පෘතුවි, යුගීෂ අර්ධ ශතක රැස්කරයි; කැළණි සටන ජය පරාජයෙන් තොරයි

271

කැළණිය ගුරුකුල විද්‍යාලය හා කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය අතර පැවැත්වූ “30 වැනි කැළණි මහා සටන” අද (28) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී නිමා දුටුවේ ජය පරාජයෙන් තොරවයි.

ඊයේ (27) දිනයේ දී උරගා බැලූ කාසියේ වාසිය දිනා ගැනීමට සමත් වූයේ 2017/18 පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු පෙළ කණ්ඩායම් සමඟ තරග වදින ගුරුකුල විද්‍යාලය යි.

දුලාජ්ගේ අර්ධ ශතකය සමඟින් එක්දින තරගයේ ජය ධර්මරාජයට

මහනුවර ධර්මරාජ විද්‍යාලය හා මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය අතර පැවැත්වූ 112 වන සීමිත…

ගුරුකුල විද්‍යාලයේ ආරාධනය අනුව පළමුව පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි ධර්මාලෝක විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 107ක් රැස්කර ගත්තේය. එහි දී ධර්මාලෝක විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් මාධව කවිඳු ලකුණු 39කට දැවී යන ලදි. පන්දු යැවීමේ දී යුශාන් මලිත් ලකුණු 14ක් තුළ කඩුලු 4ක් දවා ගන්නා ලදි.

සිය පිළිතුරු පළමු ඉනිම දියත් කළ ගුරුකුල විද්‍යාලය ධර්මාලෝක විද්‍යාල පළමු ඉනිම අබිබවා යමින් ලකුණු 169ක් ලබා ගත්තේය. එහි දී ගුරුකුල ඉනිම් වර්ණවත් කළ පෘතුවි රූසර කෙත්තාරාම ක්‍රීඩා පිටියට රැස්ව සිටි ගුරුකුල ප්‍රේක්ෂකයින්ගේ අත්පොළසන් නාදය මැදින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කර ගන්නා ලදි. ඔහු ලකුණු 78කට දැවී ගිය පසුව පිටියට පිවිසි පිතිකරුවන් හට වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට යුගිෂ ඩිල්ශාන් (4/49) අවසර ලබා දුන්නේ නැත.

ගුරුකුල විද්‍යාලයට සාපේක්ෂව ධර්මාලෝක විද්‍යාලය යම් පීඩනයකට හසු වූයේ ලකුණු 62ක පළමු ඉනිමේ අවාසියක් සමඟින් පිටියට පිවිසීමට සිදුවීම නිසාවෙනි. නමුත් එම පීඩනය නිසාමදෝ ඔවුන්ගේ පළමු ඉනිමට සාපේක්ෂව යම් ලකුණු මට්ටමක් ඔවුන්ගේ දෙවන ඉනිමට ඉදිරියෙන් සටහන් කිරීමට ඔවුන්ගේ පිතිකරුවන් සමත් විය.

රුහුණු – මායා රන් සිංහයෝ මාතර දී සටනට පිවිසෙති

මාතර රාහුල විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර 7 වැනි වරටත් පැවැත්වෙන…

යුගිෂ ඩිල්ශාන් දැකුම්කළු පිතිකරණයක නිරත වෙමින් ලකුණු 70කට දැවී ගිය පසුව පිටියට පිවිසි මාධව කවිඳු ලකුණු 42ක් ලබාගෙන නැවතත් ලකුණු අතරට පිවිසියේය. යුශාන් මලිත් කඩුලු 4යි.

ලකුණු 118ක ඉලක්කයක් හඹා ගිය ගුරුකුල විද්‍යාලයට තරගයේ දෙවන හා අවසන් දිනය අවසානයේ කඩුලු 4ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 68ක් පමණි. මලිඳු විදුරංග ලකුණු 29යි. අවසානයේ තරගය ජය පරාජයෙන් තොරව නිමවා දිටීය.

ශ්‍රී ධර්මාලෝක විද්‍යාල පළමු ඉනිම – 107 (39.3): මාධව කවිඳු 39, යුගිෂ ඩිල්ශාන් 26, නිමල්ක විදුරංග 21, යුශාන් මලිත් 4/14, ලසිඳු අරෝෂ 2/02, පෘතුවි රූසර 2//32.

ගුරුකුල විද්‍යාල පළමු ඉනිම – 169 (42.5): පෘතුවි රූසර 78, ප්‍රවීන් නිමේෂ් 27, කෙමිර නයනතරු 21, යුගිෂ ඩිල්ශාන් 4/49, මාධව කවිඳු 3/48.

ශ්‍රී ධර්මාලෝක විද්‍යාල දෙවන ඉනිම – 179 (66.5): යුගිෂ ඩිල්ශාන් 70, මාධව කවිඳු 42, යුශාන් මලිත් 4/35,

ගුරුකුල විද්‍යාල දෙවන ඉනිම – 68/4 (22): මලිඳු විදුරංග 29, ලසිඳු අරෝෂ 21, යසින්ත යොහාන් 2/16.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<