මනසට විවේකයක් දෙන්න IPL වලින් Gayle ඉවත් වෙයි

IPL 2021

1745
IPLT20.com

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ Punjab Kings නියෝජනය කරන සුපිරි ක්‍රීඩක Chris Gayle, IPL ජෛව ආරක්ෂිත බුබුළෙන් ඉවත් වී තිබෙනවා. ඒ එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයට සූදානම් වීම අරමුණු කර ගනිමිනුයි.

පසුගිය මාස කිහිපය පුරාවටම ඔහු විවිධ ජෛව ආරක්ෂිත බුබුළු තුල කාලය ගත කළ බවත්, ජෛව ආරක්ෂිත පරිසරවලින් ඉවත් වී මානසිකව නැවතත් ශක්තිමත් වන්නට ඔහු අපේක්ෂා කරන බවත් Punjab Kings විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

මට අවශ්‍යයි නැවතත් සම්පූර්ණයෙන් මගේ අවධානය යොදවන්න විස්සයි විස්ස ලෝක කුසලානයේ දී කොදෙව්වටන් උදව් කරන්න සහ මම කැමති IPL වලින් විවේක ගන්න, යැයි Gayle සඳහන් කර බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මම ස්තුතිවන්ත වෙනවා Punjab Kings කණ්ඩායමට මට මේ විවේකය ලබා දෙනවාට. මගේ ප්‍රාර්ථනා සහ බලාපොරොත්තු සෑම විටම කණ්ඩායම සමඟ තිබෙනවා. ඉදිරි තරග සඳහා හොඳින් මුහුණු දෙන්න මම සුබ පතනවා, යැයි ඔහු පවසා තිබුණා.

42 හැවිරිදි වියේ පසුවන Gayle ඩුබායි හි පැවැත්වෙන 2021 IPL තරගාවලියේ දෙවැනි අදියරේ දී මේ දක්වා සහභාගී වූ තරග දෙකේ දී රැස්කරගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 15ක්. ඔහු IPL තරගාවලියට පෙර 2021 Caribbean Premier League තරගාවලියේ ශූරතාවය දිනූ St Kitts & Nevis හි සාමාජිකයෙකු ලෙස කටයුතු කළා. එහි දී ඔහු තරග 10ක් සඳහා සහභාගී වෙමින් රැස්කළ ලකුණු සංඛ්‍යාව 193ක්.

Punjab කණ්ඩායමේ ක්‍රිකට් මෙහෙයුම් අධ්‍යක්ෂ Anil Kumble පවසා සිටියේ,

මම ඔහු සමඟ ක්‍රීඩා පිටියේ තරග කර තිබෙනවා වගේම Punjab Kings කණ්ඩායමේ දී මම ඔහුට පුහුණුව ද ලබා දී තිබෙනවා. මේ කාලසීමාව පුරාවටම මම ඔහුව හොඳින් දන්නවා වගේම ඔහු ඉතාමත් හොඳ වෘත්තීමය ක්‍රීඩකයෙක්. අපි කණ්ඩායමක් වශයෙන් ඔහුගේ මේ තීරණයට ගරු කරනවා වගේම සහයෝගය ලබා දෙනවා.

Gayle ඩුබායි හීම රැඳී සිටිමින් ලෝක කුසලානය සඳහා පැමිණෙන කොදෙව් සංචිතය සමඟ එකතු වීමේ අපේක්ෂාවෙන් පසුවෙනවා.

Cricbuzz ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<