තීරණාත්මක Fitness test එකක් සිකුරාදා

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2021

432

ශ්‍රී ලාංකීය තුන්ඉරියව් ක්‍රීඩකයින් වන දනුෂ්ක ගුණතිලක සහ ධනංජය ද සිල්වා එළඹෙන සිකුරාදා (04) කිලෝමීටර 2 ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සඳහා මුහුණ දීමට නියමිතයි. ඒ එළඹෙන එංගලන්ත සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය සඳහා ඇතුළත් වීමේ අරමුණෙනුයි. 

මොවුන් දෙදෙනා පසුගිය සති දෙකක කාලය ඇතුළත සහභාගී වන දෙවැනි ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය මෙය වන අතර මීට පෙර බංග්ලාදේශ සංචාරය අතරතුර පැවති පරීක්ෂණයෙන් සමත් වන්නට මොවුන් දෙදෙනාට නොහැකි වුනා. 

බංග්ලාදේශ සංචාරයෙන් පසුව මෙරටට පැමිණි ශ්‍රී ලංකා සංචිතය මේ වන විට නිරෝධායනයේ පසු වන අතර එම නිරෝධායන කාලසීමාව ජුනි 3 වැනිදායින් අවසන් වීමට නියමිතයි.

ඔවුන් දෙදෙනාම යෝග්‍යතා පරීක්ෂණය සමත් වුවහොත් එංගලන්තය බලා පිටත් වන 24 දෙනෙකුගෙන් සැදුම්ලත් සංචිතයට ඇතුළත් වීමට ඔවුන්ට වරම් හිමි වනු ඇත. ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහිව එක්දින තරග 3ක් සහ විස්සයි විස්ස තරග 3ක් ක්‍රීඩා කිරීමට නියමිතයි. තරගාවලිය ආරම්භ වන්නේ ජුනි 23 වැනිදායි. 

ශ්‍රී ලංකා මූලික සංචිතය: කුසල් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, ඕෂද ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, කමිල් මිශාර, නිරෝශන් දික්වැල්ල, අශේන් බණ්ඩාර, දසුන් ශානක, චාමික කරුණාරත්න, ධනංජය ලක්ශාන්, වනිඳු හසරංග, රමේෂ් මෙන්ඩිස්, ලක්ශාන් සඳකැන්, අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම, දුශ්මන්ත චමීර, ඉසුරු උදාන, බිනුර ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්, ශිරාන් ප්‍රනාන්දු, කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු, ඉශාන් ජයරත්න

ශ්‍රී ලංකා එංගලන්ත තරග කාලසටහන 

  • පළමු විස්සයි විස්ස තරගය – ජුනි 23 Cardiff හිදී (ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 11)
  • දෙවැනි විස්සයි විස්ස තරගය – ජුනි 24 Cardiff හිදී (ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 11)
  • තුන්වැනි විස්සයි විස්ස තරගය – ජුනි 26 Southampton හිදී (ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7)
  • පළමු එක්දින තරගය – ජුනි 29 Durham හිදී (ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30)
  • දෙවන එක්දින තරගය – ජූලි 01 London හිදී (ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.30)
  • තුන්වැනි එක්දින තරගය – ජූලි 04 Bristol හිදී (ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<