කුරේ හෙට මැරතන් තරගයට

110

15 වැනි ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට පැමිණ සිටින මැරතන් ක්‍රීඩක ක්‍රීඩිකා දෙදෙනා අතරින් අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ තම මැරතන් ඉසව්ව සඳහා හෙට (22දා) සහභාගි වීමට නියමිතය.

ඒ අනුව ඉන්ද්‍රජිත් කුරේ තරග වදින මැරතන් ඉසව්ව හෙට ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 5.05ට ආරම්භ වීමට නියමිතය. මෙවර ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ඉන්ද්‍රජිත් කුරේ හා නිලූකා රාජසේකර යන මැරතන් ක්‍රීඩික ක්‍රීඩිකාවන් දෙදෙනා පමණක් ශ්‍රී ලංකාව නියෝජනය කිරීම කැපී පෙනෙන අතර, නිලූකා රාජසේකර ඇයගේ මැරතන් ඉසව්ව සඳහා සහභාගි වන්නේ මේ මස 30දාය. එම කාන්තා මැරතන් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් එදින උදේ 5.00ට ආරම්භ වීමට නියමිතය.