ශ්‍රී ලංකාවට නැවතත් ආසියානු රග්බි පූර්ණ සාමාජිකත්වය

572
Asia Rugby lifts ban on Sri Lanka Rugby

ශ්‍රී ලංකා රග්බි නැවතත් ආසියානු රග්බි ක්‍රීඩාවේ පූර්ණ සාමාජිකයෙකු ලෙස ස්ථාපිත කිරීමට ආසියානු රග්බි සම්මේලනය විසින් තීරණයක් ගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය විසින් නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය 2022 අප්‍රේල් 01 වැනි දින නිකුත් කර තිබූ ගැසට් නිවේදනය ද අවලංගු වනවා.

2022 අප්‍රේල් 9 වන දින තායිලන්තයේ ෆුකෙට් හි පැවති රැස්වීමේ දී, ආසියානු රග්බි විධායක කමිටුව (EXCO) විසින් ශ්‍රී ලංකා රග්බි සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබුණා. ඉන් අනතුරුව 2022 මැයි 1 වන දින ආසියානු රග්බි විධායක කමිටුව විසින් ඒකමතිකව එම තීරණය අනුමත කර සම්පූර්ණ සාමාජිකත්වය අත්හිටුවීමක් පැනවීමට තීරණය කර තිබුණා.

ශ්‍රී ලංකා රග්බි නැවතත් ආසියානු රග්බි ක්‍රීඩාවේ පූර්ණ සාමාජිකයෙකු ලෙස ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආසියා රග්බි සභාපති Qais al Dhalai ප්‍රකාශ කළේ, “අපගේ සමානාත්මතාවය, විනිවිදභාවය සහ වගවීම පිළිබඳ මූලධර්ම පවත්වා ගැනීම සඳහා ආසියානු රග්බි සම්මේලනයේ හි වගන්ති සහ රෙගුලාසිවලට අනුකූලව ශ්‍රී ලංකා රග්බි සාමාජිකත්වය අත්හිටුවීමට අපි තීරණය කළා. කෙසේ වෙතත් ආසියා රග්බි සම්මේලනයට මෙම තරග තහනම ඉවත් කිරීමට හැකි වන පරිදි අදාල ගැසට් නිවේදනය ඉල්ලා අස්කර ගැනීම අසන්නට ලැබීම ගැන මම සතුටු වෙනවා.”

Qais වැඩිදුරටත් පවසා සිටියේ ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායම් ආසියාවේ රග්බි තරගාවලියට නැවත පිළිගැනීමට බලාපොරොත්තු වන බවයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<