ක්‍රිකට් පිටියෙන් පාර්ලිමේන්තුවට කරණම් ගැසූ බංග්ලාදේශ සුපිරි තරුව

291

බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක මෂ්රෆි මෝර්ටාසා ක්‍රිකට් පිටියෙන් ඔබ්බට එක් ඉදිරි පියවරක් තබමින් ජනතා සේවය සඳහා සිය කාලය කැප කිරීමට වන සූදානමක් පිළිබඳ පසුගිය දින කිහිපය මුළුල්ලේ දී ම විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ක්ෂණික කෝපය නිසා බැට කෑ පාකිස්තාන පුහුණුකරු

පසුගිය දා දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන් හීදි නිමාව දුටු දකුණු අප්‍රිකාව ….

ඒ බව සනාථ කරමින් දෙසැම්බර් 30 වැනිදාට යෙදී තිබූ 11 වැනි පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් අපේක්ෂා කළ මට්ටමටත් වඩා ඉහළ ජන්ද ප්‍රතිශතයක් දිනා ගනිමින් ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරගැනීමට මෝර්ටාසා සමත් විය.

බංග්ලාදේශ රාජ්‍යය නායිකා ශෙයික් අල් හසීනා මැතිනිය නායකත්වය ලබා දෙන පාලක අවාමි ලීගය නියෝජනය කරමින් තම උපන් ගම් ප්‍රදේශය වන නරාලි – 2 ඡන්ද කොට්ඨාශය සඳහා ඔහු තරග වැදුණු අතර ප්‍රතිවාදී ජටියා ඔයික්යා පෙරමුණේ ඉදිරි පෙළ සාමාජිකයෙකු වන A. Z. M. ෆරිඩුස්සාමන් මහතාට වඩා ඡන්ද 266,412 දිනා ගනිමින් ඉතා පහසු ජයක් අත්කරගැනීමට  මෝර්ටාසා ප්‍රමුඛ අවාමි ලීගයට හැකි විය.

ඔහු විසින් ලද මෙම සුවිශාල ජයග්‍රහණය ඉතිහාසගත වනුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් හිමිකර ගත් දෙවන බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසය. ඔහුට පෙර මෙවැනි හපන්කමක් පෙන්වීමට සමත් වූයේ බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු නායක නයිමූර් රෙහ්මාන් ඩර්ජෝයි මහතාය.

A කණ්ඩායමේ නායකත්වය ප්‍රියංජන්, තරංග සහ දුමිඳුට

එළඹෙන 6 වැනිදා ආරම්භ වන අයර්ලන්ත A – ශ්‍රී ලංකා A නිල….

පසුගිය සතියේ දිනක තම නිල ට්විටර් ගිණුම ඔස්සේ අදහස් පළ කරමින් මෝර්ටාසා මෙසේ පවසා තිබුණි.

“දේශපාලනය කියන්නේ රටක් සංවර්ධනය කරා ගෙනියන්න පුළුවන් ප්‍රධාන අවියක්. එම නිසා නිවැරදි දැක්මක් සහිත දේශපාලනයෙන් තොරව මගේ රට දියුණුව කරා රැගෙන යාම ඉතා අසීරු කාර්යයක් ලෙසයි මම විශ්වාස කරන්නේ. ඉතින් මගේ රටේ සුබසිද්ධිය වෙනුවෙන් මට කරන්න පුළුවන් ඕනෑම දෙයක් දෙපාරක් නොසිතා ඉෂ්ට කරන්න මම බලාපොරොත්තු වෙනවා.”

“එළඹෙන ලෝක කුසලාන තරගාවලිය මගේ ක්‍රිකට් දිවිය පිළිබඳ බොහෝ දුරට තීරණය කරාවී ඉන්පසු මගේ මුළු කාලයම ජනතා සේවය වෙනුවෙන් කැප කරන්නයි අපේක්ෂා කරන්නේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<