පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා නායකත්වය චින්තනට

407

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල දෙකක දී බර ඉසිලීමේ තරග ඉසව්වෙන් පදක්කම් දෙකක් දිනාගත් චින්තන ගීතාල් විදානගේ හට ලබන මස 4 වැනිදා සිට 15 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හිදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ලබා දී ඇත.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ලංකාවෙන් 139ක්

මේ වසරේ අප්‍රේල් මස 4 වැනිදා සිට 15 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හිදී…

21 වැනි වරටත් පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80 දෙනෙකු තරග වදිනු ඇත. එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් අත්දැකීම් බහුල බර ඉසිලීමේ ක්‍රීඩක චින්තන ගීතාල් විදානගේ 2006 වසරේ දී පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී කිලෝග්‍රෑම් 62ක බරපන්තියේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. අනතුරුව ඉන්දියාවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ද රිදී පදක්කම දිනා ගැනීමට චින්තනට හැකි විය.

විවිධ ක්‍රීඩා ඉසව් 15ක් නියෝජනය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියට අවතීර්ණ වන අතර ඒ අතර බර ඉසිලීම, මල්ලවපොර, බැඩ්මින්ටන්, මේස පන්දු, ස්කොෂ්, වෙඩි තැබීම, ජිම්නාස්ටික්, රිද්මයානුකූල ජිම්නාස්ටික්, බොක්සිං, පාපැදි, කිමිදුම්, බීච් වොලිබෝල්, පිහිනුම්, සත් සාමාජික රග්බි  හා මලල ක්‍රීඩා යන තරග ඉසව්වන් වේ.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ නිමා වී ඇති තරගාවලි 20 තුළ ශ්‍රී ලංකාව දිනාගෙන ඇත්තේ පදක්කම් 14ක් පමණි. ඒ පදක්කම් දිනාගෙන ඇත්තේ මලල ක්‍රීඩා, බොක්සිං, වෙඩි තැබීම හා බර ඉසිලීම වැනි ඉසව්වලින් පමණක් වන අතර අනෙකුත් ඉසව්වලින් එකදු පදක්කමක් හෝ දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී නොමැත.

මෙම කමිටුවේ ප්‍රධානියා ලෙස ජාතික ඔලිම්පික් තේරීම් කමිටුවේ හිටපු භාණ්ඩාගාරික ගාමිණි ජයසිංහ මහතා පත් කර ඇති අතර කණ්ඩායම් කළමනාකරු ලෙස සුමිත් එදිරිසිංහ හා චන්දන පෙරේරා මහතා නම් කර ඇත.

සම්පූර්ණ කණ්ඩායම,

බර ඉසිලීම: චින්තන ගීතාල්, චතුරංග ලක්මාල්, තිලංක පළඟසිංහ, චතුරංග දිසානායක, ශානක පිටර්ස්, සමන් අබේවික්‍රම, උෂාන් චාරුක, හංසනී ගෝමස්, චමරි වර්ණකුලසූරිය, නදීෂානි රාජපක්ෂ, ප්‍රියන්ති බාලගේ

කණ්ඩායම් කළමනාකරු: තෙමාල් වර්ණකුලසුරිය, කණ්ඩායම් පුහුණුකරු: ආර්. වික්‍රමසිංහ, සහය පුහුණුකරු: නවින්ද්‍ර දයාන්, අභ්‍යාසක: උපුල් ජයතිලක

පිහිනුම් හා කිමිඳුම්: චෙරන්ත ද සිල්වා, මැතිව්  අබේසිංහ, අකලංක පිරිස්, කයිල් අබේසිංහ, විනොලි කළුආරච්චි, දිල්රුක්ෂි පෙරේරා, ලක්ෂානි ද සිල්වා, තේජන පිරිස්

කණ්ඩායම් කළමනාකරු: චානක හසන්ත, කණ්ඩායම් පුහුණුකරු: ජුලියන් බොලින්ග්, බුද්ධි අබේසිංහ, චානක දුමින්ද (කිමිඳුම්)

මල්ලව පොර: දිවොශාන් ප්‍රනාන්දු, චානක ප්‍රනාන්දු, දිල්හානි වීරබාහු

කණ්ඩායම් කළමනාකරු: ප්‍රගීත් ප්‍රියන්කර, කණ්ඩායම් පුහුණුකරු: ජගත් ප්‍රියන්ත

සුගතදාස ක්‍රීඩාංගණයේ ධාවන පථය එලීම ආරම්භ වේ

සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ කෘතීම ධාවන පථ ඇතිරීම අද (5) ඇරඹුණු අතර ක්‍රීඩා අමාත්‍ය…

මේස පන්දු: උදය රණසිංහ, රොහාන් සිරිසේන, නිර්මල බණ්ඩාර ජයසිංහ, මදුරංගි දර්ශිකා, හංසනී කපුගීකියන, එරන්දි වරුසවිතාන

කණ්ඩායම් කළමනාකරු: චතුර ජයනේන්ද්‍ර, කණ්ඩායම් පුහුණුකරු: මදුසංක වික්‍රමසිංහ

ස්කොෂ්: රවිඳු ලක්සිරි, මිහිලියා මෙත්සරණි

වෙඩි තැබීම: සුරංග ප්‍රනාන්දු, උපුල් විජේරත්න, සඳුනි පෙරේරා

කණ්ඩායම් කළමනාකරු: චින්තක එදිරිසිංහ

ජිම්නාස්ටික්: සමනලී ගුණතිලක, අමායා කලුකෝට්ට්ගේ, කවුෂානි ගුණසිංහ

කණ්ඩායම් පුහුණුකරු: තරංග වෙළඳගේ

පාපැදි: අවිශ්ක දිල්නුවන්, සඳුන් කුමාර

කණ්ඩායම් කළමනාකරු: කලේමෙන්ට් රණසිංහ, කණ්ඩායම් පුහුණුකරු: උපාලි රත්නායක

බොක්සිං: රන්ජිව බණ්ඩාර, සඳරුවන් රණසිංහ, දුශාන් සපරමාදු, අනුෂා දිල්රුක්ෂි, දුලානි ජයසිංහ, හංසික කස්තුරිආරච්චි

කණ්ඩායම් පුහුණුකරු: ඩයන් ගෝමස්, හර්ෂ කුමාර, අරවින්ද තිසේරා

බීච් වොලිබෝල්: අසංක ප්‍රදීප්, මලින්ත යාපා

බැඩ්මින්ටන්: බුවෙනක දුල්ලේවැව, දිනුක කරුණාරත්න, නිලුක කරුණාරත්න, සචින් ඩයස්, තිලිණි හෙන්දහේවා, කාවින්දි සිරිමාන්නගේ, හෂිනි අම්බලන්ගොඩ, මදුෂිකා දිල්රුක්ෂි

කණ්ඩායම් කළමනාකරු: දුමින්ද ගමගේ, නිශාන්ත අලුත්ගේ කණ්ඩායම් පුහුණුකරු: ධනේෂ් මලියදේව, ටෝනි වහුඩි

මලල ක්‍රීඩා: මංජුල කුමාර, සම්පත් රණසිංහ, සුරන්ජය ද සිල්වා, හිමාෂ එශාන්, ශෙහාන් අඹේපිටිය, ලක්ෂිත වික්‍රමසිංහ, ජනක විමලසිරි, ඩබ්. නිමල්, ගයන්තිකා අබේරත්න, දිල්හානි ලේඛම්ගේ, හිරුනි  විජේරත්න, රුමේශිකා රත්නායක

කණ්ඩායම් කළමනාකරු: නිමල්සිරි හේවා විතානගේ, කණ්ඩායම් පුහුණුකරු: සුනිල් ගුණවර්ධන, මිරන්ද රමීස්, සජිත් ජයලාල්, කිංස්ලි ගුණතිලක

සත් සාමාජික රග්බි: සුදර්ශන මුතුතන්ත්‍රී (නායක), ධනුෂ්ක දයාන්, රෙහාන් සිල්වා, ඔමල්ක ගුණරත්න, ජේසන් දිසානායක, ශ්‍රීනාත් සුරියබණ්ඩාර, තරින්ද රත්වත්තේ, කවිඳු පෙරේරා, අනුරුද්ධ විල්වර, රිචඩ් ධර්මපාල, ධනුෂ්ක රන්ජන්, නවින් හෙන්කානකම්ගේ

සූදානම්ව තබා ඇති ක්‍රීඩකයින්: හිරන්ත පෙරේරා, රිසා රෆයිදීන්, සුදම්සුරියාරච්චි, බුද්ධිම පියරත්න‍

දක්ෂතා අධ්‍යක්ෂක: ඉන්තිසාම් මරික්කාර්, කණ්ඩායම් පුහුණුකරු: පිටර් වූඩ්ස්, අභ්‍යාසක: නිකලස් ග්‍රවුබ්

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<