දුල්සත් සහ ඕෂද ඇලෝශියස් වෙත ජය ගෙන එයි

U19 Division 1 Schools Cricket Tournament 2023/24

157

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් එක් තරගයක් අද (14) අවසන් වුනා.

මෙම තරගයේ දී කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලයට එරෙහිව කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට ගාල්ල ඇලෝශියස් විද්‍යාලය විසින් සමත් වූ අතර, මෙම තරගයේ දී පළමු ඉනිමේ පරාජයක් ලැබීමෙන් අනතුරුව ඇලෝශියස් විද්‍යාලය මෙම ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වීම වඩාත් විශේෂ සිදුවීමක්. 

මෙහි දී ඇලෝශියස් විද්‍යාලය වෙනුවෙන් දුල්සත් නිම්විරු ඉනිම දෙකේ දී ම කඩුලු 4 බැගින් දවා ගැනීමට සමත් වූ අතර, ඊට අමතරව ඕෂද දෙවින්ද තම විද්‍යාලයේ ජයග්‍රහණය සඳහා හෝලි ක්‍රොස් දෙවන ඉනිමේ කඩුලු 5ක් බිඳ හෙළමින් සහ ඉක්මන් ලකුණු 30ක් ද ලබා ගනිමින් සිය දායකත්වය ලබා දුන්නා.

පළමු කොටසේ Tier B තරග 

කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය සහ ගාල්ල සාන්ත ඇලෝශියස් විද්‍යාලය  

වීරකැටිය මන්දඬුව ක්‍රීඩාංගණයේ දී (මාර්තු 14 – 15) 

  • කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය – 166/10 (64) සොනාල් අවදික 39, විදුර ලක්ෂාන් 4/20, දුල්සත් නිම්විරු 4/66 & 87/10 (42.5) සනුක චෙරාන් 44, ඕෂද දේවින්ද 5/18, දුල්සත් නිම්විරු 4/31 
  • ගාල්ල ඇලෝශියස් විද්‍යාලය – 112/10 (35.3) හසිත සුරංග 31, හිවින් කෙනුල 4/31, හිමරු දේශාන් 3/19 & 142/6 (34.2) චාර්ය පරණවිතාන 32, ඕෂද දේවින්ද 30*, හිමරු දේශාන් 3/71 

ගාල්ල සාන්ත ඇලෝශියස් විද්‍යාලයට කඩුලු 4ක ජයක්. 

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<