දැවැන්ත ජයක් සමඟින් අගමැති කුසලානය තර්ස්ටන් විද්‍යාලයට

1974

අගමැති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ පාසල් රග්බි තරගාවලිය අද (01) කොළඹ තුරඟ තරග ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වූයේ එහි අවසන් තරගයේ දී මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය හමුවේ ලකුණු 07-52ක දැවැන්ත ජයක් හිමි කර ගත් තර්ස්ටන් විද්‍යාලය තරගාවලියේ ශූරතාවය ජයග්‍රහණය කරමිනි.

තියුණු සටනකට පසු සාන්ත පීතර ක්‍රීඩකයින් ජනාධිපති කුසලානය දිනා ගනියි

කොළඹ තුරඟ තරග පිටිය දෙවනත් කරමින් මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අවසාන මහා තරගය සඳහා අද (30) වසර ගණනක ඉතිහාසගත ප්‍රතිවාදීන්…

තරගය ආරම්භයේ සිට දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කළ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩකයින් ප්‍රතිවාදී මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලයීය කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කරන්නට විය. එම පීඩනයට සාර්ථකව මුහුණ දෙන්නට අපොහොසත් වූ ශ්‍රී සුමංගල ක්‍රීඩකයින් පළමු අර්ධය පුරාවට ප්‍රදර්ශනය කරනු ලැබුවේ දැඩි පසුගාමී ක්‍රීඩා විලාශයකි.

ඒ අනුව ශ්‍රී සුමංගල ක්‍රීඩකයින්ගේ දුර්වල ක්‍රීඩා විලාශයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගත් තර්ස්ටන් ක්‍රීඩකයින් තරගයේ ආරම්භක මිනිත්තු කිහිපය තුළ දී අඛණ්ඩව උත්සාහක දිනුම් 3ක් වාර්තා කර ගනිමින්, ඉන් 2ක් ප්‍රවර්තනය කර ගනිමින් තරගයට ඉතා සාර්ථක ආරම්භයක් ලබා ගන්නට සමත් විය. ඔවුන්ගේ විශිෂ්ට පන්දු හුවමාරු කර ගැනීම සහ වේගය හමුවේ ශ්‍රී සුමංගල පසුපෙළ පහසුවෙන් බිඳ වැටුණි. ඒ අනුව අංජන හෙට්ටිආරච්චි, තරිඳු ධර්මදාස සහ මොහොමඩ් සකාෆ් විසින් එම උත්සාහක දිනුම් වාර්තා කර ගනු ලැබූ අතර එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාවන් ලබා ගත් තරිඳු ධර්මදාස ඉන් 2ක් ගෝල රාමුව තුළින් යොමුකරමින් සාර්ථක කර ගන්නට සමත් විය. (TC 19 – 00 SSCK)

කෙසේ නමුත් ඉන් අනතුරුව තරගයට අවතීර්ණ වූ ශ්‍රී සුමංගල ක්‍රීඩකයින් උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට ඉතා ආසන්නයට පැමිණියත් එහි දී ද එය සාර්ථකව උත්සාහක දිනුමක් බවට පරිවර්තනය කර ගන්නට ඔවුන් අසමත් වූයේ ඔවුන් අතින්ම සිදු වූ අත්වැරදීම් හේතුවෙනි.   

අවසන් නිමේෂයේ වෑයමෙන් තර්ස්ටන් විද්‍යාලය අවසන් තරගයට

මයිලෝ ආයතනය විසින් සවි බලගන්වනු ලබන අගමැති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ පාසල් රග්බි තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (23) කොළඹ තර්ස්ටන් විද්‍යාලය…

අනතුරුව නැවතත් ශ්‍රී සුමංගල ක්‍රීඩකයින්ගේ දුර්වල ක්‍රීඩා විලාශයෙන් ප්‍රයෝජන ලබා ගත් තර්ස්ටන් ක්‍රීඩකයින් තවත් උත්සාහක දිනුම් 2ක් සිය ලකුණු පුවරුවට එක්කර ගන්නට සමත් විය. එහි දී පළමු උත්සාහක දිනුම ශ්‍රී සුමංගල ක්‍රීඩකයෙක් අතින් ගිලිහුණු පන්දුවක් ලබා ගනිමින් එය පහසුවෙන් උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන ගිය කවිෂ්ක දිල්ෂාන් විසින් වාර්තා කර ගනු ලැබූ අතර එය මොහොමඩ් රිස්කාන් විසින් සාර්ථකව ප්‍රවර්තනය කරගන්නා ලදි. අනතුරුව චානක රණවීර විසින් ශ්‍රී සුමංගල ක්‍රීඩකයින් අතර ඇතිවූ අවකාශයක් හරහා පහසුවෙන් පන්දුව රැගෙන යමින් එහි දී දෙවන උත්සාහක දිනුම වාර්තා කර ගනු ලැබීය. කෙසේ නමුත් එහි දී එය සාර්ථකව ප්‍රවර්තනය කර ගන්නට ධර්මදාස අසමත් විය. (TC 31 – 00 SSCK)

කෙසේ නමුත් තරගයේ පළමු අර්ධය අවසන් වන්නට පෙර ශ්‍රී සුමංගල ක්‍රීඩකයින් ඔවුන්ගේ පළමු උත්සාහක දිනුම වාර්තා කර ගනිමින් එය සාර්ථකව ප්‍රවර්තනය කර ගන්නට සමත් විය. එහි දී සදීප පෙරේරා විසින් තර්ස්ටන් ආරක්‍ෂක ක්‍රීඩකයින් හරහා තනිව පන්දුව රැගෙන යමින් ඉතා විශිෂ්ට අන්දමින් එම උත්සාහක දිනුම වාර්තා කර ගනු ලැබූ අතර උමේෂ් වීරකෝන් විසින් එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගනු ලැබීය.

පළමු අර්ධය: තර්ස්ටන් විද්‍යාලය 31 – 07 ශ්‍රී සුමංගල විද්‍යාලය, මහනුවර

තරගයේ දෙවන අර්ධය ආරම්භයේ දී පන්දුව ඔවුන් සතුව රඳවා ගනිමින් ශ්‍රී සුමංගල ක්‍රීඩකයින් උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට උත්සාහ දැරූ අතර අනෙක් පසින් තර්ස්ටන් විද්‍යාලය ඉක්මන් අවස්ථාවන් හරහා ප්‍රතිවාදීන්ට තර්ජනයක් එල්ල කරන්නට විය. එහි දී කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් හට උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට අවස්ථාවන් කිහිපයක්ම ලැබුනත් පන්දුව හැසිරවීමේ දී ඔවුන් දැක්වූ දුර්වලතා හේතුවෙන් එම උත්සාහයන් සාර්ථක වූයේ නැත.

කෙසේ නමුත් ඉන් අනතුරුව නැවතත් ශ්‍රී සුමංගල ක්‍රීඩකයින්ගේ දුර්වලතා හමුවේ ක්‍රියාත්මක වූ තර්ස්ටන් ක්‍රීඩකයින් අඛණ්ඩව තවත් උත්සාහක දිනුම් 2ක් වාර්තා කර ගනු ලැබුවේ ශ්‍රී සුමංගල විද්‍යාලයෙන් තරගයේ ජයග්‍රහණ බලාපොරොත්තු ඈතට රැගෙන යමිනි. එහි දී සයුරු නුමේෂික විසින් පළමු උත්සාහක දිනුමත්, අංජන හෙට්ටිආරච්චි විසින් දෙවැනි උත්සාහක දිනුමත් වාර්තා කර ගනු ලැබූ අතර ඒවා පිළිවෙළින් තරිඳු ධර්මදාස සහ මොහොමඩ් රිස්කාන් විසින් සාර්ථකව ප්‍රවර්තනය කර ගන්නා ලදි. (TC 45 – 07 SSCK)

පසුව නැවතත් ක්‍රියාත්මක වූ තර්ස්ටන් විද්‍යාලයේ මොහොමඩ් සකාෆ් ඉක්මන් අවස්ථාවක් හරහා පන්දුව පහසුවෙන් උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යමින් මෙම තරගය තුළ සිය දෙවැනි උත්සාහක දිනුම වාර්තා කර ගනු ලැබුවේ තර්ස්ටන් ලකුණු පුවරුව ලකුණු 50 සීමාව වෙත රැගෙන යමිනි.  අනතුරුව එය රිස්කාන් විසින් සාර්ථකව ප්‍රවර්තනය කර ගනු ලැබීය. (TC 52 – 07 SSCK)

තරගයේ අවසන් මිනිත්තු කිහිපය තුළ කණ්ඩායම් දෙකටම උත්සාහක දිනුම් වාර්තා කර ගැනීමට අවස්ථාවන් කිහිපයක්ම ලැබුනත් ඒවා සාර්ථක කර ගැනීමට දෙපිළේම ක්‍රීඩකයින් සමත් වූයේ නැත.

මහනුවර නායක වීරරත්නත් පැරිස් යන සංචිතයට

එළඹෙන ආසියානු ක්‍රීඩා උළෙලට සූදානම් වීම සඳහා නවකයින් මෙන්ම අත්දැකීම් බහුල ක්‍රීඩකයින්ගෙන් ද සමන්විත 15 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි…

ඒ අනුව මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලයේ පසුගාමී ක්‍රීඩා විලාශය හමුවේ ප්‍රබල ක්‍රීඩා විලාශයක් දියත් කරමින් මෙම තරගය පුරාවට සිය ආධිපත්‍ය පතුරුවාගත් කොළඹ තර්ස්ටන් විද්‍යාලය විශිෂ්ට ජයග්‍රහණයක් සමඟින් අගමැති කුසලානය සිය පාසල වෙත රැගෙන යාමට සමත් විය.

අවසන් ලකුණු තත්වය: තර්ස්ටන් විද්‍යාලය 52 (8T 6C) – 07 (1T 1C) ශ්‍රී සුමංගල විද්‍යාලය, මහනුවර

ThePapare.com තරගයේ වීරයා – මොහොමඩ් සකාෆ් (තර්ස්ටන් විද්‍යාලය)

ලකුණු ලබාගැනීම

  • තර්ස්ටන් විද්‍යාලය – අංජන හෙට්ටිආරච්චි 2T, මොහොමඩ් සකාෆ් 2T, තරිඳු ධර්මදාස 1T 3C, කවිෂ්ක දිල්ෂාන් 1T, චානක රණවීර 1T, සයුරු නුමේෂික 1T, මොහොමඩ් රිස්කාන් 3C
  • ශ්‍රී සුමංගල විද්‍යාලය, මහනුවර – සදීප පෙරේරා 1T, උමේෂ් වීරකෝන් 1C

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<