පොදුරාජ්‍ය මණ්ඩල පළමු පදක්කම චතුරංග ලක්මාල්ගෙන්

415

ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරයක් වන ගෝල්ඩ් කෝස්ට් නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ තරග ක්‍රියාත්මක පළමු දිනයේ දී ම ශ‍්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දීමට බර ඉසිලීමේ ක්‍රීඩක චතුරංග ලක්මාල් සමත් විය.

රන් පදක්කම් 275ක් සමඟින් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සටන ඇරඹේ

එංගලන්තයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු සහ එම ආර්යාව ප්‍රධාන ආරාධිතයින් වශයෙන් සහභාගි වන …

කිලෝග‍්‍රෑම් 56 බර පන්තිය යටතේ තරග වැදුණු චතුරංග ලක්මාල් ස්නැච් ක්‍රමයට කිලෝග‍්‍රෑම් 114ක් ද, ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග‍්‍රෑම් 134ක් ද වශයෙන් මුළු එකතුව කිලෝග‍්‍රෑම් 248ක් ඔසවමින් අදාළ රන් පදක්කම ශ‍්‍රී ලංකාවට දිනා දුන්නේය.

විසි නව හැවිරිදි වියේ පසුවන චතුරංගගේ තරග දිවියේ හොඳම දක්ෂතාවය ලෙසින් මෙවර තරගාවලියේ දක්වන ලද දක්ෂතාවය සටහන් වේ. හෙතෙම 2017 ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හිදීම පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවලියේ ඔසවා තිබූ කිලෝග‍්‍රෑම් 247 මීට පෙර ඔහුගේ හොඳම දක්ෂතාව ලෙස සටහන් විය. අදාළ දක්ෂතාව හේතුවෙන් ඔහුට එවර රිදී පදක්කම දිනා ගැනීමට අවස්ථාව උදාවිය.

වමේ සිය දකුණට (ගුරුරාජා, ඉසාර් අහමඩ් සහ චතුරංග ලක්ෂාන්

ක්‍රීඩකයින් 12 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවති මෙම බර පන්තියේ රන් පදක්කම මැලේසියාවේ ඉසාර් අහමඩ් විසින් ද, රිදී පදක්කම ඉන්දියාවේ ගුරුරජා විසින් ද දිනා ගත්හ. රන් පදක්කම් ලාභී ඉසාර් අහමඩ් ස්නැච් ක්‍රමයට කිලෝග‍්‍රෑම් 117ක් ද, ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග‍්‍රෑම් 144ක් ද වශයෙන් මුළු එකතුව කිලෝග‍්‍රෑම් 261ක් ඔසවමින් අදාළ රන් පදක්කමට හිමිකම් කීවේය. ඔහු විසින් ස්නැච් ක්‍රමයට සහ මුළු එකතුව වශයෙන් ඔසවන බර පොදුරාජ්‍ය මණ්ඩලීය තරග වාර්තාවක් ලෙසින් ද සටහන් වීම කැපී පෙනෙයි.

 >> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<