මීගමු අභියෝග නොතකා සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ අවසන් සංග්‍රාමයට

517

‘ThePapare’ වයස අවුරුදු 20න් පහළ අන්තර් පාඨශාලීය සමස්ත ලංකා පාපන්දු ශූරතාවලියේ අවසන් පූර්ව වටය යටතේ අද (14) පස්වරුවේ කොළඹ සුගතදාස පාපන්දු ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ දී මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය කණ්ඩායම ගෝල 1-2ක් ලෙස පරාජයට පත්කරමින් ජයග්‍රහණය හිමිකරගත් මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයින් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නට සමත් විය.  

‘ThePapare’ පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට යන්නේ කවුරුන් ද?

2018 ‘ThePapare’ වයස අවුරුදු 20න් පහළ සමස්ත ලංකා පාසල් පාපන්දු ශූරතා තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග එළඹෙන 14 වැනි (සිකුරාදා) දින කොළඹ….

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයේ දී යාපනය මහජන විද්‍යාලයීය කණ්ඩායම ගෝල 2-0ක් ලෙස පරාජයට පත්කරමින් අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කර ගන්නට සමත් වූ අතර අනෙක් පසින් සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයින් අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබා ගනු ලැබුවේ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායම ගෝල 2-1ක් ලෙස පරාජයට පත්කරමිනි.

තරගයට ප්‍රබල ආරම්භයක් ලබා ගත් මාරිස් ස්ටෙල්ලා කණ්ඩායමේ ක්‍රීඩකයින් තරගයේ 2 වන මිනිත්තුවේ දී ම දඬුවම් පහර අවස්ථාවක් දිනා ගන්නට සමත් විය. එම අවස්ථාවේ දී මාරිස් ස්ටෙල්ලා නායක තරින්ද සිල්වා ප්‍රතිවාදී ක්‍රීඩකයින් පසුකරමින් ඉතා විශිෂ්ට ලෙස පන්දුව ගෝල රාමු කලාපය තුළට රැගෙන යන්නට සමත් වූ අතර එහි දී ඔහුට එරෙහිව සාන්ත ජෝසප් ක්‍රීඩකයින් සිදු කරනු ලැබූ ‘foul’ කිරීමක් වෙනුවෙන් ඔවුන්ට දඬුවම් පහර අවස්ථාවක් පිරිනමන්නට විනිසුරුවරයා තීරණය කළේය.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

තරින්ද විසින්ම එම දඬුවම් පහර ලබාගනු ලැබුවත් එහි දී ඔහු එල්ල කළ පහර ගෝල රාමුවේ වැදී නැවතත් ඔහු දෙසට යොමු වූ අතර එහි දී ඔහු සාර්ථකව පහරක් එල්ල කිරීමට නැවතත් අසමත් වුවත් සාන්ත ජෝසප් විද්‍යාලයේ සයුරු බිම්සර එහි දී එල්ල කළ පහරක් හරහා පන්දුව ගෝල රාමුව තුළට යොමු වීම තළින් එහි දී මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය කණ්ඩායමේ තරගයේ පළමු ගෝලය වාර්තා විය.

ඉන් අනතුරුව සාන්ත ජෝසප් ක්‍රීඩකයින් ගෝලයක් වාර්තා කරගැනීමේ අරමුණින් දැඩි ආරක්ෂාකාරී ක්‍රීඩා විලාශයක් අනුගමනය කරන්නට වූ අතර ඒ හරහා ගෝලයක් වාර්තා කරගන්නට අවස්ථාවන් කිහිපයක්ම නිර්මාණය කරගන්නට ඔවුන් සමත් වුවත් ඒවා සාර්ථකව අවසන් කරගන්නට ඔවුන් සමත් වූයේ නැත. එහි දී මාරිස් ස්ටෙල්ලා ගෝල රකින ක්‍රීඩක ප්‍රකාෂ් පෙරේරාගේ දක්ෂතා කැපී පෙනෙන්නට විය.

කෙසේ නමුත් තරගයේ 14 වන මිනිත්තුවේ දී මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය ක්‍රීඩකයින් සාන්ත ජෝසප් විද්‍යාලයේ ශෙනාල් සංදේශ් හමුවේ ගෝල රාමු කලාපය තුළදී සිදු කරනු ලැබූ ‘foul’ කිරීමක් වෙනුවෙන් සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායමට විනිසුරුවරයා විසින් දඬුවම් පහර අවස්ථාවක් පිරිනමනු ලැබීය. එය ලබාගත් නිමේෂ් කුරේ පන්දුව සාර්ථකව ගෝල රාමුව තුළට යොමු කළේ තරගයේ ලකුණු තත්වය සම කරමිනි.

විශිෂ්ට හඹා යාමක් නමුත් දඬුවම් පහරෙන් ජය යාපනයට

2018 වයස අවුරුදු 20න් පහළ අන්තර් පාඨශාලීය සමස්ත ලංකා ‘ThePapare’ පාපන්දු ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටය යටතේ අද (24) සවස කොළඹ සුගතදාස පාපන්දු…

ඉන් අනතුරුව ද සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයින් දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරමින් ගෝලයක් වාර්තා කරන්නට අවස්ථාවන් කිහිපයක්ම නිර්මාණය කර ගනු ලැබුවත් එම අවස්ථාවන් සියල්ලම ව්‍යර්ථ කරදමන්නට ප්‍රකාෂ් සමත් විය. අනෙක් පසින් මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයින් ද ඉක්මන් අවස්ථාවන් හරහා ගෝලයක් වාර්තා කරගන්නට අවස්ථාවන් කිහිපයක් නිර්මාණය කර ගනු ලැබුවත් ඔවුන් ද ඒවා සාර්ථක කරගන්නට සමත් වූයේ නැත.

කෙසේ නමුත් පළමු අර්ධයේ මැද භාගයට වන්නට කණ්ඩායම් දෙකම ගෝලයක් වාර්තා කරගන්නට පැහැදිලි අවස්ථාවන් නිර්මාණය කරගන්නට අසමත් වීම හේතුවෙන් තරගය තරමක් උදාසීන ස්වරූපයක් ගන්නට විය.

අනතුරුව පළමු අර්ධය අවසන් වන්නට ඉතා ආසන්නයේ දී තරින්ද පන්දුව හොඳින් ඉදිරියට රැගෙන යමින් ගෝල රාමු කලාපය ඉවත සිට වේගවත් පහරක් එල්ල කරමින් ගෝලයක් වාර්තා කරගන්නට උත්සාහ දැරුවත් එහි දී ක්‍රියාත්මක වූ සාන්ත ජෝසප් විද්‍යාලයීය නායක මාෂල් කොඩිකාර එය විශිෂ්ට අන්දමින් රැකගන්නට සමත් විය.

පළමු අර්ධය: සාන්ත ජෝසප් විද්‍යාලය 01 – 01 මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය

කණ්ඩායම් දෙකම තරගයේ දෙවන අර්ධයට අවතීර්ණ වූයේ දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් සමඟයි. ඒ අනුව ඒ හරහා කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් ගෝල වාර්තා කරගැනීමට අවස්ථාවන් කිහිපයක්ම නිර්මාණය කර ගනු ලැබුවත් ඒවා ගෝල බවට පරිවර්තනය කරගන්නට ඔවුන් සමත් වූයේ නැත. එහි දී දෙපිළේම පසුපෙළ ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා විලාශය කැපී පෙනෙන්නට විය.

දෙවන අර්ධයේ මැද භාගයට වන්නට නැවතත් තරගය තරමක් උදාසීන ස්වරූපයක් ගනු ලැබුවේ කණ්ඩායම් දෙකම ගෝල රැස්කර ගන්නට අවස්ථාවන් නිර්මාණය කරගන්නට අසමත් වීමත් සමඟයි. ඒ අනුව පන්දුව වැඩි වේලාවක් පිටියේ මැද භාගයේ හුවමාරු වෙමින් තිබූ අතර දෙපිළේම ක්‍රීඩකයින් එය සාර්ථක ලෙස ඉදිරියට රැගෙන යන්නට සමත් වූයේ නැත.

අනතුරුව තරගයේ 80 වන මිනිත්තුවේ දී සාන්ත ජෝසප් ක්‍රීඩකයින් හට නිදහස් පහර අවස්ථාවක් හිමි වූ අතර එය ලබාගත් චමත් රශ්මිත එල්ල කළ පහර නිසි පරිදි රැකගන්නට ප්‍රකාෂ් අසමත් වීමත් සමඟ පන්දුව ගෝල රාමුවට ඉතා ආසන්නයේ සිටි ශෙනාල් වෙත යොමු වූ නමුත් එහි දී ඔහු පන්දුවට හිසින් එල්ල කළ පහර ගෝල රාමුවෙන් ඉවතට ඇදී යාම නිසා ගෝලයක් වාර්තා කරගන්නට ලැබුණු ඉතා පහසු අවස්ථාවක් ඔවුන් අතින් ගිලිහී ගියේය.

පසුපසින් හඹා ආ ජෝසප්වරුන්ට සාන්ත පීතරයින් පරදා තියුණු ජයක්

2018 වයස අවුරුදු 20න් පහළ අන්තර් පාඨශාලීය සමස්ත ලංකා ‘ThePapare’ පාපන්දු ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටය යටතේ අද (24) පස්වරුවේ කොළඹ සුගතදාස පාපන්දු…

සාන්ත ජෝසප් ක්‍රීඩකයින් ඉන් අනතුරුව ද දිගින් දිගටම සිය ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය දියත් කරන්නට වූ අතර ඒ අනුව ගෝලයක් වාර්තා කරගන්නට ඔවුන් දැරූ උත්සාහය තරගයේ 88 වන මිනිත්තුවේ දී සාර්ථක විය. ඒ චලන ප්‍රමන්ත ගෝල රාමුවෙන් එපිට සිට ගෝල රාමුව තුළට එල්ල කරනු ලැබූ විශිෂ්ට පහරක් සමඟයි.

තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය තුළ මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයින් ගෝලයක් වාර්තා කරගනිමින් තරගයේ ලකුණු තත්වය සම කරන්නට දැඩි උත්සාහයක් දැරුවත් ඔවුන්ගේ එම උත්සාහය සාර්ථක වූයේ නැත.

ඒ අනුව ඉතා උණුසුම් තරගයකින් අනතුරුව මෙම තරගයේ ජයග්‍රහණය හිමිකරගත් ප්‍රබල සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායම තරගාවලියේ අවසන් මහා තරගයේ සිය ස්ථානය වෙන්කර ගන්නට සමත් විය.

සම්පූර්ණ කාලය: සාන්ත ජෝසප් විද්‍යාලය 02 – 01 මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය

ThePapare තරගයේ වීරයා – චමත් රශ්මිත (සාන්ත ජෝසප් විද්‍යාලය)

ගෝල ලාභීන්

  • සාන්ත ජෝසප් විද්‍යාලය – නිමේෂ් කුරේ 15’, චලන ප්‍රමන්ත 88’
  • මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – සයුරු බිම්සර 2’(OG)

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<