සාන්ත සේවියර් හා රාජසිංහ මධ්‍ය විද්‍යාල අවසන් මහා තරගයට

568
  • Rajasinghe Central College - U19 Boys - 17th DSI Supersport Schools' Volleyball Championship 2017

මාරවිල සාන්ත සේවියර් විද්‍යාලය හා රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය 17 වන DSI සුපර් ස්පෝර්ට් පාසල් වොලිබෝල් තරගාවලියේ බාලක වයස් කාණ්ඩ 3ක අවසන් මහා තරග සඳහා තේරී පත්වී ඇත

DSI වොලිබෝල් සටනේ දී උහන, ගලිගමුව සහ හුංගම බාලිකාවන්ගෙන් ඉහළ දස්කම්

අම්පාර – උහන තිස්සපුර විද්‍යාලය, ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලය සහ හුංගම විජයබා ජාතික පාසල 17 වන DSI සුපර් ස්පෝර්ට් වොලිබෝල් තරගාවලියේ බාලිකා වයස් කාණ්ඩ දෙකක බැගින්…..

වයස අවුරුදු 19න් පහළ බාලක

වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය හා රාජසිංහ මධ්‍ය විද්‍යාලය මෙම වයස් කාණ්ඩයේ පළමු අවසන් පූර්ව තරගයට තේරී පත්වූ අතර, රාජසිංහ විද්‍යාලය තරග වට 2/1ක් ලෙස සාන්ත ජෝසප් වාස් විද්‍යාලය පරාජය කරමින් අවසන් වටයට තේරී පත්විය.

රාජසිංහ විද්‍යාලය ලකුණු 25-16ක් ලෙස පළමු වටය ජයග්‍රහණය කළත්, සාන්ත ජෝසප් වාස් විද්‍යාලය ලකුණු 17-25ක් ලෙස දෙවන වටය තුළ පෙරමුණට පැමිණියේය. අවසන් වටයේ දී රාජසිංහ විද්‍යාලය ලකුණු 25-15ක් ලෙස සිය ජයග්‍රහණය සනිටුහන් කරගන්නා ලදි.

දෙවන අවසන් පූර්ව වටයේ තරගය නාත්තන්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලය හා දවිසමර මහා විද්‍යාලය අතර පැවැත්විය. එහි දී ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලය 25-18ක් හා 25-14ක් ලෙස ලකුණු ලබාගෙන සිය තරග වට අවසන් කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

මෙහි තෙවන ස්ථානය හිමි වූයේ සාන්ත ජෝසප් වාස් විද්‍යාලයටයි. එහි දී ඔවුන් විසින් දවිසමර මහා විද්‍යාලය ලකුණු 25-20ක් හා 25-20ක් ලෙස පරාජය කිරීමට සමත් විය.

සාන්ත සේවියර් සහ විජයබා පාසල්වලට ශූරතා හතරක්

අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලිකත්වය ඇතිව 33 වන වරටත් සංවිධානය කරනු ලබන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ වොලිබෝල් තරග පසුගිය 6, 7 හා 8 යන තෙදින පුරාවටම සීදූව….

වයස අවුරුදු 17න් පහළ බාලක

මෙම වයස් කාණ්ඩයේ පළමු අවසන් පූර්ව තරගයේ දී රාජසිංහ විද්‍යාලය ලකුණු 25-15ක් හා 25-15ක් ලෙස හුංගම විජයබා ජාතික පාසල හමුවේ පරාජය විය.

තලවත්ත අභිනව කනිෂ්ඨ විද්‍යාලය ලකුණු 25-07ක් හා 25-17ක් ලෙස සාන්ත සේවියර් විද්‍යාලය විසින් පරාජය කළේය.

තෙවන ස්ථානය සඳහා වූ තරගය වට තුනක් පුරාවට ඇදී ගිය අතර එහි දී රාජසිංහ මධ්‍ය විද්‍යාලය විසින් අභිනව කනිෂ්ඨ විද්‍යාලය පරාජය කරන ලදි. පළමු වටයේ දී ලකුණු 24-26ක් ලෙස අභිනව කනිෂ්ඨ විද්‍යාලයට ජය හිමි වූ අතර, අනතුරුව ක්‍රියාත්මක වූ රාජසිංහ විද්‍යාලය 25-20ක් හා 25-15ක් ලෙස අවසන් වට දෙක ජයග්‍රහණය කරන ලදි.

වයස අවුරුදු 15න් පහළ බාලක

සාන්ත සේවියර් විද්‍යාලය විසින් කරුවාමුල්ල මහා විද්‍යාලය පරාජයට පත්කළ මෙහි පළමු අවසන් පූර්ව වටයේ ලකුණු පුවරුව 29-27ක්, 21-25ක් හා 25-18ක් ලෙස සටහන් විය.

දෙවන අවසන් පූර්ව තරගයේ දී රාජසිංහ විද්‍යාලය විසින් ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලය ලකුණු 25-12ක් හා 25-21ක් ලෙස පරාජය කරන ලදි.

ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලය තෙවන ස්ථානය සඳහා වූ තරගයේ දී ලකුණු 25-15ක්, 25-16ක් ලෙස පහසුවෙන්ම කරුවාමුල්ල මහා විද්‍යාලය පරාජය කළේය.

ජාතික මහා ක්‍රීඩා උළෙලේ වොලිබෝල් ශූරතා වයඹ පළාතට

43 වන ජාතික මහා ක්‍රීඩා උළෙල යටතේ මාතර කොටවිල ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවති කාන්තා හා පිරිමි වොලිබෝල් තරගාවලි වල දී එම ශූරතා ද්විත්වයම ජයග්‍රහණය කරන්නට වයඹ පළාත්….

වයස අවුරුදු 13න් පහළ බාලක

මෙහි අවසන් මහා තරගයේ දී රාජසිංහ මධ්‍ය විද්‍යාලය හා සාන්ත සේවියර් විද්‍යාලය එකිනෙකා මුණගැසෙනු ඇත.

මෙහි පළමු අවසන් පූර්ව තරග වටයේ දී සීදුව දවිසමර මහා විද්‍යාලය තරග වට 2/1ක් ලෙස සාන්ත සේවියර් විද්‍යාලය හමුවේ පරාජය විය. එහි ලකුණු පුවරුව 19-21ක්, 21-15ක් හා 21-17ක් ලෙස සටහන් විය.

රාජසිංහ විද්‍යාලය හා මාදම්පේ සේනානායක ජාතික පාසල අතර පැවැත්වූ මෙම වයස් කාණ්ඩයේ දෙවන අවසන් පූර්ව තරගයේ දී ලකුණු 21-19ක් හා 21-13ක් ලෙස තරගය ජයග්‍රහණය කිරීමට රාජසිංහ විද්‍යාලයට හැකි විය.

එහි තෙවන ස්ථානය සඳහා වූ තරගයේ දී දවිසමර මහා විද්‍යාලය 21-07ක් හා 21-12ක් ලෙස සේනානායක ජාතික පාසල පරාජයට පත්කරන ලදි.

 වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට