ශ්‍රී ලංකා – පාකිස්තාන කාන්තා ක්‍රිකට් තරගාවලියක් ගැන සාකච්ඡාවක්

494

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර ක්‍රිකට් තරගාවලියක් පාකිස්තානයේ දී පැවැත්වීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාකිස්තාන ක්‍රිකට් ආයතනය සමඟ සාකච්ඡා කරමින් පවතින බව වාර්තා වේ.

මේ පිළිබඳව ThePapare.com අප වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරිණිය වන ඉන්ද්‍රානි ආරියරත්න මහත්මිය ප්‍රකාශ කර සිටියේ ඔක්තෝබර් මස මැද භාගයේ දී ශ්‍රී ලංකා සහ පාකිස්තාන කාන්තා කණ්ඩායම් අතර කෙටි තරගාවලියක් පැවැත්වීමට සාකච්ඡා කරමින් ඇති නමුත් තවමත් එම කිසිවක් තහවුරු වී නොමැති බවයි.

එංගලන්තය පිරිමි සහ කාන්තා කණ්ඩායම් ද්විත්වයම ඔක්තෝබර් මස පාකිස්තානයේ සංචාරය කිරීමට සැලසුම් කර තිබූ නමුත් ආරක්ෂක හේතූන් මත තරගාවලිය අවලංගු කිරීමට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කළා.

තවත් ක්‍රිකට් පුවත් කියවන්න:

මෙම තරගාවලියේ දී එංගලන්තය කාන්තා සහ පිරිමි කණ්ඩායම් ඔක්තෝබර් මස 13 සහ 14 යන දිනයන්හි පන්දුවාර විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ද්විත්වයකට සහභාගී වීමට නියමිතව තිබූ අතර එම තරගයන්ට අමතරව කාන්තා කණ්ඩායම එක්දින තරග තුනකට ද සහභාගී වීමට නියමිතව තිබුනා.

සාකච්ඡා සාර්ථකව වී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙම තරගාවලිය සඳහා සහභාගී වුවහොත් එය 2020 වසරේ මාර්තු මාසයෙන් පසු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන පළමු ජාත්‍යන්තර තරගාවලිය වන අතර එය 2022 ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමට ඉතා වැදගත් තරගාවලියක් වනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<