Home Sinhala ජනිත්, මහීෂ් සහ පසුපෙළ පිතිකරුවන් ශ්‍රී ලංකාව දිනවයි

ජනිත්, මහීෂ් සහ පසුපෙළ පිතිකරුවන් ශ්‍රී ලංකාව දිනවයි

සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2024

130
සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2024

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අද (8) කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා. තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 2ක තියුණු ජයක් ලබාගත්තා. ඒ අනුව 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ලබාගන්නට ශ්‍රී ලංකාව සමත් වුනා.

තරගයේ දී ජනිත් ලියනගේ, මහීෂ් තීක්ෂණ දැක්වූ දස්කම් වලට අමතරව ශ්‍රී ලංකා පසුපෙළ පිතිකරුවන් දැක්වූ දස්කම් කැපී පෙනුනා.

>>Photos – Zimbabwe tour of Sri Lanka 2024 | 2nd ODI<<

දෙරට අතර පැවති පළමු තරගය වර්ෂාව නිසාවෙන් ප්‍රතිඵලයක් නොමැතිව අවසන් වුනු අතර කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ශ්‍රී ලංකාව කිසිඳු වෙනසක් නොමැතිව තරගයට අවතීර්ණ වුවත්, සිම්බාබ්වේ කණ්ඩායම එක් වෙනසක් සිදු කරමින් ආරම්භක පිතිකරු Takudzwanashe Kaitano වෙනුවට Joylord Gumbie කණ්ඩායමට කැඳවා තිබුනා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

ශ්‍රී ලංකාව – අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස් (නායක), සදීර සමරවික්‍රම, ජනිත් ලියනගේ, චරිත් අසලංක, සහන් ආරච්චිගේ, දසුන් ශානක, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, දුෂ්මන්ත චමීර, ඩිල්ශාන් මදුශංක

සිම්බාබ්වේ – Joylord Gumbie, Tinashe Kamunhukamwe, Craig Ervine (c), Milton Shumba, Sikandar Raza, Ryan Burl, Clive Madande †, Faraz Akram, Richard Ngarava, Blessing Muzarabani, Tapiwa Mufudza

පළමු තරගයේ දීද පළමු පන්දුවෙන්ම දැවී ගිය Kamunhukamwe මේ තරගයේ දීත් පළමු පන්දුවෙන්ම දවාගන්නට වමතින් වේගපන්දු යවන මදුශංක සමත් වුනා. අනතුරුව නායක Ervine සමඟ එක්වුණු Gumbie 2වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 60ක සබඳතාවයක් එක් කරමින් සිම්බාබ්වේ ඉනිම ස්ථාවර කිරීමට අවශ්‍ය වුනු මුල් අඩිතාලම සකස් කළා.

ලකුණු 30ක් ලබාගෙන සිටි Gumbieගේ කඩුල්ල දවාගනිමින් තීක්ෂණ සිය කඩුලු දඩයම ආරම්භ කළ අතර Ervine සමඟ එක්වුණු Shumba සහ Burl පිළිවෙලින් 3 වැනි සහ 5 වැනි කඩුලු වෙනුවෙන් ලකුණු 53ක සහ ලකුණු 67ක අර්ධ ශතක ගොඩනැංවූවා. එම සබඳතාවයන් බිඳ දැමීම වෙනුවෙන් මහීෂ් සහ චමීර දායක වුනු අතර ලකුණු 82ක් ලබාගත් Ervine දවාගැනීම වෙනුවෙන් Backward Point කලාපයේ සිට සධීර රැකගත් සුපිරි උඩපන්දුව තරගයේ හැරවුම් ලක්ෂ්‍යයක් වුනා. එම පන්දුවාරය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මද විරාමයකින් අනතුරුව නැවතත් පන්දුව අතට ගත් චමීර ඊට පෙර පන්දු යැවීම යොමු කළ අන්තය හුවමාරු කරමින් ඛෙත්තාරාම අන්තයෙන් පන්දු යැවීම සිදු කළා.

ලකුණු 82 ලබාගත් Ervineගේ කඩුල්ල ලකුණු 29දී ස්ටම්ප්ස් කිරීමකට හසු කරගන්නට තිබුණු අවස්තාව කුසල් අතින් (පන්දු යවන්නා – සහන් ආරච්චිගේ) මඟ හැරී යාමෙන් අනතුරුව ඔහු ලකුණු 53ක් ලබාගත්තේ ලකුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ලබාගෙනයි. එය ඔහුගේ එක්දින දිවියේ ලබාගත් 20 වැනි අර්ධ ශතකය වුනු අතර ශ්‍රී ලංකාවට එරෙහිව ලබාගත් තුන්වැනි එක්දින අර්ධ ශතකය එයයි. ඔහුගේ ඉනිම 4 පහර 9කින් සහ 6 පහරකින් වර්ණවත් වුනා.

Ervineගේ පිතිකරණය වටා ගොඩනැංවුණු සිම්බාබ්වේ ලකුණු සටහන 182ක්ව තිබියදී 5 වැනි කඩුල්ල ලෙස Ervine දැවී ගිය අතර අනතුරුව ඔවුන්ගේ අවසන් කඩුලු 5 ලකුණු 26ක් තුල බිඳ දවාගන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුනා.

සිම්බාබ්වේ ඉනිමට ජීවයක් එක් කළ අර්ධ ශතක සබඳතා තුන ගොඩනැංවීම වෙනුවෙන් දායක වුනු ක්‍රීඩකයින් සිව්දෙනා ලබාගත් ලකුණු 169 හැරුණු විට, අනෙක් සියලුම ක්‍රීඩකයින් සහ අතිරේක ලකුණු එකතුව සටහන් වුනේ ලකුණු 39ක් ලෙසයි.

පන්දු යැවීමේ දී මහීෂ් සිය එක්දින දිවියේ 5 වැනි කඩුලු 4 අවස්තාව සාර්ථක කරගත් අතර සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව කඩුලු 4ක දස්කමක් දැක්වූ දෙවැනි අවස්ථාව මෙයයි. එසේම අවසන් ඉනිම 10 තුල ඉනිමක් තුල මහීෂ්ට කඩුලු 2කට වඩා දවාගැනීමට නොහැකි වුනා.

ලකුණු 209ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට අවතීර්ණ වුනු අවිශ්ක සහ කුසල්ගේ සබඳතාවය නැවත වරක් ඉක්මනින්ම බිඳ දැමීමට Ngarava සමත් වුනේ, ලකුණු 4ක් ලබාගෙන සිටි අවිශ්ක දවාගෙනයි. සධීර හටද මේ තරගය තුල සාර්ථක වීමට Ngarava අවස්ථාවක් ලබානොදුන් අතර ඔහු ද පිට ඉන්නෙන් එපිට පන්දුවකට පහරක් එල්ල කිරීමට ගොස් පිත්තේ පිටත දාරයේ වැදී ස්ලිප් කලාපයට උඩපන්දුවක් දෙමින් දැවී ගියා.

ලකුණු පුවරුවේ පීඩනය ශ්‍රී ලංකාවට පතිත වී තිබුණු අවස්ථාවේ කුසල් සමඟ එක්වුණු ලියනගේ 3 වැනි කඩුල්ල වෙනුවෙන් 35ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ඉනිමේ පළමු ස්ථාවර ආරම්භය සකස් කළා. Muzarabaniගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීම නිසාවෙන් කුසල් තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගිය නමුත් එය ශ්‍රී ලංකාවේ සහ ඔහුගේ වාසනාවට නිපන්දුවක් වීම නිසාවෙන් තවදුරටත් කඩුල්ලේ රැඳී සිටීමට කුසල් වාසනාවන්ත වුනා. අනතුරව ලකුණු 16ක් ලබාගෙන සිටියදී ද Muzarabani වෙත උඩපන්දුවක් ලබාදුන් නමුත් එයද රැකගැනීමට නොහැකි වුනා. කෙසේ නමුත් ඉන් නිසි ඵල ලබානොගත් කුසල් ලකුණු 17කට දැවී ගියා.

පළමු තරගයේ දී ශතකයක් ලබාගත් අසලංක හට මේ තරගයේ දී එකඳු හෝ ලකුණක් ලබාගැනීමට නොහැකි වුනු අතර පසුගියදා සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ ජනිත් අංක 4 පිතිකරු ලෙස ශ්‍රී ලංකා මැදපෙළ සබඳතාවයන් ගොඩනැංවීමේ දී එක් අන්තයක් රැකගෙන ක්‍රීඩා කරමින් අගනා ලකුණු 95ක් ලබාගත් නමුත් ඔහුට සිය ශතකයට යන්නට හැකියාවක් ලැබුනේ නැහැ. ජනිත් පන්දු 127ක් තුල 4 පහර 6ක් සහ 6 පහර 2ක් එල්ල කරමින් එම අගනා ලකුණු 95 ලබාගත්තා.

ලකුණු 112කට කඩුලු 6ක් දැවී තිබියදී ශ්‍රී ලංකාවේ තරග ජයග්‍රහණ බලාපොරොත්තු සෑහෙන්න මට්ටමකින් පහතට වැටුණු අතර නමුත් අවසානයේ දී තවත් කඩුලු 2ක් දැවී ඉතිරි ලකුණු 99 ලබාගන්නට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත් වුනා.

7 වැනි කඩුල්ල වෙනුවෙන් ජනිත් සමඟ එක්වුණු මහීෂ් ලකුණු 56ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ජයග්‍රහණ බලාපොරොත්තු ඉහල නැංවූවා. අනතුරුව මහීෂ් සහ ජනිත් දැවී ගිය පසුව වැන්ඩසේ සහ චමීර පිළිවෙළින් ලකුණු 19*ක් සහ ලකුණු 18* නොදැවී ලබාගෙන ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන්ට ද ආදර්ශයක් වෙමින් සටන්කාමී ලෙස ශ්‍රී ලංකාව ජයග්‍රහණය වෙත රැගෙන ගියා.

පන්දු යැවීමේ දී Ngarava ලකුණු 32කට කඩුලු 5ක් දවාගනිමින් සිය එක්දින දිවියේ හොඳම පන්දු යැවීමේ දස්කම වාර්තා කළා.

දෙරට අතර පැවැත්වෙන 3 වැනි තරගය මේ මස 11 වැනිදා දහවල් 2.30ට කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීම පැවැත්වෙනවා. තරගාවලියේ සියලුම තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


Sri Lanka
211/8 (49)

Zimbabwe
208/10 (44.4)

Batsmen R B 4s 6s SR
Joylord Gumbie b Maheesh Theekshana 30 37 4 0 81.08
Tinashe Kamunhukamwe c Kusal Mendis b Dilshan Madushanka 0 1 0 0 0.00
Craig Ervine c Sadeera Samarawickrama b Dushmantha Chameera 82 102 9 1 80.39
Milton Shumba c Sahan Arachchige b Maheesh Theekshana 26 45 2 0 57.78
Sikandar Raza c Janith Liyanage  b Jeffery Vandersay 1 5 0 0 20.00
Ryan Burl b Dushmantha Chameera 31 37 1 1 83.78
Clive Madande lbw b Jeffery Vandersay 14 21 2 0 66.67
Faraz Akram lbw b Maheesh Theekshana 1 6 0 0 16.67
Richard Ngarava not out 5 4 1 0 125.00
Blessing Muzarabani run out (Kusal Mendis) 0 2 0 0 0.00
Tapiwa Mufudza b Maheesh Theekshana 1 9 0 0 11.11


Extras 17 (b 1 , lb 8 , nb 1, w 7, pen 0)
Total 208/10 (44.4 Overs, RR: 4.66)
Bowling O M R W Econ
Dilshan Madushanka 7 1 24 1 3.43
Dushmantha Chameera 8 0 44 2 5.50
Maheesh Theekshana 9.4 1 31 4 3.30
Janith Liyanage  2 0 11 0 5.50
Dasun Shanaka 4 0 14 0 3.50
Sahan Arachchige 2 0 10 0 5.00
Jeffery Vandersay 10 1 47 2 4.70
Charith Asalanka 2 0 18 0 9.00


Batsmen R B 4s 6s SR
Avishka Fernando c Joylord Gumbie b Richard Ngarava 4 5 1 0 80.00
Kusal Mendis c Ryan Burl b Richard Ngarava 17 28 2 0 60.71
Sadeera Samarawickrama c Craig Ervine b Richard Ngarava 4 3 1 0 133.33
Janith Liyanage  c Richard Ngarava b Blessing Muzarabani 95 127 6 2 74.80
Charith Asalanka c Joylord Gumbie b Richard Ngarava 0 7 0 0 0.00
Sahan Arachchige lbw b Sikandar Raza 21 39 2 0 53.85
Dasun Shanaka c Joylord Gumbie b Sikandar Raza 7 13 0 0 53.85
Maheesh Theekshana c Faraz Akram b Richard Ngarava 18 31 1 0 58.06
Dushmantha Chameera not out 18 25 2 0 72.00
Jeffery Vandersay not out 19 18 2 0 105.56


Extras 8 (b 0 , lb 2 , nb 2, w 4, pen 0)
Total 211/8 (49 Overs, RR: 4.31)
Bowling O M R W Econ
Richard Ngarava 10 3 32 5 3.20
Blessing Muzarabani 10 0 41 1 4.10
Faraz Akram 10 0 43 0 4.30
Sikandar Raza 10 1 32 2 3.20
Tapiwa Mufudza 7 0 38 0 5.43
Ryan Burl 2 0 23 0 11.50