ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන තරගාවලියේ ප්‍රවේශපත් තොරතුරු

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

395

සංචාරක ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා ප්‍රවේශපත් නිකුත් කරන දින සහ ස්ථාන පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත එම තරගාවලියේ ප්‍රවේශපත් මෙම මස 22 වැනිදා සිට ප්‍රේක්ෂකයින්ට ලබා ගැනීමට හැකි.

ප්‍රවේශපත් ලබා ගත හැකි ස්ථාන,

VENUE DAYS OPENING TIMES
SLC Headquarters, Colombo All Days 09.00 AM to 05.00 PM
Pallekele International Cricket Stadium Non-Match Days 09.00 AM to 05.00 PM
Abitha Ground, Balagolla Match Days 09.00 AM to 06.00 PM

මෙම තරගාවලිය සඳහා ප්‍රවේශපත් රුපියල් 500, 2000, 4000 සහ 5000 යන කාණ්ඩ යටතේ ප්‍රේක්ෂකයින්ට මිල දී ගැනීමට හැකි.

තරග තුනකින් යුත් මෙම එක්දින තරගාවලියේ පළමු තරගය නොවැම්බර් 25 වැනිදා පැවැත්වීමට නියමිත අතර අනෙක් තරග පිළිවෙළින් නොවැම්බර 27 සහ 30 දිනවල දී  පැවැත්වෙනු ඇත.

තරගාවලියේ සියලු පුවත් එසැණින් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<