දෙවන දිනයෙන් ඇරඹූ දෙවන ඉණිම

324

සංචාරක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර අන්තර්ජාතික  ටෙස්ට් තරඟ 3ක්, අන්තර්ජාතික එක්දින තරඟ 5ක් හා 20-20 ජාත්‍යන්තර තරඟ දෙකකින් සමන්විත දීර්ඝ ක්‍රිකට් තරගාවලියේ වෝන් – මුරලි  කුසලානය සඳහා පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයෙන් ඇරඹිනි. එහි දෙවන දිනය අද  (27) මහනුවර පල්ලේකැලේ ක්‍රිකට් පිටියේදී පැවැත්විණි.

පසුගිය ලිපි: පළමු වාසිය කැන්ගරුවන්ට

දිනය ආරම්භ කරන විට ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව මෙසේ සටහන් විය.

ඕස්ට්‍රේලියානු පළමු ඉණිම (පළමු දිනය අවසන් වනවිට) -66 -2 (20) ස්ටීවන් ස්මිත් 28* (4 පහරවල් 3), උස්මාන් කවාජා 25* ( 4 පහරවල් 4),නුවන් ප්‍රදීප් 1/3, රංගන හේරත් 1/15

අනතුරුව දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු පුවරුවට තවත් ලකුණු 3 ක් එකතු වන විට නායක ස්ටීව් ස්මිත් 4 පහරවල් 3ක් සමඟ ලකුණු 30ක් ලබා සිටියදී දවාලීමට රංගන හේරත් සමත් විය. උස්මාන් කවාජා ද තවත් එක ලකුණක් ලකුණු පුවරුවේ සටහන් වූ විගස දවාලීමට රංගන සමත් විය. කවාජා 4 පහරවල් 4 ක් සමඟ ලකුණු 26 ක් ලබාගන්නා ලදි.

අනතුරුව 5 වන කඩුල්ල සඳහා පිටියට එක්වූ අැඩම් වෝගස් හා මිචෙල් මාෂ් ලකුණු 60ක සාර්ථක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. ලක්ෂාන් සඳකැන් ගේ මංගල ගොදුර බවට මාෂ් පත්වූ අතර මාෂ් ගේ ඉණිම ලකුණු 31කට සීමා විය.  එම ඉණිමට 4 පහරවල් 5ක් එක්විය.

ලකුණු 137 කට කඩුලු 6ක් ලෙස ඕස්ට්‍රේලියානු පළමු ඉණිම දැක්වෙන විට 7 වන කඩුල්ල සඳහා ලකුණු 33ක සබඳතාවයක් ගොඩනැංවීමට වෝග්ස් හා ස්ටීව් ඔකීෆ් සමත් විය. වෝග්ස් 4 පහරවල් 3ක් සමඟ ඕස්ට්‍රේලියානු පළමු ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 47ක් ලබාගත් අතර ඔහුගේ කඩුල්ල නුවන් ප්‍රදීප් ගේ නම ඉදිරියෙන් සටහන් විය. ඔකීෆ්  එක් 4 පහරක් සමඟ ලකුණු 23කට දැවීයන ලදි. ඕස්ට්‍රේලියානු පළමු ඉණිමේ අවසන් කඩුලු 4 ලකුණු 43ක් තුළ දවාලීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය. මෙහිදී තම මංගල තරගයේ දීම සඳකැන් ලකුණු 58කට කඩුලු 4 ක් දවාලීම කැපී පෙනෙන දස්කම්ක් විය. රංගන හේරත් ද දක්ෂ ලෙස පන්දු යවන ලදි.

ඕස්ට්‍රේලියානු පළමු ඉණිම – 203 -10 (79.2) අැඩම් වෝගස් 47, මිචෙල් මාෂ් 31, ස්ටීව් ස්මිත් 30, රංගන හේරත් 4/49, ලක්ෂාන් සඳකැන් 4/58

අනතුරුව ලකුණු 86 ක අවාසියක් හා වෙනස්කමක් සමඟ පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භ පිතිකරණ යුගල වූ කුසල් ජනිත් හා කෞෂාල් සිල්වා ගේ ආරම්භක සබඳතාවය ලකුණු 6කට සීමා කරමින් කුසල් ලකුණු 4කට කඩුල්ල මුවා කිරිමකට හසුකර දවාලීමට මිචෙල් ස්ටාක් සමත් විය. අනතුරුව තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල විය. දිමුත් කරුණාරත්න හා කෞෂාල් දෙවන දිනය නිමාවන විට කඩුල්ලේ රැදී සිටියි. ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියානු පළමු ඉණිමට වඩා තවත් ලකුණු 80 ක් පිටුපසින් සිටියි.

ශ්‍රී ලංකා දෙවන ඉණිම – 06-1 (2.2) කෞෂාල් සිල්වා 2 , මිචෙල් ස්ටාක් 1/3

හෙට (28) තරගයේ තෙවන දිනයයි.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට

Batsmen Dismissal Runs Balls
Dimuth Karunarathne LBW b Starc 5 12
Kaushal Silva c Voges b Hazelwood 4 25
Kusal Mendis LBW b Hazelwood 8 7
Dinesh Chandimal  c Nevill b Hazelwood 15 54
AD Mathews  c Smith b O’Keefe 15  24 
Dhananjaya De Silva  c Burns b Lyon  24  38
Kusal Janith Perera  b Lyon  20  15
Dilruwan Perera  LBW b Lyon
Rangana Herath  LBW b Starc  10
Lakshan Sandakan  Not Out  19  15
Nuwan Pradeep c Smith b O’Keefe   0
Extras (1) TOTAL  117 (34.2 overs)

Fall of wickets :1-6 (Karunaratne, 4.1 ov), 2-15 (Mendis, 5.3 ov), 3-18 (Silva, 9.1 ov), 4-43 (Mathews, 14.2 ov), 5-67 (Chandimal, 25.6 ov), 6-87 (de Silva, 28.2 ov), 7-87 (MDK Perera, 28.4 ov), 8-94 (MDKJ Perera, 30.2 ov), 9-100 (Herath, 31.6 ov), 10-117 (Pradeep, 34.2 ov)

Bowler Overs Maidens Runs Wickets
Mitchell Starc  11 1 51 2
Josh Hazelwood 10 4 21 3
Steve O’Keefe 10.2 3 32 2
 Nathan Lyon   3 12
Batsmen Dismissal Runs Balls
Joe Burns b Herath 3 15
David Warner b Pradeep 0 5
Usman Khawaja LBW b Herath 26 62
Steve Smith st Chandimal b Herath 30 53
Adam Voges ct Mendis b Pradeep 47 115
Mitchell Marsh b Sandakan 31 63
Peter Neville ct Perera b Herath 2 11
Steve O’Keefe ct Mendis b Sandakan 23 80
Mitchell Starc ct Perera b Sandakan 11  29
Nathan Lyon LBW b Sandakan  17 25
Josh Hazelwood Not Out 2 18
Extras (11) TOTAL  203 (79.2 overs)

Fall of wickets: 1-3 (Warner, 2.2 ov), 2-7 (Burns, 3.6 ov), 3-69 (Smith, 21.2 ov), 4-70 (Khawaja, 23.2 ov), 5-130 (Marsh, 45.4 ov), 6-137 (Nevill, 48.3 ov), 7-160 (Voges, 62.1 ov), 8-179 (Starc, 69.5 ov), 9-190 (O’Keefe, 73.6 ov), 10-203 (Lyon, 79.2 ov)

Bowler Overs Maidens Runs Wickets
Nuwan Pradeep 16 6 36 2
Rangana Herath  25 8 49 4
Dilruwan Perera 14 1 43 0
 Lakshan Sandakan  21.2 58 4
 Angelo Mathews  3 1 6
Batsmen Dismissal Runs Balls
Kusal Janith LBW b Starc 4 5
Kaushal Silva Not Out 2 9
Extras (0) TOTAL 6/1 (2.2 overs)

Fall of wickets: 1-6 (Kusal Janith, 2.2 ov)

Bowler Overs Maidens Runs Wickets
Mitchell Starc 1.2 0 3 1
Josh Hazelwood 1 0 3 0