වී තිබුණා.

ශ්‍රී ලංකා නම්බුව විස්සයි විස්සෙන් ගොඩයන ලකුණු?

පසුගිය 15 වැනිදා ආරම්භ වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරයේ අවසන් ක්‍රිකට් තරගය හෙවත් එකම විස්සයි විස්ස……

ශ්‍රී ලංකාව අවසන් වරට සහභාගී වූ අතර 16න් තරග 12ක් ම ඔවුන් පරාජය වූයේ විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල නව වන ස්ථානය දක්වා පසුබසිනි. ජනවාරි මාසය ආරම්භයේ දී ම ICCය නිවේදනය කර සිටියේ ශ්‍රී ලංකාවට විස්සයි විස්ස ලෝක කුසලානයට නිතරගයෙන් ඇතුළත් වීමට නොලැබෙන බවත් ඔවුන්ට ලෝක කුසලානයේ කණ්ඩායම් 12 අතරට පිවිසීමට තේරීම් තරගාවලියක් ක්‍රීඩා කිරීමට සිදුවන බවත්ය. ලෝක කුසලානයට කණ්ඩායම් අටකට නිතරගයෙන් ඇතුළත් වීමට වරම් හිමි විය.

මේ සිදුවීම ශ්‍රී ලංකාවට ඉතා අවාසනාවන්ත සිදුවීමක් වන්නේ ඔවුන් 2009 වසරේ සිට 2014 වසර දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලිවල දී අතිදක්ෂ කණ්ඩායමක් වූ නිසාවෙනි. ඔවුන් තුන් වතාවක් අවසන් මහා තරගවලට පිවිසුණු අතර ඉන් එක් වතාවක් (2014) ඉන්දියාව පරාජය කර ලෝක ශූරයින් බවට පත් වන්නට සමත් විය.

2009 හා 2012 වසරවල දී ඔවුන්ට අනුශූරතාවයෙන් සෑහීමට පත්වන්නට සිදු වුනා. 2012 වසර අවසානයේ හා 2014 වසර මැද දී ICC විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ ද සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. එවකට ලසිත් මාලිංග ප්‍රමුඛ ලොව සුපිරිම විස්සයි විස්ස පන්දු බලඇණියක් ද ශ්‍රී ලංකාව සතු වුනා.

“තේරීම් තරගාවලියට සහභාගී වීමට සිදුවීම ඇත්තෙන්ම කණගාටුදායකයි, මොකද 2014 ලෝක කුසලානය දිනූ කණ්ඩායමක් ලෙස වසර පහක් ඇතුළත අපි 8 වැනි ස්ථානයෙනුත් පහළට වැටී ඇති නිසා” යැයි මාලිංග Cricinfo වෙත අදහස් දක්වා තිබුණි.

අපිට තව අවස්ථාවක් තිබෙනවා තේරීම් තරග ක්‍රීඩා කර ලෝක කුසලානයට පිවිසෙන්නට, නමුත් අපි එහෙම පහළට වැටිය යුතු රටක් නෙවෙයි, අපි ලෝක කුසලාන දෙකක දිනපු රටක්, අපිට කොහේ හරි වැරදුණා, හැබැයි හරි පුද්ගලයින් හරි තැන්වලට ආවොත් ඉතා ඉක්මනින් එම වැරදි යලි හදන්නට පුළුවන්.”

ශ්‍රී ලංකාවේ වෙනුවෙන් සීමිත පන්දුවාර නායකයා ලෙස නම් කළ ලසිත් මාලිංග 2016න් පසු පළමු වතාවට විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක නායකයා ලෙස කටයුතු කරනු ඇත. ඒ ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර හෙට (11) පැවැත්වෙන එකම විස්සයි විස්ස තරගයේ දී.

“අපිට ඉන්න ක්‍රීඩකයින් දිහා බැලුවොත් අපිට හොඳ කණ්ඩායමක් හදන්න පුළුවන්, නමුත් අපි ඒ සඳහා ලොකු උත්සහයක් යොදන්න ඕන.”

“අපි විස්සයි විස්ස සඳහා අවශ්‍ය දක්ෂතා වැඩි දියුණු කරන්න ඕන, නායකයෙක් වශයෙන් කණ්ඩායමක් වශයෙන් හා කළමනාකාරිත්වය වශයෙන්”

“මට වගකීමක් තිබෙනවා වගකීමක් අපේ ක්‍රීඩකයින්ට දැන් තිබෙන දක්ෂතා විස්සයි විස්ස සඳහා මුවහත් කිරීමට උපකාර කිරීමට, අපි කණ්ඩායමක් ලෙස දැන ගන්නට ඕන මොන දක්ෂතාවය මොන අවස්ථාවේ දී ද භාවිතා කරන්නේ කියලා”

Video – හතුරුගෙන් තිසරට උසස් වීමක්? – පිටියේ කතා

ශ්‍රී ලංකා – නවසීලන්ත එක්දින තරගාවලියේ ධනාත්මක පැත්ත, තිසර පෙරේරා සහ මලින්ද පුෂ්පකුමාර බිහි කළ වාර්තා, 2019 නව වසරේ පළමු විස්සයි…..

විශේෂයෙන්ම පන්දු යවන්නන් පීඩනය හමුවේ දක්ෂ විය යුතුයි යැයි මාලිංග ප්‍රකාශ කළා. පීඩනය හමුවේ ඉක්මන් තීරණ ගන්නා අයෙක් ලෙස ප්‍රසිද්ධ මාලිංග විශ්වාස කරන්නේ මේ පිළිබඳව දක්ෂතා වැඩි දියුණු කිරීමට තමනුත් කණ්ඩායමට උදව් කළ යුතු බවයි.

“සමහර තත්වයන්වල දී පන්දු යවන්නන් කලබල වෙනවා පැටලිලි සහගත වෙනවා, අපේ පන්දු යවන්නන් ඇණිය ඉතා විවිධයි, නමුත් පන්දු යවන්නන් දැන ගන්න ඕන ඕවරයක් හදන විදිය, හැම පන්දුවකින්ම කඩුල්ලක් දවා ගන්න බැහැ, පන්දු යවනන්නන් පිතිකරුවා දවා ගන්න උපක්‍රමශීලී විය යුතුයි, ඔවුන්ට දක්ෂතාව තිබෙනවා, නමුත් ඔවුන් එම දක්ෂතා තරගයේ දී යොදා ගන්නේ නැහැ, මට දැනෙනවා පුහුණු සැසිවල දී ඔවුන් ඉතාම හොඳයි, නමුත් තරගයේ යම් යම් අවස්ථාවල දී ඔවුන්ට විශ්වාසය මදි, මට ඕන ඔවුන්ට උදව් කරන්න, ඔවුන්ට ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබෙනවා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<