කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
ක්‍රිකට් –
කුසල්ගේ මංගල ශතකය අපතේ යයි

ශ්‍රී ලංකාව – සියල්ලන්ම දැවී ලකුණු 311 (පන්දුවාර 49.5): කුසල් මෙන්ඩිස් 102, උපුල් තරංග 65, අසේල ගුණරත්න 39, මිලින්ද සිරිවර්ධන 30, දිනේෂ් චන්දිමාල් 24, ටස්කින් අහමඩ් 4/47, මෙහෙදි හසන් 1/50.
සම්පූර්ණ ලිපිය: ශ්‍රී ලංකා බලාපොරොත්තු වර්ෂාවට සේදී යයි
ශ්‍රී ලංකාව හමුවේ ඇෆ්ගනිස්ථානය පරාජය වේ

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම – කඩුලු 6ක් දැවී ලකුණු 320 (පන්දුවාර 50): චරිත් අසලංක 105, ඇන්ජෙලෝ පෙරේරා 84, ශෙහාන් ජයසූරිය 42, රොන් චන්ද්‍රගුප්ත 32, නවීන් උල්-හක් 2/66, ෆසාල් නියාසායි 2/70.
ඇෆ්ගනිස්තාන නැගී එන කණ්ඩායම – සියල්ලන්ම දැවී ලකුණු 285 (පන්දුවාර 47.1): නජිබුල්ලා සද්රාන් 87, ශහිදුල්ලා 53, ඉසනුල්ලා 53, යූනස් අහමඩ්සායි 38, අමිල අෆොන්සු 3/40, අසිත ප්‍රනාන්දු 2/52, චාමික කරුණාරත්න 2/65.
සම්පූර්ණ ලිපිය: අසලංකගේ ශතකය ඇෆ්ගනිස්තානය අසරණ කරයි
වොලිබෝල් ක්‍රීඩකයෝ පරාජය වේ
11 වන ආසියානු යොවුන් වොලිබෝල් ශූරතාවලියේ පළමු දිනය ඊයේ (28) යි. එහි දී ශ්‍රී ලංකාවට සහභාගී වූ පළමු තරගයෙන්ම තායිලන්තය හමුවේ වට 3-0ක් වශයෙන් අවාසනාවන්ත ලෙස පරාජයට පත්වීමට සිදුවිය. තරගය පැවැත්වූයේ මියන්මාරයේ ‘වුන්නායි තීක්ඩි’ ක්‍රීඩාංගණයේදීයි.
සම්පූර්ණ ලිපිය: ශ්‍රී ලංකාවට තායිලන්තයෙන් පාඩමක්






















