පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ලංකාවෙන් 139ක්

336

මේ වසරේ අප්‍රේල් මස 4 වැනිදා සිට 15 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හිදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා 139 දෙනෙකුගෙන්  සමන්විත ක්‍රීඩක, ක්‍රීඩිකාවන්, නිලධාරීන් හා පුහුණුකරුවන්ගෙන් සමන්විත කණ්ඩායමක් තෝරා ගෙන අවසන් බව ජාතික ඔලිම්පික් තේරීම් කමිටුව පවසයි.

සුගතදාස ක්‍රීඩාංගණයේ ධාවන පථය එලීම ආරම්භ වේ

සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ කෘතීම ධාවන පථ ඇතිරීම අද (5) ඇරඹුණු අතර ක්‍රීඩා අමාත්‍ය දයාසිරි …

මෙම කමිටුවේ ප්‍රධානියා ලෙස ජාතික ඔලිම්පික් තේරීම් කමිටුවේ හිටපු භාණ්ඩාගාරික ගාමිණි ජයසිංහ මහතා පත් කර ඇති අතර කණ්ඩායම් කළමනාකරු ලෙස සුමිත් එදිරිසිංහ හා චන්දන පෙරේරා මහතා නම් කර ඇත.

ප්‍රවීණ ධාවන ක්‍රීඩිකාවක් වන රුමේෂිකා රත්නායක මලල ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩිකාවක් ලෙස තෝරා ගෙන ඇත. ඇයත් සමඟම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකු මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමට වරම් දිනාගෙන ඇත.

මීට අමතරව බැඩ්මින්ටන් ක්‍රීඩාවට ක්‍රීඩකයින් 08ක්, බර ඉසිලීමට ක්‍රීඩකයින් 11ක් හා මේසපන්දු ඉසව් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනෙකු වරම් දිනාගෙන ඇති අතර තවත් ඉසව් කිහිපයක් නියෝජනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා ක්‍රීඩිකාවන් සුදුසුකම් සපුරා ගෙන ඇත.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ නිමා වී ඇති තරගාවලි 20 තුළ ශ්‍රී ලංකාව දිනාගෙන ඇත්තේ පදක්කම් 14ක් පමණි. ඒ පදක්කම් දිනාගෙන ඇත්තේ මලල ක්‍රීඩා, බොක්සිං, වෙඩි තැබීම හා බර ඉසිලීම වැනි ඉසව්වලින් පමණක් වන අතර අනෙකුත් ඉසව්වලින් එකඳු පදක්කමක් හෝ දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී නොමැත.

මෙම තරගාවලිය නියෝජනය කිරීමට සුදුසුකම් ලබාගෙන ඇති ක්‍රීඩකයින් වන්නේ

සම්පූර්ණ කණ්ඩායම එක එක ක්‍රීඩාව අනුව මෙසේ බෙදී ගොස් ඇත.

  • පිහිනුම්  05
  • කිමිදුම් 01
  • මලල ක්‍රීඩා 13
  • බැඩ්මින්ටන් 08
  • බීච් වොලිබෝල් 02
  • බොක්සිං 06
  • පාපැදි 02
  • ජිම්නාස්ටික් 04
  • රිද්මයානුකූල ජිම්නාස්ටික් 01
  • සත් සාමාජික රග්බි 12
  • වෙඩි තැබීම 03
  • ස්කොෂ් 02
  • මේසපන්දු 06
  • බර ඉසිලීම 11
  • මල්ලව පොර 03

 >> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<