CH ප්‍රහාරය හමුවේ පොලිස් මෙහෙයුම අසාර්ථකයි

270

‘Dialog’ අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන අදියර යටතේ පොලිස් ක්‍රීඩා සමාජය සහ CH & FC ක්‍රීඩා සමාජය අතර ඊයේ (03) කොළඹ තුරඟ තරග ක්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන් ලකුණු 50-38ක ජයග්‍රහණයක් හිමි කර ගන්නට CH & FC ක්‍රීඩා සමාජය සමත් විය.

නාවික සිහින බොඳ කරමින් හැව්ලොක් ජයග්‍රාහකයින් අතරට

අන්තර් සමාජ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ දහතුන් වන සතිඅන්තය හමාර කරමින්…

තරගයේ ආරම්භක මිනිත්තු කිහිපය තුළම පොලිස් ක්‍රීඩා සමාජය පිට පිට උත්සාහක දිනුම් දෙකක් වාර්තා කර ගනිමින් ප්‍රතිවාදී CH & FC කණ්ඩායමට ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට සමත් විය. එහි පළමු අවස්ථාවේ දී පන්දුව හොඳින් හුවමාරු කරගනිමින් ඉදිරියට රැගෙන යාමට ඔවුන් සමත් වූ අතර අවසානයේ පන්දුව ලබාගත් උදාර සූරියප්පෙරුම සාර්ථකව එය උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යාමට සමත් විය. අනතුරුව දෙවන අවස්ථාවේ දී CH ක්‍රීඩකයින් අතින් සිදු වූ අත්වැරදීමක් හරහා පන්දුව ලබාගත් දිනේෂ් චන්දිමාල් එය පහසුවෙන් උත්සාහක දිනුමක් බවට පරිවර්තනය කරගන්නට සමත් විය. කෙසේ නමුත් එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථා ද්විත්වයෙන් සංදේශ් ජයවික්‍රම සාර්ථක කර ගැනීමට සමත් වූයේ එක් අවස්ථාවක් පමණි. (PSC 12-00 CH)

මිනිත්තු කිහිපයකට පසුව CH & FC කණ්ඩායමට දඬුවම් පහර අවස්ථාවක් හිමි වූ අතර එය ලබාගත් සැමුවෙල් මදුවන්ත පන්දුව සාර්ථකව ගෝල රාමුව තුළින් යොමු කරමින් සිය කණ්ඩායමේ ලකුණු ලබා ගැනීම ආරම්භ කරනු ලැබීය. (PSC 12-03 CH)

අනතුරුව අඛණ්ඩව උත්සාහක දිනුම් දෙකක් වාර්තා කර ගනිමින් CH & FC ක්‍රීඩකයින් තරගයේ පෙරමුණට එන්නට සමත් විය. එම උත්සාහක දිනුම් දෙකම වාර්තා කර ගනු ලැබුවේ ලී කීගල් විසිනි. එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද්විත්වය ද සාර්ථක කර ගන්නට සැමුවෙල් මදුවන්ත සමත් විය. (PSC 12-17 CH)

CR & FC ක්‍රීඩකයින් හමුවේ ගුවන් මෙහෙයුම අසාර්ථකයි

ඩයලොග් අන්තර් සමාජ රග්බි තරගාවලියේ අවසන් දෙසතිය ආරම්භ කරමින්…

පසුව නැවතත් තරගයට අවතීර්ණ වූ පොලිස් ක්‍රීඩකයින් තරගයේ 30 වන මිනිත්තුවේ දී තවත් උත්සාහක දිනුමක් වාර්තා කර ගනිමින් සිය කණ්ඩායම නැවතත් තරගයේ පෙරමුණට රැගෙන එන්නට සමත් විය. වජීඩ් ෆවුමි විසින් වාර්තා කර ගත් එම උත්සාහක දිනුම සංදේශ් විසින් සාර්ථකව ප්‍රවර්තනය කර ගනු ලැබීය. (PSC 19-17 CH)

අනතුරුව තරගයේ පළමු අර්ධය නිමා වන්නට පෙර කණ්ඩායම් දෙකම තම ලකුණු සටහනට තවත් එක් උත්සාහක දිනුම බැගින් එක්කර ගැනීමට සමත් විය. එහි දී CH & FC කණ්ඩායම වෙනුවෙන් වාර්තා කර ගත් උත්සාහක දිනුම හෙන්රි ටෙරන්ස් විසින් වාර්තා කර ගනු ලැබූ අතර එය මදුවන්ත විසින් සාර්ථකව ප්‍රවර්තනය කර ගන්නා ලදි. පසුව පොලිස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් රසිත් සිල්වා උත්සාහක දිනුමක් වාර්තා කරගත් අතර එය ප්‍රවර්තනය කර ගන්නට සංදේශ් අසමත් විය. ඒ අනුව තරගයේ පළමු අර්ධය නිමා වන විට කණ්ඩායම් දෙකම සම තත්වයේ පසු විය.

පළමු අර්ධය: පොලිස් ක්‍රීඩා සමාජය 24 – 24 CH & FC ක්‍රීඩා සමාජය

දෙවන අර්ධයට සාර්ථක ආරම්භයක් ලබාගනිමින් එහි දී වාර්තා වූ පළමු උත්සාහක දිනුම වාර්තා කර ගනු ලැබුවේ CH & FC කණ්ඩායම විසිනි. එහි දී ‘maul’ අවස්ථාවක් හරහා පන්දුව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යාමට සමත් වූයේ යෝෂිත රාජපක්‍ෂ යි. කෙසේ නමුත් එය සාර්ථකව ප්‍රවර්තනය කර ගන්නට මදුවන්ත සමත් වූයේ නැත. (PSC 24-29 CH)

ප්‍රබල මහනුවරට යුද හමුදාවෙන් ප්‍රබල අභියෝගයක්

‘Dialog’ අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ දෙවන අදියර යටතේ මහනුවර…

අනතුරුව පොලිස් ක්‍රීඩා සමාජය ද ‘maul’ අවස්ථාවක් හරහා උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට උත්සාහ දැරුව ද එහි දී CH & FC ක්‍රීඩකයින් දියත් කළ දැඩි ආරක්‍ෂාකාරී ක්‍රීඩා විලාශය නිසා එය සාර්ථක වූයේ නැත. කෙසේ නමුත් එහි දී අවසානයේ පොලිස් ක්‍රීඩා සමාජයට මතභේදාත්මක ‘penalty try’ අවස්ථාවක් පිරිනමන්නට විනිසුරුවරයා තීරණය කළේය. (PSC 31-29 CH)

ඉන් අනතුරුව පිට පිට උත්සාහක දිනුම් දෙකක් වාර්තා කර ගත් CH & FC ක්‍රීඩකයින් තරගයේ පාලනය ඔවුන් වෙත යොමු කර ගන්නට සමත් විය. එහි දී පළමු උත්සාහක දිනුම හෙන්රි ටෙරන්ස් විසින් වාර්තා කර ගත් අතර අනතුරුව සැමුවෙල් මදුවන්ත විසින් ප්‍රතිවාදී ක්‍රීඩකයින් පසු කර දිවයමින් බාර කළ පන්දුව හෂාන් මදුරංග පහසුවෙන් උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යමින් එහි දී දෙවන උත්සාහක දිනුම වාර්තා විය. එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාවන් ද්විත්වයම මදුවන්ත විසින් සාර්ථක කර ගනු ලැබීය. (PSC 31-43 CH)

අනතුරුව තරගයේ 78 වන මිනිත්තුවේ දී ලී කීගල් ලබා දුන් පන්දුවක් යෝෂිත රාජපක්‍ෂ විසින් උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යමින් තරගයේ සිය දෙවන උත්සාහක දිනුම වාර්තා කර ගැනීමට ඔහු සමත් වුවත් ඒ පිළිබඳ විනිසුරුවරුන් කළ සාකච්ඡාවකින් පසුව ඔවුන්ට ඒ සඳහා උත්සාහක දිනුම වෙනුවට ‘penalty try’ අවස්ථාවක් පිරිනමන්නට තීරණය කෙරිණ. එහි දී තවදුරටත් කණ්ඩායමේ දෙකේ ක්‍රීඩකයෙක් බැගින් ‘sin bin’ කලාපයට යොමු කරන්නට ද විනිසුරුවරුන් තීරණය කළේය. (PSC 31-50 CH)

පසුව තරගය අවසන් වන්නට පෙර පොලිස් ක්‍රීඩා සමාජයේ විහඟ පිවිතුරු විසින් වාර්තා කර ගත් උත්සාහක දිනුම සංදේශ් විසින් සාර්ථකව ප්‍රවර්තනය කර ගනු ලැබුවත් එය ප්‍රතිවාදී CH & FC කණ්ඩායමේ ජයග්‍රහණය වළකාලන්නට ප්‍රමාණවත් වූයේ නැත.

සම්පූර්ණ කාලය: පොලිස් ක්‍රීඩා සමාජය 38 (6T 4C) – 50 (7T 6C 1P) CH & FC ක්‍රීඩා සමාජය

ThePapare තරගයේ වීරයා – හෙන්රි ටෙරන්ස් (CH & FC ක්‍රීඩා සමාජය)

ලකුණු ලබා ගැනීම –

  • පොලිස් ක්‍රීඩා සමාජය – විහඟ පිවිතුරු 1T, රසිත් සිල්වා 1T, වජීඩ් ෆවුමි 1T, උදාර සූරියප්පෙරුම 1T, ජනිත් චන්දිමාල් 1T, සංදේශ් ජයවික්‍රම 3C, Penalty try 1
  • CH & FC ක්‍රීඩා සමාජය – හෙන්රි ටෙරන්ස් 2T, ලී කීගල් 2T, යෝෂිත රාජපක්ෂ 1T, හෂාන් මදුරංග 1T, සැමුවෙල් මදුවන්ත 5C 1P, Penalty try 1

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<