ඩයලොග් දැල්පන්දු ජාතික ශූරතාවයේ පළමු දිනය සාර්ථකව අවසන් වෙයි

Dialog National Netball Championship 2024

252

2024 ඩයලොග් දැල්පන්දු ජාතික ශූරතාව වෙන්නප්පුව ඇල්බට් පීරිස් ක්‍රීඩාංගණයේ දී අද (20) ආරම්භ වුනා.

මෙවර තරගාවලියට කණ්ඩායම 26ක් ඉදිරිපත් වූ අතර, මෙම කණ්ඩායම් කාණ්ඩ 08ක් යටතේ තරගාවලියේ මූලික වටයේ දී තරග වැදුණා. මූලික වටයේ තරග ලීග් ක්‍රමයට පැවැත්වුණු අතර ඒ ඒ කාණ්ඩයන් හි මුල් ස්ථානයට පැමිණි කණ්ඩායම් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් කණ්ඩායම්;

ශ්‍රී ලංකා ගුවන් හමුදාව, හැටන් නැෂනල් බැංකුව, වරාය අධිකාරිය, කළුතර ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා යුද හමුදාව, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය සහ කුරුණෑගල.

අර්ධ අවසන් පූර්ව වටයේ ප්‍රතිඵල මෙසේයි;

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා යුද හමුදාව

ජයග්‍රහණය – ගුවන් හමුදාව (25 – 08)

  • ශ්‍රී ලංකා නාවික හමුදාව හා කුරුණෑගල

ජයග්‍රහණය – නාවික හමුදාව (25 – 08)

  • හැටන් නැෂනල් බැංකුව හා කොතලාවල ආරක්ෂක සේවා විශ්ව විද්‍යාලය

ජයග්‍රහණය – හැටන් නැෂනල් බැංකුව (31 – 07)

  • වරාය අධිකාරි හා කළුතර ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය

ජයග්‍රහණය – වරාය අධිකාරිය (35 – 17)

තරගාවලියේ පළමු දිනයේ තරග අර්ධ අවසන් පූර්ව වටයෙන් අවසන් වූ අතර, තරගාවලියේ අවසන් පූර්ව තරග, තෙවන ස්ථානය තෝරා ගැනීමේ තරගය, අවසන් මහා තරගය සහ සමාප්ති උත්සවය දෙවන දිනය වන හෙට (21) පැවැත්වීමට නියමිතයි.

අවසන් පූර්ව තරග;

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර
  • හැටන් නැෂනල් බැංකුව සහ වරාය අධිකාරිය අතර

මෙම අවසන් පූර්ව තරග හෙට උදෑසන 08.00ට ආරම්භ වීමට නියමිත අතර, තෙවන ස්ථානය සඳහා තරගය පස්වරු 1.00ට සහ අවසන් මහා තරගය පස්වරු 3.30ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

තරගාවලිය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<