LPL 2020 සඳහා තවත් ඉන්දීය අනුග්‍රාහකයෙක්

ලංකා ප්‍රිමියර් ලීගය 2020 – Coverage powered by My Cola

1165
Cycle Pure Agarbathi Official Umpire Partner

ලංකා ප්‍රිමියර් ලීග් 2020 තරගාවලියේ විනිසුරුවරුන් සඳහා නිල අනුග්‍රහය සපයමින් තරගාවලියේ අනුග්‍රාහකයෙකු ලෙස එක් වීමට ප්‍රකට ඉන්දීය සමාගමක් වන Cycle Pure Agarbathi කටයුතු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (07) නිල නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙන ලදි.

ක්‍රිකට් ක්‍රීඩාවට නිරන්තරයෙන්ම සිය සහයෝගය ලබා දෙන සමාගමක් වන Cycle Pure Agarbathi සමාගම මෙවර LPL තරගාවලියේ විනිසුරුවන්ට අනුග්‍රාහකත්වය දැක්වීමට අමතරව තරගාවලිය අවසානයේ පිරිනමන Fair Play Award සඳහා ද සිය පූර්ණ අනුග්‍රහය ලබා දීමට ඉදිරිපත් වී ඇත.

ඒ අනුව Cycle Pure Agarbathi සමාගම LPL 2020 තරගාවලියේ අනුග්‍රාහකයෙකු ලෙස නිල වශයෙන් එක් වන අතර තරගාවලියට අනුග්‍රාහකත්වය දැක්වීම පිළිබඳව අදහස් දක්වමින් එම සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂක Arjun Ranga මහතා ප්‍රකාශ කර සිටියේ My11Circle Lanka Premier සමඟින් එකතු වීමට ලැබීම තම සමාගමට ගෞරවයක් බවයි.

“මෙම මුලපිරීම අපගේ සමාගම ශක්තිමත් කරනවා, ඒ තුළින් අපට ක්‍රිකට් ක්‍රීඩාව තුළ සහ ශ්‍රී ලංකා වෙළඳපොළෙහි ශක්තිමත්ව ගොඩනැගෙන්න පුළුවන්. අපගේ සන්නාම නාමය ප්‍රවර්ධනය කිරීමේ ගමනේ දී ක්‍රිකට් කියන්නේ ප්‍රධාන අංගයක්, එය අප සමාගම ආරම්භයේ සිටම වෙළෙඳ නාමය ප්‍රචාරණයට ඉතා දීප්තිමත්ව ක්‍රියා කළා.

එය අප සැවොම එකට එක්කර තබන ක්‍රීඩාවක්, එවැනි ක්‍රීඩාවක් හා සම්බන්ධ වීමට අපි ඉතාමත් කැමතියි, එය අපට ගෞරවයක්” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

LPL තතුවිත්ති:

එමෙන්ම මෙම අනුග්‍රාහකත්වය පිළිබඳව අදහස් දක්වමින් IPG සමාගමේ සභාපති Sunil Mohan මහතා ප්‍රකාශ කර සිටියේ විවිධ වෙළඳ නාමයන්ගෙන් LPL සඳහා ඇති ප්‍රතිචාරය පිළිබඳව ඔවුන් ඉතාමත් සතුටට පත්වන බවත්, වෙළඳ සමාගම් ඔවුන්ගේ වෙළෙඳ අපේක්ෂාවන් වෙත ගමන් කිරීමට LPL 2020 තරගාවලිය ඔවුන්ගේ ප්‍රවර්ධන මාධ්‍ය ලෙස තෝරාගනිමින් සිටින බවයි.

මීට අමතරව LPL 2020 තරගාවලියේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන Sangeet Shirodkar මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ මෙම වසංගත තත්වය මත සියල්ලන්ම අර්බුදයකට පත්ව සිටියත්, මෙම වෙළෙඳ සමාගම් මෙම තරගාවලියට සිය අනුග්‍රහය ලබා ගැනීමට ඉදිරිපත් වීම තුළින් ඔවුන් මෙම තරගාවලිය කෙතරම් විශ්වාස කරනවා ද යන්න පෙන්නුම් කරන බවයි.

LPL 2020 තරගාවලිය මෙම වසංගත තත්වය යටතේ විශාල අභියෝග රැසක් ජය ගනිමින් පසුගිය මස 26 වැනිදා ආරම්භ වූ අතර තරගාවලිය මේ මස 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු My Cola අනුග්‍රාහකත්වය යටතේ ThePapare.com හරහා ඔබ වෙත ගෙන ඒමට සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<