Home Sinhala ගාලු සෙබළුන්ගේ අපලය දුරුවේ

ගාලු සෙබළුන්ගේ අපලය දුරුවේ

ලංකා ප්‍රිමියර් ලීගය 2020 - Coverage powered by My Cola

441

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණ පිපාසයෙන් සිටි Galle Gladiators ක්‍රීඩකයෝ අද (07) එය සංසිඳවා ගත්තේ ප්‍රබල Colombo Kings ක්‍රීඩකයන්ට එරෙහිව කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් අත්කර ගනිමිනි.

ගාලු ක්‍රීඩකයෝ මෙතෙක් සහභාගි වූ සෑම තරගයක දී ම පරාජය වූ අතර ඔවුන් ලැබූ පළමු ජයග්‍රහණය මෙය වේ. මීට පෙර මෙම කණ්ඩායම් දෙක අතර පැවති තරගය පන්දුවාර 5කට පමණක් සීමා වූ අතර එහි දී කොළඹ ක්‍රීඩකයෝ ලකුණු 34ක ජයග්‍රහණයක් ලැබූහ.

තරගාවලියේ 14 වැනි තරගය ලෙසින් ක්‍රියාත්මක අද තරගයේ දී Galle Gladiators කණ්ඩායමේ පෙර තරගයට ක්‍රීඩා කළ මිලින්ද සිරිවර්ධන සහ අසිත ප්‍රනාන්දු වෙනුවට ප්‍රථම වරට ක්‍රීඩා කිරීමට සහන් ආරච්චිගේ සහ නුවන් තුෂාර කැඳවා තිබුණි. Colombo Kings කණ්ඩායමේ එක් වෙනස්කමක් පමණක් කර තිබූ අතර ඒ දුෂ්මන්ත චමීර වෙනුවට ධම්මික ප්‍රසාද් කැඳවමිනි. 

>> තරගයේ ඡායාරූප ඇල්බමය <<

හම්බන්තොට අහසේ ඉහළ ගිය කාසියේ වාසිය දිනා ගත් අගනුවර ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට තෝරාගත් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 171ක් පමණි. පිළිතුරු හඹා යන ඉනිමේ දී ගාලු ක්‍රීඩකයෝ ලකුණු 175ක් ලබා ගත්තේ කඩුලු 2ක් පමණක් අහිමි කර ගනිමිනි. තරගය අවසන් වන විට ඔවුන්ට තවත් පන්දු 15ක් ඉතිරිව තිබුණි. 

කොළඹ කණ්ඩායමේ වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් සහ Laurie Evans ඉනිම ආරම්භ කළ ද ඔවුන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 19ක් පමණි. අනතුරුව කඩුල්ලේ දී ද ඔවුන්ගේ සබඳතාව ලකුණු 26කට සීමා කිරීමට ගාලු ක්‍රීඩකයෝ සමත් වූහ. එවර පෙර තරගයේ දී අර්ධ ශතකයක් ලබා ගත් චන්දිමාල් ලකුණු 35කට දවා ගැනීමට ඔවුන් සමත් වූහ. චන්දිමාල්ගේ ඉනිම පන්දු 20කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය. 

නායක ඇන්ජලෝ මැතිව්ස්ට අද ලබා ගත හැකි වූයේ ලකුණු 11ක් පමණි. එම කඩුල්ල ලබා ගැනීමේ ගෞරවය ලක්ෂාන් සඳකැන් සතු වූ අතර ඔහු ඊට පසුව ඇද වැටුණ කඩුලු දෙකේ ද හිමිකාරයා විය. ඒ අශාන් ප්‍රියංජන් (05) සහ Andre Russell (11) දවා ගනිමිනි. ඔවුන්ගේ නික්ම යෑමත් සමඟ කොළඹ ඉනිම කඩුලු 5ක් දැවි ලකුණු 105ක් විය. 

මේ අසීරු අවස්ථාවේ දී Daniel Bell Drummond සහ තික්ෂිල ද සිල්වා එක්වෙමින් කොළඹ ඉනිම ලකුණු 146ක් දක්වා රැගෙන ඒමට සමත් වූහ. කොළඹ ඉනිමේ හොඳම කඩුලු සබඳතාව ද එය විය. Daniel Bell Drummond පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 44ක් ලබා ගත් අතර එය ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාව ද විය.

LPL තතුවිත්ති:

තික්ෂිල පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 27ක් ද, ඉසුරු උදාන පන්දු 10ක දී හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 21ක් ද ලබා ගනිමින් කොළඹ පසු පෙළ ශක්තිමත් කළහ.  

පාකිස්තානයේ වමතින් වේගපන්දු යවන Mohammed Amir මෙම තරගයේ දී ලකුණු 26කට කඩුලු 5ක් දවා ගනිමින් තරගාවලියේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඔහු තරගයේ වීරයා ලෙසින් ද නම් කළේය. ලක්ෂාන් සඳකැන් කඩුලු 3ක් දවා ගත්තේ ය. ඒ ලකුණු 33ක් පමණක් ලබා දෙමින්. ධනංජය ලක්ෂාන්ට ද කඩුල්ලක් හිමි විය. 

ලකුණු 172ක හඹා යන ඉනිමකට පිටියට පිවිසි ගාලු ක්‍රීඩකයෝ ප්‍රතිවාදීන්ට වඩා වේගයෙන් ලකුණු රැස් කිරීමේ කාර්යයේ නිරත වූහ. කොළඹ ක්‍රීඩකයෝ තම ලකුණු 50 පන්දු 38ක දී රැස් කළ අතර ගාලු ක්‍රීඩකයෝ ඒ වෙනුවෙන් වැය කළේ පන්දු 30ක් පමණි. ඒ වේගය තරගය අවසන් වන තුරුම පවත්වා ගෙන යෑමට ගාලු ක්‍රීඩකයෝ සමත් වීම කැපී පෙණුනි. 

පෙර තරගවල දී සේ ම මෙම තරගයේදීත් වැඩි වගකීමක් ගනිමින් පිතිකරණයේ යෙදීමට ධනුෂ්ක ගුණතිලක උත්සාහ ගැනීම කැපී පෙණුනි. එසේ වූවත් ඔහු දුර්වල පන්දුවක දී වහා ක්‍රියාත්මක විය. ඔහු මෙන් ම අනෙක් ආරම්භක පිතිකරු වූ Ashan Ali ද එවැනිම ඉනිමක් ක්‍රීඩා කරනු දක්නට ලැබුණි.

ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ලට ලකුණු 97ක් රැස් කළේ පන්දු 64ක් පමණක් උපයෝගී කර ගනිමිනි. අද පළමු කඩුල්ල ලෙසින් දැවි ගියේ ධනුෂ්ක ය. ඔහු පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 38ක් ලබා ගත්තේ තරගාවලියේ ලකුණු 300ක් ඉක්ම වූ පළමුවැනි ක්‍රීඩකයා බවට පත් වෙමිනි. ඔහු මේ වන විට තරග 6කට සහභාගී වෙමින් ලකුණු 322ක් ලබා ගෙන ඇත. 

ධනුෂ්කගේ දැවී යෑමෙන් අනතුරුව ඒ වැනිම පන්දුවකින් නායක භානුක රාජපක්ෂ ද දැවි ගිය ක්‍රීඩකයෙක් ලෙසින් ප්‍රධාන විනිසුරුවරයා නම් කළේ භානුකගේ මුහුණ අඳුරු කරමිනි. භානුකට මේ තරගාවලිය මේ දක්වා එතරම් ම හිතකර වූයේ නැත. ඔහු නිමා වූ තරග 5 දී රැස් කරගෙන සිටියේ ලකුණු 39ක් පමණි. කෙසේ වෙතත් ඒ සුනංගුවෙන් ම විනිසුරු තීරණ අභියෝගයට ලක් කිරීමේ අවස්ථාව ලබා ගත් භානුක විනිසුරු පරාජය කරමින් පිටියේ රැඳී සිටීමට අවස්ථාව උදා කර ගත්තේය. 

ඊළඟ පන්දු වාරයේ දී එතෙක් සාර්ථකව සිටි Ashan Ali ද ඉනිම හැර ගියේය. ඒ වෙද්දී ඔහු පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 9ක සහ හයේ පහරක් සමඟින් ලකුණු 56ක් ලබා සිටියේය. 26 හැවිරිදි ජාත්‍යන්තර තරග 2ක් පමණක් ක්‍රීඩා කර ඇති මේ පාකිස්තාන ක්‍රීඩකයා මේ තරගාවලියේ ලබා ගත් මංගල අර්ධ ශතක ඉනිමයි මේ. 

ඔහුගේ දැවී යෑමත් සමඟින් භානුක කෙරෙහි වගකීම තවත් දෙගුණ තෙගුණ විය. Azam Khan ද සමඟ එක් වූ භානුක ප්‍රතිවාදී ඉලක්කය පසු කළේ මෙතෙක් ලැබී නොතිබූ ජයග්‍රහණයේ සතුට ද තම කණ්ඩායමට ලබා දෙමිනි. එහි දී භානුක පන්දු 24කට මුහුණ දී හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 37ක් ද සහ Azam Khan පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර සහ හයේ පහර 3 බැගින් එල්ල කරමින් ලකුණු 35ක් ද ලබා ගත් හ. 

ගාලු ක්‍රීඩකයෝ මෙල්ල කිරීමට කොළඹ නායකයා පන්දු යවන්නන් 8 දෙනෙක් යොදා ගත්ත ද ඔවුන් අතුරින් සාර්ථක වූයේ Qais Ahmad සහ ධම්මික ප්‍රසාද් පමණි. 

මේ වන විට මෙම කණ්ඩායම් දෙක තරග අවසන් කළ ආකාරය

TEAM M W L T PT
Colombo Kings 6 4 2 0 8
Galle Gladiators 6 1 5 0 2

Result


Colombo Stars
171/10 (20)

Galle Gladiators
175/2 (17.3)

Batsmen R B 4s 6s SR
Dinesh Chandimal c Chadwick Walton b Mohammad Amir 35 20 4 2 175.00
Laurie Evans lbw b Dhananjaya Lakshan 7 10 1 0 70.00
Daniel Bell Drummond c Dhananjaya Lakshan b Mohammad Amir 44 36 3 1 122.22
Angelo Mathews c Chadwick Walton b Lakshan Sandakan 11 9 1 0 122.22
Ashan Priyanjan c Sahan Arachchige b Lakshan Sandakan 5 7 0 0 71.43
Andre Russell c & b Lakshan Sandakan 11 9 2 0 122.22
Thikshila de silva c Chadwick Walton b Mohammad Amir 27 17 3 1 158.82
Isuru Udana c & b 21 10 1 2 210.00
Qais Ahmed c Danushka Gunathilaka b Mohammad Amir 5 4 1 0 125.00
Tharindu Kaushal run out () 0 1 0 0 0.00
Dhammika Prasad not out 0 0 0 0 0.00


Extras 5 (b 0 , lb 0 , nb 0, w 5, pen 0)
Total 171/10 (20 Overs, RR: 8.55)
Bowling O M R W Econ
Mohammad Amir 4 0 26 5 6.50
Nuwan Thushara 4 0 31 0 7.75
Dhananjaya Lakshan 4 0 34 1 8.50
Lakshan Sandakan 4 0 33 3 8.25
Bhanuka Rajapakse 2 0 22 0 11.00
Shehan Jayasuriya 2 0 25 0 12.50


Batsmen R B 4s 6s SR
Danushka Gunathilaka lbw b Qais Ahmed 38 28 5 0 135.71
Ahsan Ali c Andre Russell b Dhammika Prasad 56 38 9 1 147.37
Bhanuka Rajapakse not out 37 24 6 1 154.17
Azam Khan not out 35 16 3 3 218.75


Extras 9 (b 4 , lb 0 , nb 1, w 4, pen 0)
Total 175/2 (17.3 Overs, RR: 10)
Did not bat Chadwick Walton, Dhananjaya Lakshan, Shehan Jayasuriya, Sahan Arachchige, Nuwan Thushara, Mohammad Amir, Lakshan Sandakan,

Bowling O M R W Econ
Angelo Mathews 1 0 10 0 10.00
Isuru Udana 4 0 32 0 8.00
Andre Russell 2 0 22 0 11.00
Ashan Priyanjan 2 0 22 0 11.00
Thikshila de silva 1 0 13 0 13.00
Qais Ahmed 4 0 23 1 5.75
Dhammika Prasad 2.3 0 33 1 14.35
Tharindu Kaushal 1 0 16 0 16.00



තරගාවලියේ 15 වැනි තරගය ලෙසින් අද (07) රාත්‍රී 8.00ට  Jaffna Stallions සහ Dambulla Viiking අතර තරගය පැවැත්වීමට නියමිත ය. ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු My Cola අනුග්‍රාහකත්වය යටතේ ThePapare.com හරහා ඔබ වෙත ගෙන ඒමට සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<