ගෙවුනු දවස ජූලි 05 – තවත් දෙන්නෙක් අද තරගයට

277
5th

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

ක්‍රිකට් –

කුලසේකර සහ ලහිරු සංචිතයට

Kulasekara and Kumaraසංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (6) සූරියවැව දී ආරම්භ වන තෙවන එක්දින තරගයට පෙර තවත් වේගපන්දු යවන ක්‍රීඩකයින් දෙපලක් සංචිතයට ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.

සංචිතය සඳහා තවත් වේගපන්දු යවන ක්‍රීඩකයින් දෙදෙනෙක් ඇතුළත් කිරීමට සිදු වී ඇත්තේ, සුරංග ලක්මාල් වෛරස් උණකට ගොදුරු වී ඇති නිසාවෙනි. වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් අවසන් තරග තුන සඳහා ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කළ ද, ඔහුට දැන් එම අවස්ථාව මඟ හැරෙනු ඇත.

සම්පූර්ණ වාර්තාව: කුලසේකර හා ලහිරු කුමාර එක්දින සංචිතයට


ඉන්දීය කාන්තාවන්ට ජය

image5මේ දිනවල පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා ඉන්දීය කාන්තා කණ්ඩායම අතර පැවැත්වූ තරගය ලකුණු 16කින් ජයග්‍රහණය කිරීමට ඉන්දීය ක්‍රීඩිකාවෝ සමත් වූහ. මෙම තරගය එංගලන්තයේ, ඩර්බි නුවර, කන්ට්‍රි ක්‍රීඩා පිටියේ දී ඊයේ (5) පැවැත්විය.

ඉන්දීය කාන්තා කණ්ඩායම – කඩුලු 8ක් දැවී ලකුණු 232 (පන්දුවාර 50): දීප්ති ශර්මා 78, මිතාලි රාජ් 53, වේදා ක්‍රිශ්නමූර්ති 29, හර්මන්ප්‍රීත් කවුර් 20, ශ්‍රීපාලි වීරක්කොඩි 3/28, ඉනෝකා රණවීර 2/55.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – කඩුලු 7ක් දැවී ලකුණු 216 (පන්දුවාර 50): ඩිලානි මනෝදරා 61, ශසිකලා සිරිවර්ධන , නිපුනි හංසිකා 29, චමරි අතපත්තු  25, පූනම් යදෙව් 2/23, ජුල්නා ගෝස්වාමි  2/26

සම්පූර්ණ වාර්තාව: දියාරු පන්දු රැකීම නිසා ඉන්දියාවට ජය


මලල ක්‍රීඩා –

හෙන්ඩර්සන්ගෙන් වාර්තාවක්

1111දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වූ ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා උළෙලේ දෙවන දිනය අවසන් වන විට 20න් පහළ බාලක රිටි පැනීමේ ඉසව්වෙන් තෙවන ස්ථාන 4ක් වාර්තා වීම සහ 16න් පහළ මී.

200 බාලිකා ඉසව්වේ සදීපා හෙන්ඩර්සන් විසින් තරගාවලි වාර්තාවක් අලුත් කිරීමත් කැපී පෙනෙන සිදුවීම් බවට පත්විය.

සම්පූර්ණ වාර්තාව: රිටි පැනීමේ ඉසව්වේ දී තෙවන ස්ථාන 4ක්

දිනයක අවසානය