පොදුරාජ්‍ය මණ්ඩලීය දෙවැනි පදක්කම දිනූෂාගෙන්

494
Dinusha Gomaz

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවර කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බර එසවීම යටතේ ශ‍්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක් දිනා දීමට දිනූෂා ගෝමස් ක්‍රීඩිකාව සමත්වූවාය.

පොදුරාජ්‍ය මණ්ඩල පළමු පදක්කම චතුරංග ලක්මාල්ගෙන්

ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරයක් වන ගෝල්ඩ් කෝස්ට් නගරය කේන්ද්‍ර කර ගනිමින්..

මීට සුළු මොහොතකට පෙර පැවති කිලෝග‍්‍රෑම් 48ට අඩු බර පන්තිය යටතේ තරගයේ දී ස්නැච් ක්‍රමයට කිලෝග‍්‍රෑම් 70ක් ද, ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග‍්‍ර‍්‍රෑම් 85ක් ද වශයෙන් මුළු බර කිලෝග‍්‍රෑම් 155ක් ඔසවමින් දිනූෂා එම පදක්කම ශ‍්‍රී ලංකාවට දිනා දුන්නාය.

විසිපස් වැනි වියේ පසුවන දිනූෂා මෙම පදක්කම දිනා ගැනීමට ප‍්‍රථම 2017 වසරේ ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හිදීම පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය බර එසවීමේ තරගාවලියේ සහ 2016 වසරේ මැලේසියාවේ පැවති තරගාවලියේ දී කිලෝග‍්‍රෑම් 48 බර පන්තිය යටතේ ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත්වී තිබේ.

අදාළ ඉසව්වේ රන් පදක්කම ඉන්දියාවේ චානු මිරාබායි විසින් දිනාගත් අතර ඇය මුළු බර කිලෝග‍්‍රෑම් 170ක් ඔසවා එම ජයග්‍රහණය ලැබුවාය. ඇය විසින් ස්නැච් ක‍්‍රමයට ඔසවන ලද කිලෝග‍්‍රෑම් 86ත්, ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට ඔසවන ලද කිලෝග‍්‍රෑම් 110ත් සහ මුළු බර වශයෙන් ඔසවන කිලෝග‍්‍රෑම් 196 පොදු රාජ්‍ය මණ්ඩල බර එසවීමේ වාර්තාවක් මෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලි වාර්තාවක් බවට පත්විය. මෙම ඉසව්වේ දෙවැනි ස්ථානය මුරුසියේ රොයිල්යා රාබවිසෝආ විසින් දිනා ගත්තාය.

 >> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<