ලංකා ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ අද (01) පළමු තරගය ලෙසින් අවසන් වූ Colombo Kings සහ Dambulla Viiking අතර තරගයෙන් ලකුණු 28ක ජයග්‍රහණයක් ලබා ගැනීමට දඹුලු ක්‍රීඩකයෝ සමත් වූහ.
පළමුවෙන් පන්දුවට පහර දුන් දඹුලු ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 175ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අගනුවර ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 147ක් පමණි. ඔවුන්ට ඉනිම අවසන් කිරීමට තවත් පන්දු 8ක් ඉතිරිව තිබුණි.
හම්බන්තොට දී පැවති මෙම තරගය තරගාවලියේ 7 වැනි තරගය වූ අතර කණ්ඩායම් දෙකම තමන් මුහුණ දුන් තෙවැනි තරග විය. ඒ වෙද්දී අගනුවර ක්‍රීඩකයෝ ප්‍රසාද ලකුණු පුවරුවේ දෙවැනි ස්ථානයේ රැඳී සිටි අතර දඹුලු ක්‍රීඩකයෝ රැඳී සිටියේ සිව්වැනි ස්ථානයේය. තරගය නිමා වන විට අගනුවර ක්‍රීඩකයෝ තව දුරටත් තම ස්ථාන තහවුරු කරගෙන සිටීමට සමත් වූ අතර දඹුලු ක්‍රීඩකයෝ ප්‍රසාද ලකුණු පුවරුවේ එක් පිම්මක් ඉදිරියට පැමිණීමට සමත් වූහ.
දඹුලු කණ්ඩායම වෙනුවෙන් අද පළමු වරට ක්‍රීඩකයන් සිව් දෙනෙක් කැඳවීමට නායක දසුන් තීරණය කර තිබුණි. ඒ අනුව ඇන්ජලෝ පෙරේරා, පුලින තරංග, කසුන් රාජිත සහ සචිඳු කොළඹගේ නම් කර තිබුණි. අගනුවර කණ්ඩායම වෙනුවෙන් අමිල අපෝන්සු සහ Daniel Bell Drummond කැඳවා තිබුණි.
කාසියේ වාසිය දිනා ගත් දඹුලු නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සතු කර ගත්තේ ය. ඒ අනුව ආරම්භ වූ ඉනිමේ පළමු කඩුලු 2 පන්දු 8ක් තුළ දවා ගැනීමට අගනුවර ක්‍රීඩකයෝ සමත් වූහ. තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 71ක සබඳතාවක් ගොඩ නැගීමට උපුල් තරංග සහ Samit Patel සමත් වූයේ අවශ්‍යම මොහොතක ලකුණු අතරට පිවිසෙමිනි.
උපුල් පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 25ක් ලබා ගත් අතර Patel සිව්වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තේ ය.
අනතුරුව ඉනිමේ හොඳම කඩුලු සබඳතා අතර දෙවැනි තැනට පත් සබඳතාව එක් කිරීමට නායක දසුන් ශානක සහ ඇන්ජලෝ පෙරේරා සමත් වූහ. ඔවුන් අතර 5 වැනි කඩුල්ලට ලකුණු 38ක සබඳතාවක් එක් වූහ. එම ලකුණු සබඳතාව නිමා වූයේ ඇන්ජලෝගේ දැවී යෑමත් සමඟ ය. ඔහු පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 21ක් ලබා ගත්තේය.
අද තරගයේ දී දසුන් මෙම තරගාවලියේ එක් කළ දෙවැනි අර්ධ ශතකය වාර්තා කළේය. නමුත් ඔහු ලකුණු 6ක් ලබා සිටිය දී දවා ගැනීමට තිබූ ලෙහෙසි අවස්ථාවක් චන්දිමාල් විසින් මඟ හැර ගත්තේය. කෙසේ වෙතත් ශානක පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 56ක් ලබා ගත්තේය. දැනට තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වී සිටින්නේ ද දසුන් ය. අද තරගයේ වීරයා සම්මානය ද දිනා ගත්තේ දසුන් ය.
දඹුලු ඉනිම පාලනය කිරීමට අගනුවර නායකයා පන්දු යවන්නෝ 8 දෙනෙක් භාවිතා කළ අතර ඉන් සාර්ථක ඵල නෙලා ගත්තේ අවසන් පන්දුවාරයේ කඩුලු 2ක් සමගින් ලකුණු 18කට කඩුලු 3ක් දවා ගත් Andre Russell ය. ඉසුරු උදාන ද ලකුණු 25කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතරව දුෂ්මන්ත චමීර කඩුලු 2ක් ද සහ ඇන්ජලෝ මැතිව්ස් කඩුල්ලක් ද බැගින් ලබා ගත්හ.
තවත් LPL විස්තර:
- Kandy Tuskers ගාලු ක්‍රීඩකයෝ පරාජිත ලැයිස්තුවේම සිරකරයි
- තිසරගේ සුපිරි පිතිකරණයෙන් Jaffna Stallions ජය මාවතට
- Dambulla Viiking සංචිතයට අලුත් සාමාජිකයෙක්
- එක්ව ඉදිරියට යන දසුන්ගේ Dambulla Viiking බලකාය
- ඇන්ජලෝ සමඟ රජ වෙන්නට යන Colombo Kings
ලකුණු 176ක් වෙනුවෙන් හඹා යන ඉනිම දිනේෂ් චන්දිමාල් තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන් ම තම කඩුල්ල අහිමිකර ගත්තේය. එය අගනුවර ඉනිමට බලවත් පාඩුවක් වූ අතර අනෙකුත් පිතිකරුවන් ද සලිත කරීමට හේතුවක් විය.
තික්ෂිල ද සිල්වා (5) සහ ඇන්ජලෝ මැතිව්ස් (11) අඩු ලකුණුවලට සීමා වෙද්දී, ඉනිමේ වඩාත් භයානක පිතිකරු Andre Russell තමන් යැවූ පළමු පන්දුවාරයේ දී ම දවා ගැනීම සචිඳු කොළඹගේ සමත් විය. එම කඩුල්ල දවා ගැනීමට ඇන්ජලෝ පෙරේරා ඈත අන්තයේ සිට ලබා ගත් උඩ පන්දුව වැනිම උඩ පන්දුවක් ඊළඟ කඩුල්ල දවා ගැනීමට ද ලබා ගැනීම කැපී පෙණුනි. එවර කඩුල්ල අහිමි කර ගත්තෙ අශාන් ප්‍රියන්ජන් ය. පන්දු යවන්නා වූයේ මාලින්ද පුෂ්පකුමාර ය.
ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිසි Laurie Evans පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 59ක් ලබා ගෙන සිටිය දී ඔහුගේ කඩුල්ල බිඳ දැමීමට පුලින තරංග සමත් විය. අගනුවර ඉනිමේ කඩා වැටීම කෙසේ ද යත් ඔහු දැවි ගියේ ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙසිනි.
අනතුරුව යැවුණ මාලින්ද පුෂ්පකුමාරගේ පන්දුවාරයේ දී ඉසුරු උදාන ද ලකුණු 5කට තම ඉනිම අවසන් කර ගත් අතර එය මාලින්දගේ දෙවැනි කඩුල්ල විය. ඒ වෙද්දී ඔහු තම පන්දුවාර 4 ලකුණු 19කට යවා තිබුණි.
ධම්මික ප්‍රසාද් 8 වැනි කඩුල්ලට ලකුණු 7ක් පමණක් ලබා දැවී ගිය පසු පසුපෙළ ශක්තිමත් කරමින් සිටි Qais Ahmad (14) දවා ගැනීමට පුලින තරංග සමත් විය. එවර ද ඇන්ජලෝ පෙරේරා අපූරු උඩ පන්දු රැකීමක නිරත විය.
අවසන් කඩුල්ල වෙනුවෙන් පිටියේ ක්‍රියාත්මක වෙමින් සිටි දුෂ්මන්ත චමිර (17) සහ ජෙෆ්රි වැන්ඩර්සේ (4*) ලකුණු 26ක සබඳතාවක් එක් කිරීම කැපී පෙණුනි.
කඩුලු ලබා ගැනීමේ දී මාලින්දට අමතර ව Samit Patel, Anwar Ali සහ පුලින තරංග ද කඩුලු 2 බැගින් දවා ගත් අතර කසුන් රාජිත සහ සචිඳු කොළඹගේ කඩුල්ල බැගින් දවා ගත්හ.
මේ වන විට මෙම කණ්ඩායම් දෙක තරග අවසන් කළ ආකාරය
Team | M | W | L | T | PT |
Dambulla Viiking | 3 | 2 | 1 | 0 | 4 |
Colombo Kings | 3 | 2 | 1 | 0 | 4 |
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Niroshan Dickwella | c Dinesh Chandimal b Angelo Mathews | 1 | 4 | 0 | 0 | 25.00 |
Paul Stirling | c Thikshila de silva b Isuru Udana | 1 | 1 | 0 | 0 | 100.00 |
Upul Tharanga | c Andre Russell b Dushmantha Chameera | 25 | 24 | 3 | 1 | 104.17 |
Samit Patel | c Dinesh Chandimal b Dushmantha Chameera | 30 | 27 | 3 | 1 | 111.11 |
Dasun Shanaka | c Andre Russell b Isuru Udana | 56 | 34 | 3 | 4 | 164.71 |
Angelo Perera | c Dinesh Chandimal b Isuru Udana | 21 | 16 | 2 | 1 | 131.25 |
Anwar Ali | c Qais Ahmed b Andre Russell | 2 | 4 | 0 | 0 | 50.00 |
Pulina Tharanga | c & b Andre Russell | 4 | 5 | 0 | 0 | 80.00 |
Malinda Pushpakumara | not out | 11 | 3 | 1 | 1 | 366.67 |
Sachindu Colambage | c Isuru Udana b Andre Russell | 0 | 1 | 0 | 0 | 0.00 |
Extras | 24 (b 0 , lb 5 , nb 1, w 18, pen 0) |
Total | 175/9 (20 Overs, RR: 8.75) |
Did not bat | Kasun Rajitha, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Angelo Mathews | 2 | 0 | 14 | 1 | 7.00 | |
Isuru Udana | 4 | 0 | 25 | 3 | 6.25 | |
Dhammika Prasad | 2 | 0 | 24 | 0 | 12.00 | |
Qais Ahmed | 4 | 0 | 36 | 0 | 9.00 | |
Ashan Priyanjan | 1 | 0 | 9 | 0 | 9.00 | |
Jeffrey Vandersay | 1 | 0 | 17 | 0 | 17.00 | |
Dushmantha Chameera | 4 | 0 | 27 | 2 | 6.75 | |
Andre Russell | 2 | 0 | 18 | 3 | 9.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Dinesh Chandimal | c & b Samit Patel | 0 | 1 | 0 | 0 | 0.00 |
Laurie Evans | b Pulina Tharanga | 59 | 33 | 5 | 4 | 178.79 |
Thikshila de silva | c Paul Stirling b Kasun Rajitha | 5 | 5 | 1 | 0 | 100.00 |
Angelo Mathews | c Malinda Pushpakumara b Anwar Ali | 11 | 14 | 2 | 0 | 78.57 |
Andre Russell | c Angelo Perera b Sachindu Colambage | 5 | 6 | 1 | 0 | 83.33 |
Ashan Priyanjan | c Angelo Perera b Malinda Pushpakumara | 11 | 12 | 1 | 0 | 91.67 |
Isuru Udana | c Dasun Shanaka b Malinda Pushpakumara | 5 | 11 | 0 | 0 | 45.45 |
Qais Ahmed | c Angelo Perera b Pulina Tharanga | 14 | 9 | 1 | 1 | 155.56 |
Dhammika Prasad | st Niroshan Dickwella b Samit Patel | 7 | 6 | 1 | 0 | 116.67 |
Dushmantha Chameera | c Pulina Tharanga b Anwar Ali | 17 | 12 | 3 | 0 | 141.67 |
Jeffrey Vandersay | not out | 4 | 3 | 1 | 0 | 133.33 |
Extras | 9 (b 0 , lb 2 , nb 0, w 7, pen 0) |
Total | 147/10 (18.4 Overs, RR: 7.88) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Samit Patel | 4 | 0 | 30 | 2 | 7.50 | |
Kasun Rajitha | 3 | 0 | 27 | 1 | 9.00 | |
Malinda Pushpakumara | 4 | 0 | 19 | 2 | 4.75 | |
Anwar Ali | 1.4 | 0 | 10 | 2 | 7.14 | |
Sachindu Colambage | 3 | 0 | 28 | 1 | 9.33 | |
Pulina Tharanga | 3 | 0 | 31 | 2 | 10.33 |
හෙට (02) තරගාවලියේ දෙවැනි විවේක දිනයයි.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු My Cola අනුග්‍රාහකත්වය යටතේ ThePapare.com හරහා ඔබ වෙත ගෙන ඒමට සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<