ධර්මරාජ – මහින්ද සම ශූරයන් වේ

ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට් අනුස්මරණ ක්‍රිකට් තරගාවලිය 2023

399
Colonel Henry Steele Olcott Memorial Cricket Tournament 2023 - Review

දිවයිනේ ප්‍රමුඛතම බෞද්ධ පාසල් 8ක් වාර්ෂිකව සහභාගී වන ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට් අනුස්මරණ පාසල් ක්‍රිකට් තරගාවලිය මෙවර මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ක්‍රිකට් පදනමේ සත්කාරකත්වයෙන් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූවා.  

සහභාගී වූ පාසල් කණ්ඩායම්: මහනුවර ධර්මරාජ විද්‍යාලය, මාතර රාහුල විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය, කොළඹ නාලන්දා විද්‍යාලය, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය. 

22 වැනි වරටත් පැවැත්වෙන මෙම තරගාවලිය පෙර දිනයේ ආරම්භ වූයේ වයස අවුරුදු 19න් පහළ වර්ථමාන ක්‍රීඩකයන් සහභාගී වූ සය සාමාජික ක්‍රිකට් තරගාවලියෙන්. එම තරගාවලිය අවසන් වූයේ වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණ අවසන් තරගයට සහභාගී වූ ගාල්ල මහින්ද විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය සම ශූරයන් ලෙසින් නම් කෙරෙමින්.  

තරගාවලියේ ගමන් මඟ 
  Team 1  Team 2  Results 
1  ධර්මරාජ විද්‍යාලය  නාලන්දා විද්‍යාලය  ධර්මරාජ විද්‍යාලයට ලකුණු 2ක ජයක්.  
2  ආනන්ද විද්‍යාලය  මහින්ද විද්‍යාලය  මහින්ද විද්‍යාලයට කඩුලු 5ක ජයක්.  
3  මලියදේව විද්‍යාලය   ධර්මපාල විද්‍යාලය  ධර්මපාල විද්‍යාලයට කඩුලු 4ක ජයක්.  
  ධර්මාශෝක විද්‍යාලය  රාහුල විද්‍යාලය  ධර්මාශෝක විද්‍යාලයට කඩුලු 5ක ජයක්.  
5  නාලන්දා විද්‍යාලය  ධර්මපාල විද්‍යාලය  නාලන්දා විද්‍යාලයට ලකුණු 23ක ජයක්. 
6  ධර්මාශෝක විද්‍යාලය   මහින්ද විද්‍යාලය  ධර්මාශෝක විද්‍යාලයට ලකුණු 11ක ජයක්.  
7  ධර්මරාජ විද්‍යාලය  මලියදේව විද්‍යාලය  ධර්මරාජ විද්‍යාලයට ලකුණු 15ක ජයක්.  
8  ආනන්ද විද්‍යාලය  රාහුල විද්‍යාලය   ආනන්ද විද්‍යාලයට ලකුණු 21ක ජයක්.  
9  මලියදේව විද්‍යාලය  නාලන්දා විද්‍යාලය  මලියදේව විද්‍යාලයට ලකුණු 18ක ජයක්.  
10  මහින්ද විද්‍යාලය  රාහුල විද්‍යාලය  මහින්ද විද්‍යාලයට ලකුණු 11ක ජයක්.  
11  ධර්මපාල විද්‍යාලය  ධර්මරාජ විද්‍යාලය  ධර්මරාජ විද්‍යාලයට කඩුලු 5ක ජයක්.  
12  ආනන්ද විද්‍යාලය   ධර්මාශෝක විද්‍යාලය  ආනන්ද විද්‍යාලයට ලකුණු 18ක ජයක්.  
අවසන් පූර්ව වටය 
13  ධර්මරාජ විද්‍යාලය  ආනන්ද විද්‍යාලය  ධර්මරාජ විද්‍යාලයට ලකුණු 13ක ජයක්.  
14  මහින්ද විද්‍යාලය  නාලන්දා විද්‍යාලය   මහින්ද විද්‍යාලයට ලකුණු 27ක ජයක්.  
අවසන් මහා තරගය 
15  ධර්මරාජ විද්‍යාලය  මහින්ද විද්‍යාලය  තරගයේ විසඳුමක් නෑ. 

මෙම තරගාවලිය කාණ්ඩ 2ක් යටතේ පැවැති අතර එහි දී A කාණ්ඩයෙන් අපරාජිතව පෙරමුණ ගැනීමට ධර්මරාජ විද්‍යාලය සමත් වූවා. ඒ අනුව ප්‍රසාද ලකුණු 6ක් ලබා ගත් ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා. නමුත් එතැන් සිට ඉදිරියට යන දෙවැනි කණ්ඩායම තෝරා ගැනීම තරමක ව්‍යාකූල වන්නේ සෙසු කණ්ඩායම් ත්‍රිත්වය ම තරගයක් ජයග්‍රහණය කරමින් තරග 2ක් පරාජය වෙමින් ප්‍රසාද ලකුණු 2ක් බැගින් ලබා සිටි බැවිනුයි.  

ඒ අනුව ගණනය කෙරුණු ලකුණු ලබා ගැනීමේ වේගය මත ලකුණු 0.200ක් ලබා සිටි නාලන්දා විද්‍යාලය එම කඩුල්ල පැන ගැනීමට සමත් වෙනවා.  

B කාණ්ඩයේ තරගාවලිය තරමක තියුණු මුහුණුවරක් ගත්තේ මහින්ද විද්‍යාලය, ආනන්ද විද්‍යාලය සහ ධර්මාශෝක විද්‍යාලය ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 4 බැගින් ලබා ගනිමින් සම ස්ථානවලට පත් වීම හේතුවෙන්.  

පළමු වටයේ තරගවල දී මහින්ද විද්‍යාලය, ආනන්ද විද්‍යාලය සහ රාහුල විද්‍යාලය පරාජය කරමින් ද, ආනන්ද විද්‍යාලය, රාහුල විද්‍යාලය සහ ධර්මාශෝක විද්‍යාලය පරාජය කරමින් ද සහ ධර්මාශෝක විද්‍යාලය, රාහුල විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය පරාජය කරමින් ද මේ ලකුණු අතර සිටියා.  

ඒ අනුව ලකුණු ලබා ගැනීමේ වේගය මත අවසන් පූර්ව වටය නියෝජනය කරනු ලබන කණ්ඩායම් තෝරා ගැනුණ අතර එහි දී ලකුණු 1.667ක් ලබා ගත් මහින්ද විද්‍යාලය සහ ලකුණු 0.724ක් ලබා ගත් ආනන්ද විද්‍යාලයට එම වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්තා.  

එම වටයේ දී ධර්මරාජ විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය පරාජය කරමින් ද සහ මහින්ද විද්‍යාලය, නාලන්දා විද්‍යාලය පරාජය කරමින් ද අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.  

1 වැනි අවසන් පූර්ව තරගය, පල්ලෙකැලේ, 08, දෙසැම්බර් 2023, Colonel Henry Steele Olcott Memorial Cricket Tournament 2023 

කාසියේ වාසිය – ධර්මරාජ විද්‍යාලය 

ධර්මරාජ විද්‍යාලය – කඩුලු 4ක් දැවී 40 (5.0) ඉසුරු පන්නල 13, අරෝෂ මහගෙදර නොදැවී 11, අයේෂ් සශිමාල් 2/08 

ආනන්ද විද්‍යාලය – කඩුලු 4ක් දැවී 27 (5.0) ඉරුත් ගිම්ශාන් 15, කවිඳු ගුණරත්න 2/08, ඔනජිත් ද සිල්වා 2/02 

ධර්මරාජ විද්‍යාලයට ලකුණු 13ක ජයක්.  

2 වැනි අවසන් පූර්ව තරගය, පල්ලෙකැලේ, 08, දෙසැම්බර් 2023, Colonel Henry Steele Olcott Memorial Cricket Tournament 2023 

කාසියේ වාසිය – මහින්ද විද්‍යාලය 

මහින්ද විද්‍යාලය – කඩුලු 3ක් දැවී 57 (5.0) සෙනුක දංගමුව 26, හසිත් රත්නායක 1/08 

නාලන්දා විද්‍යාලය – කඩුල්ලක් දැවී 30 (5.0) සහන් ලිත්මිණ නොදැවී 14, දෙනෙත් කෞෂාල් 1/00 

මහින්ද විද්‍යාලයට ලකුණු 27ක ජයක්.  

අවසන් මහා තරගය, පල්ලෙකැලේ, 08, දෙසැම්බර් 2023, Colonel Henry Steele Olcott Memorial Cricket Tournament 2023 

කාසියේ වාසිය – ධර්මරාජ විද්‍යාලය 

ධර්මරාජ විද්‍යාලය – කිසිවෙක් නොදැවී 27 (2.5) කවිඳු ගුණරත්න නොදැවී 8 

තරගයේ විසඳුමක් නෑ.  

එලෙස විසඳුණ තරගාවලියේ පෞද්ගලික දක්ෂතා වෙනුවෙන් ප්‍රදානය කෙරුණ කුසලාන ත්‍රිත්වයක් දිනා ගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වීම කැපී පෙණුනා. ඒ අනුව තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙසින් තරග 4ක දී ලකුණු 70ක් ලබා ගත් සෙනුක දංගමුව ද, දක්ෂතම පන්දු යවන්නා (කඩුලු 4) සහ පන්දු රකින්නා ලෙසින් දෙනෙත් කෞශල්‍ය ද සම්මාන දිනා ගත්තා.  

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත් වූයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉරුෂ්ක ගිම්හාන්.   

තරගාවලියේ ආදි ක්‍රිකට් ක්‍රීඩකයන් සහභාගී වෙන අට සාමාජික තරගාවලිය අද (09) සහ හෙට (10) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ම පැවැත්වෙන අතර මෙම තරගවල දී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රීඩකයන් වන අර්ජුන රණතුංග, උපුල් චන්දන, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, රංජිත් මධුරසිංහ, තිළිණ කණ්ඩම්බි, මුතුමුදලිගේ පුෂ්පකුමාර, ජීවන්ත කුලතුංග වැනි ක්‍රීඩකයෝ සහභාගී වීමට නියමිතයි.   

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමටThePapare.com සූදානම්, රැඳී සිටින්නThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<