​ඉන්දු – එංගලන්ත ගැටුම ලිහන්න ICCයට භාර දෙයි

950

ඉන්දියාව හා එංගලන්තය අතර පැවැත්වීමට නියමිතව තිබූ පස්වැනි ටෙස්ට් තරගය COVID-19 වයිරසය හේතුවෙන් අතහැර දමන්නට සිදු වුනා. 

ඉන්දු – එංගලන්ත ටෙස්ට් තරගාවලියේ ජයග්‍රාහකයින් කවුරුන් දැයි, මෙම තරගයෙන් තීරණය වන්නට නියමිතව තිබුණු අතර ඒ නිසාම මේ තරගය කණ්ඩායම් දෙකටම ඉතා වැදගත් වුනා. අවසන් තරගයේ ප්‍රතිඵලය ගැන තීරණයක් ගැනීම සඳහා එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය ICCයෙන් උපකාර ඉල්ලා තිබෙනවා.

පසුගිය සිකුරාදා තෙවැනි ටෙස්ට් තරගය ආරම්භ වීමට නියමිතව තිබුණු අතර තරගයේ පළමු දිනය ආරම්භ ඇරඹීමට පැය තුනක් තිබිය දී තරගය අතහැර දමන්නට බලධාරීන් පියවර ගත්තා. ඒ ඉන්දියානු කණ්ඩායමේ සාමාජිකයින් අතර COVID-19 වයිරසය පැතිර යාම නිසයි. මේ වන විට ඉන්දීය කණ්ඩායමේ පුහුණුකාර්ය මණ්ඩලයේ සිව්දෙනෙක්ට COVID-19 ආසාදනය වී තිබෙනවා.

ලබන වසරේ එංගලන්ත වසන්ත කාල රාමුවට ඉතිරි ටෙස්ට් තරගය රැගෙන යෑමටත් යෝජනාවක් පැමිණ තිබෙනවා. කෙසේ වෙතත් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරි Tom Harrison පවසා තිබෙන්නේ එසේ ටෙස්ට් තරගය ලබන වසරට රැගෙන ගියහොත් එය වෙනත් තරගාවලියක් ලෙස සැලකෙන බවයි. 

එසේ වුවහොත් එම තරගය ලෝක ටෙස්ට් ශුරතාවයේ තරගාවලියක් ලෙස නොසැලකෙන බවත් ඔහු පවසා තිබුණා. එම නිසා මෙම තරගය පිළිබඳව තීරණයක් ගැනීමට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය ICCයේ උපදෙස් බලාපොරොත්තු වෙනවා.

Cricbuzz වාර්තා කරන අන්දමට මේ තරගය පිළිබඳව ICCයේ ආරවුල් විසඳීමේ කමිටුව (Dispute Resolution Committee) සමඟ සාකච්ඡා කිරීමට නියමිතයි. තරගය ඉන්දියාව අතහැර ගියා සේ සලකා තරගාවලිය 2-2ක් ලෙස සම කිරීමට හෝ අවසන් තරගය අතර දමමින් තරගාවලිය තරග 2-1ක් ලෙස ඉන්දියාව ජය ගත් බවට පිළිගැනීමට මෙහි දී ඉඩ තිබෙනවා.

 

කෙසේ වෙතත් එසේ තරගාවලියේ ජය ඉන්දියාවට හිමි වුණුහොත් ලෝක ටෙස්ට් ශූරතාවයේ එම තරගාවලියට හිමි ලකුණු කණ්ඩායම් දෙකට ප්‍රතිශතයක් ලෙස බෙදා දීමට නියමිතයි. 

COVID තත්වය පිළිබඳ ද සැලකිල්ලට ගනිමින් ICCයේ DRC කමිටුව මෙම තීරණය ගැනීමට නියමිතයි. COVID-19 නිසා බලපෑමක් වේ නම් යම් කණ්ඩායමකට තරගයක් ක්‍රීඩා නොකිරීමට ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ඉඩකඩ ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් එම තත්වයන් පිළිබඳ පසුවිපරමක් කර බැලීම ආරවුල් විසඳීමේ කමිටුවේ වගකීමයි. 

කෙසේ වෙතත් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ  ප්‍රධාන විධායක නිලධාරි Tom Harrison පවසා තිබෙන්නේ මෙම තරගය අතහැර දැමීම COVID-19 නිසා සිදුවූවක් බවට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය නොසලකන බවයි. 

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන අන්දමට ඉන්දීය කණ්ඩයමේ ක්‍රීඩකයින් 20 දෙනා අතර COVID-19 ව්‍යාප්ත වී තිබුණේ නැහැ. Harrison පවසා සිටියේ මානසික තත්වය හා ක්‍රීඩකයින්ගේ සුබසාධනය තරගය අතහැර දැමීමට හේතු වූ බවයි.

මෙම තීරණය මුදල් අතින් මෙන්ම ලෝක ටෙස්ට් ශූරතාවයේ ලකුණු අතින් ද කණ්ඩායම්  දෙකටම වැදගත් වෙනවා. COVID නිසා තරගය අවලංගු වූයේ යැයි තීරණය වුවහොත් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයට පවුම් මිලියන 40ක පමණ පාඩුවක් සිදු වන බව ද වාර්තා වෙනවා. 

ඉන්දියාව තරගය අතහැරියා සේ සැලකුවහොත්, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයට යම්කිසි මුදලක් ගෙවීමට සිදු වෙනවා. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ රක්ෂණ මුදල් භාවිතා කරමින් ප්‍රවේශපත්‍ර සඳහා පවුම් මිලියන 10ක්, ක්‍රීඩකයින්ට සත්කාර කිරීම සඳහා වැය වුණු මුදල් ද එලෙස යළි ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. 

කෙසේ වෙතත් මෙම රක්ෂණය යටතේ COVID නිසා තරග අතහැර දැමීමක් සඳහා මුදල් ලබා දෙන්නේ නැහැ.

Cricbuzz ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<