ගෙවුනු දවස ජුනි 29 – දැවැන්ත ලකුණක්; පහසු හඹා යෑමක්

222

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුනු දවස”.

   ක්‍රිකට්   

ශ්‍රී ලංකා සංචිතය වෙනස් වෙයි

Kusal janith out, Amila Aponso in

පාදයේ ආබාධයකට ලක්ව සිටීම නිසා කුසල් ජනිත් පෙරේරා හට සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය අහිමි වන අතර වමත් දඟ පන්දු යවන ක්‍රීඩක අමිල අපෝන්සු තරගාවලියේ ප්‍රථම එක්දින තරග දෙක සඳහා නම් කළ සංචිතයට ඇතුළත් කර ඇත.

පසුගිය දා අවසන් වූ එංගලන්තයේ දී පැවති ශූරයින්ගේ කුසලාන තරගාවලියේ ඉන්දියාව සමඟ පැවති තරගය අතරතුර පාදයේ ආබාධයකට ලක්වූ ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා හට සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ සියලුම තරග අහිමි වනු ඇත.

සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා සංචිතයේ වෙනසක්


චමරිගෙන් 178ක්

SLvAUS Women's Cricket

ICC ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ තවත් උද්වේගකර තරගයක් ඊයේ (29) අවසන් විය. ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පිතිකාරිනියක් වන චමරි අතපත්තු නොදැවී ලකුණු 178ක් වාර්තා කිරීමට සමත් වීම කැපී පෙනෙන සිදුවීමකි.

කෙසේ නමුත් ශ්‍රී ලංකා පිල සියලු දෙනාම දැවී ලකුණු 257ක් වාර්තා කිරීමට සමත් වූ අතර ප්‍රතිවාදීන් ලකුණු 258ක ඉලක්කය, පන්දුවාර 43.5ක දී සපුරා ගත්තේ කඩුලු දෙකක් දැවී ලකුණු 262ක් වාර්තා කරමිනි.

ශ්‍රී ලංකාව 257/9 (50): චමරි අතපත්තු 178, සෂිකලා සිරිවර්ධන 24, එෂානී ලොකුසූරියගේ 13, නිකොල් බෝල්ටන් 18/2, ක්‍රීස්ටීන් බිම්ස් 49/2. එලිස් බෙරි 52/2

ඕස්ට්‍රේලියාව 262/2 (43.5): මැකලේන් 152, නිකෝල් බෝල්ටන් 60, එලීස් බෙරී 39, ශ්‍රීපාලී වීරක්කොඩි 39/1, සෂිකලා සිරිවර්ධන 62/1

සම්පූර්ණ වාර්තාව බලාපොරොත්තු වන්න


   පාපන්දු   

ක්‍රීඩකයින් 30ක සංචිතයක්

Sri Lanka preliminary squad

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 16න් පහළ ආසියානු පාපන්දු ශූරතාවලියට (AFC) සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ක්‍රීඩකයින් 30 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) මඟින් තෝරා ගෙන ඇත.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මඟින් තරගාවලියට ක්‍රීඩකයින් තේරීමේ කටයුතු පසුගිය 17 හා 18 යන දිනයන්වල හී සිටි පාපන්දු සංකීර්ණයේ දී පවත්වන ලදි. ඒ අනුව 17 වන දා උතුරු, නැගෙනහිර, මධ්‍යම සහ උතුරු මැද පළාත්වල තේරීමේ කටයුතු පැවති අතර 18 වන දා පැවතියේ දකුණු හා බස්නාහිර පළාත්වල තේරීම් කටයුතු යි. එම දින දෙකේ දී තෝරා ගත් ක්‍රීඩකයින්ගේ අවසාන තේරීමේ කටයුතු මෙම මස (ජුනි) 24 වන දා පවත්වන ලදි.

සම්පූර්ණ වාර්තාව: 30 දෙනෙකුගේ සංචිතය තෝරා අවසන්

දිනයක අවසානය