දමිතගේ පන්දු යැවීම මලියදේවයට ජය ගෙනෙයි

227

වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් සුහද දෙදින තරග ද්විත්වයක් අද (17) පැවැත්වුනා.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාල ක්‍රීඩකයින් සිය සත්කාරක බිමේ දී පරදවමින් කඩුලු හයක ජයක් ලබා ගැනීමට කුරුණෑගල මලියදේව ක්‍රීඩකයින් සමත් වුනා.

මලියදේව වෙනුවෙන් අද දිනයේ දී ගයන වීරසිංහ (55) සහ උෂාන් බිම්සර (52) අර්ධ ශතක ලබා ගැනීමට සමත් වූ අතර දිමත් අබේසිංහ ධර්මාශෝක විද්‍යාලයේ දෙවැනි ඉනිමේ කඩුලු හයක් දවා ගත්තා.

මලියදේව ක්‍රීඩකයින්ට ජයග්‍රහණය සඳහා හිමි වූ ලකුණු 99ක ඉලක්කය පන්දුවාර 10.2ක් අවසානයේ සපුරා ගැනීමට ඔවුන්ට හැකි වූ අතර තරගයට පුරාවට දමිත අබේසිංහ කඩුලු 11ක් දවා ගන්නට සමත් වුනා.

අද දිනයේ ආරම්භ වූ කඳාන ද මැසනඩ් විද්‍යාලය සහ කුරුණෑගල සාන්ත ඇන්නීස් කණ්ඩායම අතර තරගයේ පළමු දිනය අවසන් වන විට මැසනඩ් ක්‍රීඩකයින් කඩුලු නවයක් දැවී ලකුණු 295ක් ලබා සිටියා.

මැසනඩ් ඉනිම ශක්‍තිමත් කරමින් හසින්ත දසුන්ප්‍රිය ලකුණු 68ක් ලබා ගැනීමට සමත් වෙද්දී, සිතුම් ප්‍රනාන්දු ලකුණු 48ක් සහ තරින් සංකෙත් ලකුණු 36ක් ලබා ගත්තා.

ධර්මාශෝක විද්‍යාලය සහ මලියදේව විද්‍යාලය

ධර්මාශෝක විද්‍යාල පළමු ඉනිම – 130 (44.4): රන්දුල් සමරහේවා 58, චානුක ද සිල්වා 26*, දිමත් අබේසිංහ 5/30, හරසර සිල්වා 3/05.

ධර්මාශෝක විද්‍යාල දෙවැනි ඉනිම – 140 (45.3): මනස ද සිල්වා 43, සෙනිත හැළඹගේ 26, ආකේෂ් මෙන්ඩිස් 24, දිමත් අබේසිංහ 6/37, තවීෂ බාලසූරිය 2/36, චාරුක හේරත් 2/38.

මලියදේව විද්‍යාල පළමු ඉනිම – 172 (44.3): ගයන වීරසිංහ 55, උෂාන් බිම්සර 52, චාරුක හේරත් 31, අමිල් අගස්ති 3/33, චානක ජනංග 3/37

මලියදේව විද්‍යාල දෙවැනි ඉනිම – 99/6 (10.2): පසිඳු මේනක 32, පැතුම් මලිත 2/19

මලියදේව විද්‍යාලයට කඩුලු 4ක ජයක්.


කඳාන ද මැසනඩ් විද්‍යාලය සහ කුරුණෑගල සාන්ත ඇන්නීස් වීද්‍යාලය

ද මැසනඩ් විද්‍යාලය – 295/9 (99): හසින්ත දසුන්ප්‍රිය 68, සිතුම් ප්‍රනාන්දු 48, තරින් සන්කෙත් 36, නේෂාන් ඩයස් 27, ආදිත්‍ය නිර්වාන් 3/36, කෙවින් ශිවන්ත 3/46, මාන් මුසල්මිල් 2/82.

පළමු දිනට තරගය අවසන්

තරගාවලියේ සියලුම තොරතුරු දැනගැනීමට ThePapare.com සමඟ රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<