කල් දැමුණු නිල් මහා සටනට දින තීන්දුයි

142වන රාජකීය - සාන්ත තෝමස් නිල් මහා සටන

308
142nd Royal-Thomian ‘Battle of the Blues

COVID-19 වයිරසයේ බලපෑම නිසාවෙන් දෙවරක් කල් දැමීමට සිදු වුනු 142 වැනි රාජකීය – සාන්ත තෝමස් නිල් මහා සටන එළඹෙන සැප්තැම්බර් 9, 10 සහ 11 තෙදින පුරාවට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට එහි සංවිධායක කමිටුව සැලසුම් සකස් කරමින් සිටිනවා. 

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් පසුගිය මාර්තු සහ මැයි මාසයේ දී මේ 142 වැනි රාජකීය – සාන්ත තෝමස් නිල් මහා සටන පැවැත්වීමට හැකියාවක් ලැබුණේ නැහැ. යම් යම් සීමාවලට යටත්ව කිසිදු ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව තරගාවලිය පැවැත්වීමට එම කමිටුව සැලසුම් සකස් කරමින් සිටින අතර, ඒ සඳහා අවසර ඉල්ලමින් ඔවුන් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලිපියක් ද යොමු කර තිබෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නියෝග කර ඇති මාර්ගෝපදේශ මෙන්ම ක්‍රීඩා කරන තත්වයන් පිළිබඳ වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියාමනයන්ට ද යටත්ව සංග්‍රාමය පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු ඔවුන් විසින් සූදානම් කරමින් සිටිනවා.

රාජකීය-සාන්ත තෝමස් මහා තරගයට වසර 142ක් පුරා විහිදුණු වර්ණවත් ඉතිහාසයක් හිමි වෙනවා. ලොව දීර්ඝතම කාලයක් අඛණ්ඩව පැවති ක්‍රිකට් තරගාවලි අතර මෙය දෙවැනි වන්නේ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හී සාන්ත පීතර විදුහල හා ප්‍රින්ස් ඇල්ෆ්‍රඩ් විදුහල අතර පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් තරගයට පමණයි. එය ඇරඹී ඇත්තේ රාජකීය-සාන්ත තෝමස් තරගය ආරම්භ වීමට වසරකට පෙරයි. 

ඉතිහාසයේ පළමු වරට කොළඹින් බැහැර ක්‍රීඩාංගණයක දී මෙවර නිල් මහ සටන ක්‍රීඩා කරන්නේ උද්ගතව තිබෙන කොරෝනා වසංගත තත්වය සැලකිල්ලට ගෙනයි. මේ සඳහා සහභාගී වන කණ්ඩායම්, පුහුණුකරුවන්, සහාය කාර්ය මණ්ඩලය සමඟ විනිසුරුවරුන් සහ තරග නිලධාරීන් දකුණු පළාත් සහ හම්බන්තොට කලාප සෞඛ්‍ය සේවාවන්ගේ අධීක්ෂණය යටතේ COVID-19 සෞඛ්‍ය මාර්ගෝපදේශ හා අනුගතව දින 21ක ජෛව ආරක්ෂිත පරිසරයක් (Bio bubble) යටතේ තරගයට සහභාගී වීමට නියමිතයි.

142 වැනි නිල් මහ සටන, ‘Dialog ටෙලිවිෂන්’ නාලිකා අංක 72 ඔස්සේ මෙන්ම ThePapare.com වෙබ් අඩවිය සහ Dialog ViU App හරහා සජීවීව විකාශය කිරීමට නියමිතයි.  මෙම තරගාවලියේ සියලුම තතු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<