රටවල් 3ක් සමඟ කෙදෙව්වන් කාර්යබහුල වෙයි

142

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම එළඹෙන ජුනි 10 වැනිදා සිට අගෝස්තු 24 දක්වා කාල පරාසය තුල ටෙස්ට් තරග 4ක්, එක්දින තරග 3ක් සහ විස්සයි විස්ස තරග 15ක් ක්‍රීඩා කිරීමට සූදානමින් සිටිනවා. දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය සමඟින් පැවැත්වෙන එම තරගාවලි තුනම පැවැත්වෙන්නේ කොදෙව් දූපත් සමූහය තුලයි.

මේ තරගාවලි තුන තුලම විස්සයි විස්ස තරග 5 බැගින් විස්සයි විස්ස තරග 15ක් සඳහා අවස්ථාව ලබා දී තිබෙන්නේ මේ වසරේ ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල දී පැවැත්වීමට නියමිත ICC ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගෙනයි

එළඹෙන ජුනි 10 වැනිදා ආරම්භ වන දකුණු අප්‍රිකානු කණ්ඩායමේ කොදෙව් සංචාරය සඳහා ටෙස්ට් තරග දෙකක් සහ විස්සයි විස්ස තරග 5ක් ඇතුළත් වනවා. ඊට පසුව ඕස්ට්‍රේලියානු තරගාවලිය ජූලි 9 වැනිදා ආරම්භ වන අතර පාකිස්තාන තරගාවලිය ජූලි 27 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

තරග කාලසටහන පහත පරිදි දැක්වෙනවා.

මේ තරගාවලි සියල්ල පැවැත්වෙන්නේ ජෛව බුබුලක් තුල වන අතර කිසිදු ප්‍රේක්ෂකයෙක් හට ක්‍රීඩාංගණ තුලට පැමිණීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<