ජාතික ක්‍රීඩාවෙන් ආසියාව ජය ගැනීමට බහරේන් යන ශ්‍රී ලංකා යෞවනයන්

155

ආසියානු කනිෂ්ඨ (පිරිමි) වයස අවුරුදු 20න් පහළ වොලිබෝල් තරගාවලිය මෙවර බහරේන් හිදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. තරගාවලිය මෙම මස 21 වැනිදා සිට 28 වැනිදා දක්වා බහරේන් හී අගනුවර වන මනමා නගරයේ දී පැවැත්වේ.

මේ වසරේ දී ශූරතාවය සඳහා රටවල් 24ක් තරග වදින අතර මෙහි ශූරතාවය හා අනුශූරතාවය දිනා ගන්නා කණ්ඩායම් ද්විත්වය ලබන වසරේ පැවැත්වෙන වයස අවුරුදු 21න් පහළ ලෝක ශූරතා තරගාවලිය සඳහා සුදුසුකම් ලබනු ඇත.

විද්‍යාරතන, ද මැසනොද්, පද්මාවතී, කුරුවාමුල්ල හා ලුම්බිණි ශූරතා දිනයි

රාජකීය විද්‍යාලය විසින් 12 වැනි වරටත් සංවිධානය කරන ලද බස්නාහිර පළාත් වොලිබෝල් තරගාවලිය..

තරගාවලියේ මූලික වටය එක් කාණ්ඩයකට කණ්ඩායම් 3 බැගින් කාණ්ඩ 8ක් යටතේ ලීග් ක්‍රමයයට පැවැත්වේ. එක් එක් කාණ්ඩයේ පෙරමුණ ගන්නා කණ්ඩායම් අවසන් වටය සඳහා සුදුසුකම් ලබනු ඇත. ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම C කාණ්ඩය යටතේ කසකස්තානය හා ඕස්ට්‍රේලියාව සමඟ පළමු වටයේ දී තරග වදී. ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පළමු තරගය ලෙස කසකස්තානය සමඟ 21 වැනිදා තරග වදින අතර ඕස්ට්‍රේලියාව සමඟ 22 වැනිදා තරග වදිනු ලැබේ.

ක්‍රීඩකයින් 12දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යොවුන් සංචිතයට නාත්තන්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලයෙන් ක්‍රීඩකයින් 4 දෙනෙකුත්, රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයෙන් ක්‍රීඩකයින් 3දෙනෙකුත් ඇතුලත්ව සිටියි. වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විදුහලෙන් හා සීදූව දවිසමර විදුහලෙන් ක්‍රීඩකයින් 2දෙනෙකු බැගින් ද, මීගමුව මාරිස් ස්ටෙල්ලා විදුහලෙන් ක්‍රීඩකයෙකු ද සංචිතයට ඇතුලත්ව ඇත. මේ වසරේ දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම වෙන්නප්පුව ජෝසප් වාස් විදුහලේ නුවන් ජයලත් විසින් මෙහෙයවනු ලබයි.

ශ්‍රී ලංකා යොවුන් සංචිතය: නායක – නුවන් ජයලත්(වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය), සයුරු ප්‍රනාන්දු (වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය), නුවංග ප්‍රනාන්දු (නාත්තන්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලය), මහේල ඉන්දීවර (නාත්තන්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලය), යොහාන් සනුක (නාත්තන්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලය), මලීෂ ජයවර්ධන (නාත්තන්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලය), විදුර පෙරේරා (රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය), සංක ජයරත්න (රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය), රුචිර ජයතුංග (රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය), පසිඳු සඳරුවන් (සීදූව දවිසමර මහා විද්‍යාලය), සුජිත් සිල්වා (සීදූව දවිසමර මහා විද්‍යාලය), කවීන් සිල්වා (මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය)

නිලධාරීන් – ලලිත් ප්‍රේමලාල් (පුහුණුකරු), ජගත් සේනාධීර (අභ්‍යාසක), තේනුක මලින්ද (කළමනාකරු)

ශ්‍රී ලංකා යොවුන් වොලිබෝල් කණ්ඩායමට මෙම තරගාවලිය ජයග්‍රහණය කර ලබන වසරේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 21න් පහළ ලෝක ශූරතා තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමට ThePapare.com සුබ පතන්නෙමු.

තරගාවලියේ සියලුම පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<