Home Sinhala නිල් මහා සටනේ විසඳුමක් නෑ; වැඩි ගෞරවය රාජකීයයින්ට

නිල් මහා සටනේ විසඳුමක් නෑ; වැඩි ගෞරවය රාජකීයයින්ට

රාජකීය - සාන්ත තෝමස් නිල් මහා සංග්‍රාමය 2021

158

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවති 142 වැනි නිල් මහා සටන අද (30) කොළඹ SSC පිටියේ දී නිමා වුනේ ජය පරාජයෙන් තොරවයි.

ඒ අනුව 2019 වසරේ ශූරතාවය දිනා ගත් සාන්ත තෝමස් කණ්ඩායමට නැවත වතාවක් ඩී. එස්. සේනානායක ශූරතා පලිහ ඔවුන් සතුව රඳවා ගැනීමට හැකියාව හිමි වුනා.

පසුගිය 28 වැනිදා ආරම්භ වූ මේ තරගයේ පළමු දිනය සම්පූර්ණයෙන්ම වර්ෂාවට සේදී ගිය අතර තරගයේ තෙවැනි දිනය වූ අද (30) දිනය ආරම්භ වූයේ දහවල් 12ටයි.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

  • රාජකීය විද්‍යාලය – සිනෙත් ජයවර්ධන, ඉසිවර දිසානායක, සදීෂ රාජපක්ෂ, අහන් වික්‍රමසිංහ (නායක), දසිස් මංචනායක, කවිඳු පතිරත්න, සෙහාන් හේරත්, සොනාල් අමරසේකර, ගීශාන් බාලසූරිය, ප්‍රශාන් කල්හාර, ඩෑන් පොඩ්ඩිවෙල
  • සාන්ත තෝමස් විද්‍යාලය – අනුක් පලිහවඩන, රොමේෂ් මෙන්ඩිස්, ශලින් ද මෙල් (නායක), රයන් ප්‍රනාන්දු, සෙනේෂ් හෙට්ටිආරච්චි, තේනුක ලියනගේ, යසිරු රොද්‍රිගෝ, නේතන් කල්දේරා, කැනිස්ටන් ගුණරත්නම්, මහිත් පෙරේරා, රජිඳු තිලකරත්න.

දිනය ආරම්භ වී පන්දු 11ක් තුල සාන්ත තෝමස් පළමු ඉනිමේ අවසන් කඩුල්ල ලෙස රජිඳු තිලකරත්න දැවී ගියා. අවසානයේ සාන්ත තෝමස් පළමු ඉනිම ලකුණු 89කට සීමා වූ අතර එය 2000 වසරට පසුව නිල් මහා සටනක පළමු ඉනිම සඳහා කණ්ඩායමක් ලබා ගත් අඩුම ලකුණු ප්‍රමාණය ද වුනා. පන්දු යැවීමේ දී ගීශාන් බාලසූරිය ලකුණු 37කට කඩුලු 4ක් දවා ගත්තා.

අනතුරුව පිළිතුරු දෙවැනි ඉනිම දියත් කළ රාජකීය විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 121ක් ලබාගෙන ඉනිම අවසන් කළේ ලකුණු 23ක පළමු ඉනිමේ වාසියක් ලබා ගෙනයි. එහි දී රාජකීය ආරම්භක පිතිකරු ඉසිවර දිසානායක ලකුණු 47ක් ලබා ගනිමින් ඔවුන්ගේ ඉනිමේ සහ මේ තරගයේ වැඩිම ලකුණු ලාභියා වුනා.

පන්දු යැවීමේ දී වමතින් වේගපන්දු යවන යසිරු රොද්‍රිගෝ කඩුලු 2ක් දවා ගත්තේ පිතිකරණයෙන් ලබා ගත් නොදැවුණු ලකුණු 30ට අමතරවයි.

තේ පානයෙන් පසුව පිළිතුරු දෙවැනි ඉනිම දියත් කළ සාන්ත තෝමස් විද්‍යාලය කඩුල්ලක් දැවී ලකුණු 32ක් ලබාගෙන සිටිය දී තරගය අයහපත් ආලෝක තත්වය නිසා නවතා දැමුණා.

ලකුණු සාරාංශය,

සාන්ත තෝමස් පළමු ඉනිම – 89 (48.5): යසිරු රොද්‍රිගෝ 30, ගීශාන් බාලසූරිය 4/47, සොනල් අමරසේකර 3/06.

රාජකීය පළමු ඉනිම – 121/4d: ඉසිවර දිසානායක 47, අහන් වික්‍රමසිංහ 26, යසිරු රොද්‍රිගෝ 2/32.

සාන්ත තෝමස් විද්‍යාලය – 32/1 (13): ශලින් ද මෙල් 20*

  • තරගයේ වීරයා – සොනාල් අමරසේකර (රාජකීය විද්‍යාලය)
  • දක්ෂතම පන්දු යවන්නා – ගීශාන් බාලසූරිය (රාජකීය විද්‍යාලය)
  • දක්ෂතම පිතිකරු – ඉසිවර දිසානායක (රාජකීය විද්‍යාලය)
  • දක්ෂතම පන්දු රකින්නා – සිනෙත් ජයවර්ධන (රාජකීය විද්‍යාලය)

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<


Result

Match drawn

Royal College
112/4 (21.5)

S. Thomas’ College
89/10 (48.5) & 32/1 (13)

Batsmen R B 4s 6s SR
Anuk Palihawadana lbw b Dan Poddiwela 7 37 0 0 18.92
Romesh Mendis lbw b Sonal Amarasekara 0 4 0 0 0.00
Shalin De Mel lbw b Sonal Amarasekara 1 8 0 0 12.50
Ryan Fernando c Sadisha Rajapaksha b Sonal Amarasekara 0 3 0 0 0.00
Shenesh Hettiarachchi lbw b Kavindu Pathirathna 1 3 0 0 33.33
Caniston Gunathan c Ahan Wickramasinghe b Gishan Balasuriya 12 29 0 0 41.38
Nathan Caldera c Kavindu Pathirathna b Gishan Balasuriya 9 19 1 0 47.37
Thenuka Liyanagae c Sineth Jayawardena b Gishan Balasuriya 0 7 0 0 0.00
Yasiru Rodrigo not out 30 95 2 0 31.58
Mahith Perera b Gishan Balasuriya 22 64 1 0 34.38
Rajindo Thilakarathna c Dasis Manchanayake b Kavindu Pathirathna 0 19 0 0 0.00


Extras 7 (b 4 , lb 0 , nb 1, w 2, pen 0)
Total 89/10 (48.5 Overs, RR: 1.82)
Fall of Wickets 1-4 (1.4) Romesh Mendis, 2-6 (3.4) Shalin De Mel, 3-8 (5.1) Ryan Fernando, 4-9 (6.1) Shenesh Hettiarachchi, 5-21 (11.4) Anuk Palihawadana, 6-31 (16.4) Caniston Gunathan, 7-32 (18.1) Nathan Caldera, 8-35 (19) Thenuka Liyanagae, 9-73 (40.1) Mahith Perera,

Bowling O M R W Econ
Kavindu Pathirathna 9.5 1 17 2 1.79
Sonal Amarasekara 10 6 8 3 0.80
Dan Poddiwela 5 1 12 1 2.40
Gishan Balasuriya 16 4 39 4 2.44
Prashan Silva 7 2 9 0 1.29
Dasis Manchanayake 1 1 0 0 0.00
Batsmen R B 4s 6s SR
Sineth Jayawardena c Thenuka Liyanagae b Nathan Caldera 18 32 0 0 56.25
Isiwara Dissanayake b Rajindo Thilakarathna 47 65 3 0 72.31
Ahan Wickramasinghe b Yasiru Rodrigo 26 30 2 0 86.67
Sadisha Rajapaksha lbw b Yasiru Rodrigo 7 4 0 0 175.00
Kavindu Pathirathna not out 3 5 0 0 60.00
Sonal Amarasekara not out 1 1 0 0 100.00


Extras 10 (b 0 , lb 2 , nb 6, w 2, pen 0)
Total 112/4 (21.5 Overs, RR: 5.13)
Fall of Wickets 1-40 (10.3) Sineth Jayawardena,

Bowling O M R W Econ
Yasiru Rodrigo 7.5 0 32 2 4.27
Caniston Gunathan 4 0 26 0 6.50
Anuk Palihawadana 4 0 8 0 2.00
Nathan Caldera 3 0 21 1 7.00
Shalin De Mel 1 0 9 0 9.00
Rajindo Thilakarathna 2 0 14 1 7.00


Batsmen R B 4s 6s SR
Anuk Palihawadana not out 12 43 1 0 27.91
Romesh Mendis b Sonal Amarasekara 0 6 0 0 0.00
Shalin De Mel not out 20 29 1 1 68.97


Extras 0 (b 0 , lb 0 , nb 0, w 0, pen 0)
Total 32/1 (13 Overs, RR: 2.46)
Bowling O M R W Econ
Kavindu Pathirathna 3 2 3 0 1.00
Sonal Amarasekara 5 1 15 1 3.00
Gishan Balasuriya 4 2 11 0 2.75
Dan Poddiwela 1 0 3 0 3.00