දුලාජ්ගේ අර්ධ ශතකය සමඟින් එක්දින තරගයේ ජය ධර්මරාජයට

1264
28th Hill Country One Day Encounter

මහනුවර ධර්මරාජ විද්‍යාලය හා මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය අතර පැවැත්වූ 112 වන සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය අද (25) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමාව දුටුවේ ධර්මරාජ විද්‍යාලය ලකුණු 5කින් ජයග්‍රහණය හිමි කර ගනිමිනි.

ටී. බී. තෙන්නකෝන් කුසලානය ලේක්වීව් කන්දට; ප්‍රථම ඉනිමේ ජය කිංග්ස්වුඩ්ට

මහනුවර ධර්මරාජ විද්‍යාලය හා මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය අතර 112 වැනි වරටත් පැවැත්වූ සුලෝහිත සංග්‍රාමය ජය පරාජයෙන් තොරව අවසන් ………..

කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමය නමින් හැදින්වෙන මෙම මහා ක්‍රිකට් තරගයේ කාසිය වාසිය දිනාගත් ධර්මරාජ විද්‍යාලයීය නායක බවන්ත උඩන්ගමුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

ධර්මරාජ විද්‍යාලය වෙනුවෙන් ප්‍රථමයෙන් පිටියට පිවිසියේ සචින්ත සේනානායක සමඟින් කසුන් ගුණවර්ධන ය. ඔවුන්ගේ ආරම්භක කඩුල්ලේ සබඳතාවය ලකුණු 41ක් දක්වා වර්ධනය වූ අතර එම ශක්තිමත් සබඳතාවය නිමා කිරීමට උත්පල ජයලත් සමත් වූයේ ලකුණු 13ක් ලබා සිටි කසුන් ගුණවර්ධන දවා ගනිමිනි.

එසේම ලකුණු පුවරුවට තවත් ලකුණු 4ක් එකතු වන විට සචින්ත දිසානායක ද ක්‍රීඩාගාරයට හරවා යැවීමට උත්පල ජයලත් සමත් විය. ඔහු දැවී යන විට ලකුණු 26ක් ලබා සිටියේ හතරේ පහර 5ක් සමඟිනි.

අනතුරුව දුලාජ් බණ්ඩාර සමඟින් පිටියට එක්වූ  ඉසුරු දනංජය, කඩුලු 2ක් ලකුණු 45ක් තුල බිඳ වැටීමෙන් අනතුරුව ලකුණු 60ක සවිමත් සබඳතාවක් ගොඩනැගීමට සමත් විය. කෙසේ වෙතත් ලකුණු 20ක් ලබා සිටි ඉසුරුගේ ඉනිම නිමා කිරීමට සෞම්‍ය පියසේන සමත් විය.

වාර්තා අලුත් කරමින් බෝයගොඩ ලබාගත් ශතකය නිසා ජය ත්‍රිත්වයට

මහනුවර සුප්‍රසිද්ධ පාසල් ද්විත්වයක් වන ත්‍රිත්ව විද්‍යාලය හා සාන්ත අන්තෝනි විද්‍යාලය අතර පැවැත්වූ..

එම දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසියේ ධර්මරාජ කණ්ඩායම් නායක බවන්ත උඩන්ගමුවයි. විශිෂ්ට ලෙස පන්දුවට පහර දෙමින් සිටි මොවුන් දෙදෙනාගේ සබඳතාවය අවසන් කිරීමට නායක ගනිදු කඹුරුගමුව සමත් වූයේ හර්ෂණ වික්‍රමසිංහ ලබාගත් දක්ෂ උඩපන්දුවක් හේතුවෙනි.

කණ්ඩායමට අවශ්‍යම මොහොතේ දී ක්‍රියාත්මක වී ඉතා සටන්කාමී ඉනිමක් දියත් කරමින් අර්ධ ශතකයක් ලබා ගැනීමට දුලාජ් බණ්ඩාර සමත් විය. පිටිය සිසාරා පහර එල්ල කරමින් ඉතා ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළ ඔහුගේ ඉනිම නිමා කිරීමට සෞම්‍ය පියසේන සමත් වූයේ හර්ෂණ ලබාගත් උඩපන්දුවක් හේතුවෙනි.

මුලු ලකුණු තත්වය 204ක් වන විට ධර්මරාජ ඉනිමේ 6 වැනි කඩුල්ල ද බිඳ වැටුණි. ලකුණු 31ක් ලබා සිටි මිතිල ගයාෂාන් උත්පලගේ පන්දුවක් හමුවේ පිටියෙන් ඉවත් විය.

එසේම ධර්මරාජ ඉනිමේ අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවේ දී 7 වන කඩුල්ල ලෙස විරාජිත් ඇහැළේපොළ දැවී ගිය අතර ඒ අනුව ධර්මරාජ ක්‍රීඩකයන් හට පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 214ක් පමණි.

ලකුණු 215ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා කිංග්ස්වුඩ් කණ්ඩායම වෙනුවෙන්  ප්‍රථමයෙන් පිටියට පිවිසියේ දුමිඳු දමිෂ්ක හා හෂික ගමගේ ය. දුමිඳු හා හෂික ආරම්භක සබඳතාවය ලකුණු 41ක් දක්වා රැගෙන ගිය අතර මිතිල ගයාෂාන් එල්ල කළ පන්දුවකට ලකුණු 29ක් ලබා සිටි හෂිකගේ ඉණිම නිමා විය.

පළමු කඩුල්ලෙන් අනතුරුව දුමිඳු දමිෂ්ක සමඟ එක්වූ දනංජය මදුරංග හතරේ පහර කිහිපයකින් ඉනිම වර්ණවත් කළ අතර ඔවුන් ලකුණු 45ක අගනා සබඳතාවක් ද ගොඩනගා ගැනීමට සමත් විය. කෙසේ නමුත් එම සබඳතාවයට තිත තබමින් ලකුණු 30ක් ලබා සිටි ආරම්භක පිතිකරු දුමිඳුගේ ඉනිම නිමාවට පත්විය. එවිට මුලු ලකුණු තත්වය කඩුලු 2ක් දැවී ලකුණු 87ක් ලෙස සටහන් වී තිබුණි.

ඩැනියෙල් සහ ඩැනියෙල් ඩාර්ලි පාරට ශූරතාව රැගෙන යයි

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හා බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර 44 වැනි වරටත් …….

එම දැවී යාමෙන් අනතුරුව නායක ගනිදු කඹුරුපිටිය, දනංජය සමඟ එක්වූවත් ඔවුන් දෙදෙනාට ඉහළ සබඳතාවයක් ගොඩනැංවීමට ධර්මරාජ පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැත. ලකුණු 21ක් ලබා සිටි දනංජය, නවිදු දිල්ෂාන්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.

ඉන් අනතුරුව පිටියේ රැඳී සිටි නායක ගනිඳු හා සෞම්‍ය ධර්මරාජ පන්දු යවන්නන් මෙල්ල කරමින් ලකුණු 43ක විශිෂ්ට සබඳතාවක් ගොඩනගමින් ජයග්‍රහණයේ මාවත විවර කර දුන්න ද, එම සබඳතාවය අවසන් කරමින් නායක ගනිදු කඹුරුපිටිය දවා ගැනීමට විරාජිත් ඇහැළේපොළට හැකි විය. එවිට මුලු ලකුණු තත්වය කඩුලු 4ක් දැවී ලකුණු 145ක් විය.

එම දැවී යාමෙන් අනතුරුව කඩුලු එක පිට එක දැවී යමින් නැවතත් තරගය ධර්මරාජය දෙසට දෝලනය වන අයුරු දැකිය හැකි විය. ධර්මරාජ පන්දු යවන්නන් නිවැරදි එල්ලයක් ඔස්සේ පන්දුව පතිත කිරීම නිසා 5 වැනි, 6 වැනි හා 7 වැනි කඩුල්ල ද ඉතා ඉක්මනින් බිඳ වැටුණි.

ධර්මරාජ පන්දු යවන්නට හිසරදයක් වෙමින් පන්දුවට පහර දෙමින් සිටි සෞම්‍ය පියසේන 6 වැනි කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 24ක් ලබා සිටිය දීයි.

අනතුරුව හර්ෂණ වික්‍රමසිංහ හා දීගායු බණ්ඩාර නැවතත් තරගය කිංග්ස්වුඩ් දෙසට රැගෙන යාමේ උත්සාහයක නිරත විය. ඒ 8 වැනි කඩුල්ලට ඔවුන් දෙදෙනා ලකුණු 27 සබඳතාවයක් ගොඩනගමිනි. නමුත් අවාසනාවකට හර්ෂණ දුවද්දී දැවී යාමකට ලක් විය. එවිට මුලු ලකුණු තත්වය කඩුලු 8ක් දැවී ලකුණු 194ක් විය.

තරගය වඩාත් උණුසුම් වූයේ 9 වැනි කඩුල්ල ලෙස උත්පල ජයලත් දුවද්දී දැවී යාමකට ලක්වීම හේතුවෙන් තරගය දෙපිලටම ජයග්‍රහණය කිරීමට අවස්ථාවක් උදා වීම නිසාවෙනි. කෙසේ නමුත් නවිදු දිල්ෂාන්ගේ පන්දුවක් හමුවේ ලක්මාල් සිල්වා දැවී යාමත් සමඟ තරගය ලකුණු 5කින් ජයග්‍රහණය කිරීමට ධර්මරාජය සමත් විය.

ධර්මරාජ විද්‍යාලය: 214/7 (50) දුලාජ් බණ්ඩාර 67, මිතිල ගයාෂාන් 31, සචින්ත සේනානායක 26, උත්පල ජයලත් 3/40,සෞම්‍ය පියසේන 47/2

කිංග්ස්වුඩ් විද්‍යාලය;209/10 (48.1) ගනිදු කඹුරුපිටිය 33, දුමිදු දශ්මික 30, දිගායු බණ්ඩාර 25*, නවිදු දිල්ෂාන් 32/2,  යසිදු සමරරත්න 2/13,උපේන්ද්‍ර වර්ණකුසූරිය 35/2

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<