ටේලර් – ඩොටින් සබඳතාවය හමුවේ ශ්‍රී ලංකාව යළිත් අසරණ වෙයි

91

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වූ දෙවන එක්දින තරගයෙන් ද කඩුලු 7ක පරාජයක් උරුමකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය. තරගය ට්‍රිනිටෑඩ් හිදී පැවැත්විය. එහි දී කොදෙව් ක්‍රීඩිකා ස්ටෙෆනි ටේලර් හා දේන්ද්‍ර ඩොටින් දක්ෂ පිතිකරණයක නිරත විය.

හේලි හා මෙරීසා ලංකාවට එරෙහි වෙයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වූ පළමු එක්දින ක්‍රිකට් තරගය අද (12) අවසන් වූයේ කොදෙව් කාන්තාවන්ට කඩුලු 6ක ජයක්…

ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (13) රාත්‍රි 11.30ට පමණ ආරම්භ වීමට නියමිතව තිබූ මෙම තරගය, වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරමක ප්‍රමාදයකට පසුව ආරම්භ විය. ඒ නිසා තරගය එක් පිලකට පන්දුවාර 47කට සීමා කිරීමට තරග තීරක හට සිදු විය.

මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් කොදෙව් කාන්තාවෝ පළමුව පන්දු රැකීමට තීරණය කළහ. ඒ අවසරයෙන් පළමුව පිටියට පැමිණි ශ්‍රී ලංකා ආරම්භ පිතිකාරිනියන් යුගල ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දෙමින් ලකුණු 53ක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. ඒ සඳහා ඔවුන් විසින් වැය කළේ පන්දුවාර 11ක් පමණි. පන්දු 32ක් තුළ 4 පහර 7ක් සමඟින් වේගවත් ලකුණු 34ක් ලබාගත් මෙන්ඩිස් දිනයේ පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්ව ගියේ, ඇෆී ෆෙලෙචර් එවූ පන්දුවකට කොදෙව් නායිකා ස්ටෙෆනි ටේලර් අතට පහසු උඩපන්දුවක් ලබා දෙමිනි. හංසිකා ද 4 පහර 2ක් සමඟින් ලකුණු 18ක් ලබාගෙන සිටිය දී නැවතත් ක්‍රීඩාගාරයට හරවා යැවීමට කොදෙව් ක්‍රීඩිකාවන් සමත් විය.

අනතුරුව පිටියේ එක්වූ වමත් පිතිකාරිනියක් වන අතපත්තු හා ඩිලනි මනෝදරා තෙවන කඩුල්ලට ලකුණු 32ක සබඳතාවයක් ගොඩනැංවූයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 104ක් දක්වා වර්ධනය කරමිනි. අතපත්තු මනරම් 4 පහර 3ක් සමඟින් ලකුණු 31ක් ලබාගෙන සිටිය දී දැවී ගිය පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩාවැටීම ආරම්භ විය. කඩුලු 7ක් දැවී ලකුණු 127ක් දක්වා ලකුණු පුවරුව යම් පසුබෑමකට ලක්ව තිබූ පසුබිමක රෙබේකා වැන්ඩොර්ට් හා ශ්‍රීපාලි වීරක්කොඩි යන ක්‍රීඩිකාවන් දෙදෙනා ලකුණු 29ක සබඳතාවයක් 8 වන කඩුල්ල සඳහා ගොඩනැංවිය. අවසානයේ ශ්‍රී ලංකා කාන්තාවන්ට සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 162කි.

බාබර්ගේ ශතකය නිසා ශ්‍රී ලංකාවට අභියෝගාත්මක ඉලක්කයක්!

පාකිස්තානු දකුණත් පිතිකරු බාබර් අසාම් වාර්තා කළ ශතකය නිසා අද (13) ඩුබායි හිදී ඇරඹුණු පළමු එක්දින තරගයේ දී ලකුණු 300 සීමාව ආසන්නයට ලඟා වීමට පාකිස්තානු කණ්ඩායමට…

පන්දු යැවීමේ දී දකුණතින් දඟ පන්දු යවන ක්‍රීඩිකා ෆෙලෙචර් ලකුණු 24ක් තුල කඩුලු 2ක් දවාලන ලදි.

පසුගිය තරගය ද කඩුලු 6කින් ජයග්‍රහණය කළ කොදෙව් කණ්ඩායම මෙම තරගය ද ජයග්‍රහණය කිරීමේ අරමුණ ඇතිව පිටියට පිවිසියේය. ඔවුන් ද  ආරම්භ කඩුල්ල සඳහා ලකුණු 49ක් සබඳතාවයක් ගොඩනැංවූ අතර, එය අර්ධ ශතක සබඳතාවයක් ⁣බවට පරිවර්තනය කර ගැනීමට ඔවුන්ට නොහැකි වූයේ, කයිසියා නයිට් ලකුණු 24කට දැවී යාම නිසාවෙනි. ඉන් මොහොතකට පසුව ලකුණු 25ක් ලබාගෙන සිටි හේලි මැතිව්ස් ඉනෝකා රණවීර එවූ පන්දුවකට දැවී ගියේය. චීඩීන් නැටියන් ද ලකුණු 8ක් ලබාගෙන සිටිය දී ක්‍රීඩාගාරය දෙසට පිංයමං කළේ, ඔවුන්ගේ ලකුණු පුවරුව කඩුලු 3ක් දැවී ලකුණු 86ක් ලෙස සනිටුහන් කරමිනි.

අනතුරුව තණතීරුව මත ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගේ උපක්‍රම හඳුනාගත් කොදෙව් නායිකා ටේලර් හා දේන්ද්‍ර ඩොටින් සිව්වන කඩුල්ල සඳහා ලකුණු 77*ක නොදැවුණු සබඳතාවයක් ගොඩනැංවූයේ ශ්‍රී ලංකා කාන්තාවන්ට තරගාවලියේ පරාජය ද උරුමකර දෙමිනි. එහි දී දකුණතින් පිත්ත හසුරුවන ටේලර් නොදැවී ලකුණු 60*ක් රැස්කර ගත්තේ සිය 28වන එක්දින අර්ධ ශතකයයි. එම ඉනිමට 4 පහර 3ක් හා එක් 6 පහරක් ද ඇතුළත් විය. ඇයට අගනා සහයක් දුන් ඩොටින් 4 පහර 4ක් හාඑක් 6 පහරක් සමඟින් නොදැවී ලකුණු 37*ක් රැස්කර ගත්තාය.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අතපත්තු, ශසිකලා සිරිවර්ධන හා රණවීර අතරේ එක් කඩුල්ල බැගින් බෙදීයන ලදි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – 162/10 (46.3): යසෝදා මෙන්ඩිස් 34, චමරි අතපත්තු 31, ඩිලනි මනෝදරා 26, ඇෆී ෆෙලෙචර් 3/24, අනීසා මොහොමඩ් 2/16, ස්ටෙෆනි ටේලර් 2/31.

කොදෙව් කාන්තා කණ්ඩායම – 163/3 (39.4): ස්ටෙෆනි ටේලර් 60*, දේන්ද්‍ර ඩොටින් 37*, හේලී මැතිව්ස් 25, චමරි අතපත්තු 1/25, ශසිකලා සිරිවර්ධන 1/33, ඉනෝකා රණවීර 1/43.

තරගයේ වීරවරිය – ස්ටෙෆනි ටේලර් (කොදෙව් කාන්තා කණ්ඩායම)

කොදෙව් කාන්තා කණ්ඩායම තරග 2-0ක් ලෙස දැනටමත් ජයග්‍රහණය කර ඇති මෙම තරගාවලියේ මීළඟ තරගය හෙට (15) මෙම ක්‍රීඩා පිටියේ දී ම පැවැත්වේ.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<