18 වැනි රන් මහා සටනට දින නියම වෙයි

18th Battle of the Gold 2024

62

කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර පැවැත්වීමට නියමිත 18 වැනි “රන් මහා සටන” මහා ක්‍රිකට් සංග්‍රාමය එළඹෙන මාර්තු 29 සහ 30 යන දිනවල දී පැවැත්වීමට නියමිතයි.

මේ පිළිබඳ දැනුවත් කිරීමට නිල මාධ්‍ය හමුවක් පසුගිය බදාදා (20) දිනයේ දී පැවැත්වුණා.

කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ දී මෙම මහා ක්‍රිකට් තරගය පැවැත්වීමට නියමිත අතර, ඊට අමතරව දෙවිදුහල් අතර පැවැත්වෙන අරවින්ද ද සිල්වා කුසලාන එක්දින තරගය ද මෙම ක්‍රීඩාංගණයේ දී ම අප්‍රේල් මස 21 වැනි දා පැවැත්වීමට නියමිත බව මෙහි දී නිවේදනය කළා.

එමෙන්ම මෙම තරග ද්විත්වයේ ම සජීවී අත්දැකීම ඔබ වෙත සමීප කිරීමට ThePapare මෙවරත් සූදානමින් පසු වනවා.

මේ පිළිබඳ දැනුම දීම සඳහා පැවැත්වුණු මාධ්‍ය හමුවට පාසල් ද්විත්වයේ ම විදුහල්පතිවරුන් මෙන්ම කණ්ඩායම් නායකයින් ද, ඊට අමතරව හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා ද සහභාගී වුනා.

ක්‍රීඩාවේ ජිවගුණය ආරක්ෂා කරමින් මෙම තරගය ක්‍රීඩා කරන මෙන් අරවින්ද විසින් මෙහි දී සිය අදහස් දැක්වීමෙන් විශේෂයෙන්ම අවධාරණය කළා.

මෙවර ඩී.එස්.සේනානායක විද්‍යාලය ගවිරු සෙහස් විසින් මෙහෙයවනු ලබන අතර, මහානාම විද්‍යාලය දුවිඳු රණතුංග විසින් මෙහෙයවීමට නියමිතයි.

රන් මහ සටනේ උණුසුම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<