105 වැනි කඳුරට නිල් මහා සටන ඇරඹේ!

105th Hill Country Battle of the Blues 2024

85

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය අතර 105 වැනි වරට පැවැත්වෙන ‘කඳුරට නිල් මහා සටන’ අද (15) මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා. 

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ත්‍රිත්ව විද්‍යාල නායකයා විසින් පළමුව පන්දුවට පහර දීමට සාන්ත අන්තෝනි විද්‍යාලයට ආරාධනා කළ අතර, ඒ අනුව අද දිනය පුරා පිතිකරණයේ යෙදුණු අන්තෝනි පිතිකරුවන් විසින් කඩුලු 9ක් දැවී ලකුණු 232ක් ලබා ගැනීමට සමත් වුනා. 

මේ වෙනුවෙන් මෙම තරග වාරයේ දී විශිෂ්ට දස්කම් දක්වමින් සිටින අන්තෝනි නායක තිසර ඒකනායක ලකුණු 63කින් දායක වුනා. එමෙන්ම ඊට අමතරව ඉනිමේ අංක පහ පිතිකරු වූ ජනිත් රත්නසිරි විසින් තවත් ලකුණු 59ක් ඉනිමට එක් කිරීමට සමත් වූ අතර, කෞශික කුමාරසිංහ ද ලකුණු 32ක් ලබා ගැනීමට සමත් වුනා. 

කෙසේ වෙතත් මේ හැරුණු කොට වෙනත් එකඳු පිතිකරුවකු හෝ අද දිනයේ දී ලකුණු 20 සීමාව ඉක්මවා යෑමට සමත් නොවීම විශේෂත්වයක්. 

අන්තෝනි ඉනිම අඩාල කිරීමේ දී පෙරමුණ ගත් ත්‍රිත්ව පන්දු යවන්නන් වූ දිනුක තෙන්නකෝන්, වතිල උදාර සහ සුපුන් වඩුගේ අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා. 

තරගයේ දෙවන සහ අවසන් දිනය හෙට (16) ක්‍රියාත්මක වීමට නියමිතයි. 

තරගය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<