දකුණට පහසු අභියෝගයක්; පසිඳුගෙන් අර්ධ ශතකයක්

210

හෙට දින ක්‍රිකට් පිටියේ දිදුලතැයි විශ්වාස කෙරෙන තරු සොයමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් වයස අවුරුදු 19න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අටවැනි දිනය (19) නිමාවේ දී B කාණ්ඩය නියෝජනය කරන දකුණු පළාත් ක්‍රීඩකයෝ තම අපරාජිත බව තව දුරටත් රැක ගැනීමට සමත් වුනා.

කොළඹ NCC පිටියේ දී පැවති දකුණු පළාත සහ නැගෙනහිර පළාත අතර තරගයෙන් දකුණු පළාත් ක්‍රීඩකයෝ කඩුලු 7ක පහසු ජයග්‍රහණයක් ලබා ගනිමින් තම ස්ථානය මෙසේ තහවුරු කර ගත්තා. මේ අතර අද පැවති අනෙක් තරගය වූ බස්නාහිර පළාත් දකුණ සහ බස්නාහිර පළාත් මධ්‍යම අතර තරගයෙන් බස්නාහිර පළාත් මධ්‍යම ක්‍රීඩකයෝ කඩුලු 6කින් ජය ලැබීමට සමත් වුනා. මෙම තරගය පැවතියේ කොළඹ පී. සරා ඕවල් පිටියේ දී.

වයඹ අභිබවා උතුර පෙරට එද්දී බ. උතුරට පළමු තැන

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළාත් ක්‍රිකට් තරගාවලියේ…

නැගෙනහිර පළාත හා දකුණු පළාත අතර තරගය

කොළඹ NCC පිටියේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු පළාත් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට නැගෙනහිර පළාත් ක්‍රීඩකයන්ට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ගේ ඉනිම ලකුණු 81ක දී නිමා කිරීමට දකුණු පළාත් ක්‍රීඩකයෝ සමත් වුනා. පිළිතුරු ඉනිමේ දී කඩුලු 3ක් දැවී ලකුණු 82ක් ලබා ගත් දකුණ ක්‍රීඩකයෝ තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලබා ගත්තා.  

කඩා වැටුණ නැගෙනහිර පළාත් කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ දකුණත් පිතිකරු තේවා ඩිලුක්ෂන් ය. ඔහු පන්දු 51ක දී හතරේ පහර දෙකක් සමඟින් ලකුණු 20ක් ලබා ගනිමින් දක්ෂතා දැක්වූවා. ඉනිමේ හොඳම ලකුණු සබඳතාව වූයේ 7 වැනි කඩුල්ලට තේවා ඩිලොක්ෂන් සහ නායක මිතිල චරිත් (12) එක්ව ලබා ගත් ලකුණු 18යි.

ජයග්‍රහණය වෙනුවෙන් හඹා ගිය ඉනිම වර්ෂාවට බිලි වේ

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත…

පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යැවූ කවිඳු රාජපක්ෂ ලකුණු 15කට කඩුලු 2ක් ද, දඟපන්දු යවන්නන් වූ සසිත් මධුරංග, සඳුන් මෙන්ඩිස් සහ දිලුම් සුධීර කඩුලු දෙක බැගින් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි දකුණු පළාත් ක්‍රීඩකයෝ පන්දු 70ක දී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. ඒ කඩුලු 3ක් පමණක් අහිමි කර ගනිමින්.

දකුණු කණ්ඩායමේ ආරම්භක කඩුල්ල ලකුණු 7ක දී නිමා කිරීමට නැගෙනහිර ක්‍රීඩකයෝ සමත් වූවද දෙවැනි කඩුල්ලට ලකුණු 49ක සබඳතාවක් එක් කරමින් දකුණේ ජයග්‍රහණය ස්ථීර කිරීමට මිහිසල් අමෝද සහ විනුර දුල්සර සමත් වුනා.

මිහිසල් අමෝද පන්දු 33කට මුහුණ දී හතරේ සහ හයේ පහර දෙක බැගින් එල්ල කරමින් ලකුණු 38ක් ලබා ගත්තා. ඊට අමතරව විනුර දුල්සර පන්දු 26ක දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 30ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යැවූ තේවා ඩිලොක්ෂන් ලකුණු 47කට කඩුලු 2ක් දවා ගත්තා.

නැගෙනහිර පළාත; සියලුම දෙනා දැවී 81 (35.1) තේවා ඩිලොක්ෂන් 20, කවිඳු රාජපක්ෂ 2/15,  සසිත් මධුරංග 2/10, සඳුන් මෙන්ඩිස් 2/10, දිලුම් සුධීර 2/21

දකුණු පළාත් කණ්ඩායම; කඩුලු 3ක් දැවී 82 (11.4) මිහිසල් අමෝද 38, විනුර දුල්සර නොදැවී 30, තේවා ඩිලොක්ෂන් 2/47

ජයග්‍රාහී දකුණු පළාත් කණ්ඩායම සහභාගී වන මීළඟ තරගය මේ මස 21 වැනිදා කොළඹ CCC පිටියේ දී බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම හා සමඟින් පැවැත්වීමට නියමිත අතර නැගෙනහිර පළාත් කණ්ඩායම සහ ඌව පළාත් කණ්ඩායම සමඟ තරගය එම දිනයේ දී ම කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.


බස්නාහිර පළාත දකුණ හා බස්නාහිර පළාත මධ්‍යම අතර තරගය

කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනූ බස්නාහිර පළාත් මධ්‍යම ක්‍රීඩකයන්ගේ ආරාධනාවෙන් පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි බස්නාහිර පළාත් දකුණ ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 182ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි බස්නාහිර පළාත් මධ්‍යම ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු186ක් ලබා ගනිමින් තරගයෙන් කඩුලු 6ක පහසු ජයක් හිමිකර ගත්තා.

මධ්‍යම පළාත් දකුණ කණ්ඩායමේ සුවත් මෙන්ඩිස් සහ නුවනිඳු ප්‍රනාන්දු දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීම කැපී පෙණුනා. සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනා එක්ව එක් කළ ලකුණු සංඛ්‍යාව 88ක්. එහි දී සුවත් මෙන්ඩිස් පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 53ක් ද, නුවනිඳු ප්‍රනාන්දු පන්දු 62ක දී හතරේ පහර දෙකක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 42ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී කළණ පෙරේරා සහ දුනිත් වෙල්ලාලගේ කඩුලු 3 බැගිනුත්, සංතුශ් ගුණතිලක කඩුලු දෙකකුත් ලබා ගත්තා.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි බස්නාහිර පළාත් මධ්‍යම ක්‍රීඩකයෝ තමන්ගේ ජයග්‍රාහි ඉලක්කය පසු කළේ තවත් පන්දු 31ක් ඉතිරිව තිබෙද්දී.

එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ පසිඳු සූරියබණ්ඩාර. ඔහු පන්දු 94කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 81ක් ලබා ගත්තා. ඔහුත් සමඟ හරි හරියට ලකුණු අතරට පිවිසෙමින් ලකුණු 35ක් ලබා ගැනීමට සොනාල් දිනූෂ සමත් වුනා. ඔවුන් දෙදෙනා අතර සිව්වැනි කඩුල්ලට එක් වූ සබඳතාව ලකුණු 84ක්.

බස්නාහිර පළාත් දකුණ කණ්ඩායම; සියලුම දෙනා දැවී 182 (50.0) නිශාන් ප්‍රනාන්දු 21, සුවත් මෙන්ඩිස් 53, නුවනිඳු ප්‍රනාන්දු 42, කළණ පෙරේරා 3/39, සංතුශ් ගුණතිලක 2/12, දුනිත් වෙල්ලාලගේ 24/3

බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම; කඩුලු4ක් දැවී 186 (44.5) සංතුශ් ගුණතිලක 28, කාමිල් මිෂාර 32, පසිඳු සුරියබණ්ඩාර නොදැවි 81, සොනාල් දිනූෂ  35

තරගාවලියේ හෙට (20) A කාණ්ඩය නියෝජනය කරමින් උතුරු පළාත සහ මධ්‍ය පළාත අතර තරගය කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී ද, උතුරු මැද පළාත හා වයඹ පළාත අතර තරගය කටුනායක වෙළඳ කලාප ක්‍රීඩාංගණයේ දී ද පැවැත්වීමට නියමිතයි.

මෙම තරග දෙක අතුරින් කොළඹ CCC පිටියේ දී පැවැත්වෙන තරගය ඩයලොග් TV නාලිකා අංක 1, ඩයලොග් MyTV හා ThePapare.com වෙබ් අඩවිය ඔස්සේ සජීව ලෙස ඔබ වෙත ගෙන ඒමට සූදානම්. රැඳී සිටින්න අප සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<