Warner ආයෙත් නායකත්වයට සිහින දකී

3031

පන්දුව පළුදු කිරීමේ වරදට හසුවීම නිසා ඕස්ට්‍රේලියා ආරම්භක පිතිකරු David Warnerට ජීවිතාන්තය දක්වා පනවා තිබූ නායකත්ව තහනමට එරෙහිව අයැදුම් කිරීමට අවස්ථාවක් ලබා දීමට ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඕස්ට්‍රේලියා ක්‍රිකට් බලධාරීන් පසුගිය දා පැවති රැස්වීමකින් අනතුරුව ක්‍රීඩකයින්ට බලපාන ආචාර ධර්ම වෙනස් කර ඔවුන්ට පනවා ඇති දීර්ඝ කාලීන සම්බාධකවලට එරෙහිව අයැදුම් කිරීමට අවස්ථාවක් සලසන බව නිවේදනයක් නිකුත් කරමින් ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබුණා.

“ඕනෑම අයදුම්පත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බැලීමට කටයුතු කරනවා. යම් සම්බාධකයක් වෙනස් කිරීමට නම් එයට සාධාරණයක් තිබෙන බවට තහවුරු විය යුතුයි.

එම සම්බාධක සලකා බැලීමේ දී එය පැනවූ ක්‍රීඩකයා එය පැනවීම පිළිබඳව පසුතැවීමට පත් වෙනවා ද යන්න සහ ඔහුගේ එය පැනවීමට පෙර සහ පසු හැසිරීම පිළිබඳව සලකා බලයි.

එමෙන්ම එය සඳහා පුනරුත්තාපන කාලයක් පනවා ඇත්නම් එය පැනවීමෙන් පසුව ගත වූ කාලය සහ එය වෙනස් කිරීමට හෝ ප්‍රතිසංස්කරණය සඳහා ඉඩ දීමට ප්‍රමාණවත් කාලයක් ගතව ඇති ද, යන්න ද මෙහි දී සලකා බලයි.

එමෙන්ම ක්‍රීඩකයාට හෝ පිරිසට පුනරුත්තාපනයට හෝ ප්‍රතිසංස්කරණයට අවස්ථාවක් ඇති බව පිළිගන්නා අතර ඔවුන්ට ඔවුන් මීට පෙර දැරූ තනතුරු දැරීමට අවස්ථාවක් ලබා දීමට අදහස් කරනවා,” යැයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වුනා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<