Champions League සහ Volleyball Super League කල් යයි

199
Champions League & Volleyball Super League postponed

මේ වන විට ශ්‍රී ලංකාව තුළ උද්ගතව ඇති අර්බුදකාරී තත්වය සැලකිල්ලට ගනිමින්  Champions League පාපන්දු තරගාවලිය සහ Munchee ජාතික වොලිබෝල් ශූරතාවය දින නියමයකින් තොරව කල්දැමීමට තීරණය කර තිබෙනවා.

මෙම තරගාවලි ද්විත්වයම නිල වශයෙන් කල් දැමීමට තීරණය කළ බව පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා සහ ජාතික වොලිබෝල් සංගමයේ ලේකම් ඒ. එස්. නාලක මහතා ThePapare.com වෙත තහවුරු කළා.

වසර තුනක් පැවැත්වීමට නොහැකි වීමෙන් අනතුරුව Champions League පාපන්දු තරගාවලිය කණ්ඩායම් 14ක තරගාවලියක් ලෙස මේ මස 13 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ අතර එම තරගාවලිය කල්දැමීම පිළිබඳව ThePapare.com වෙත අදහස් දක්වමින් ජස්වර් උමාර් මහතා ප්‍රකාශ කළේ,

“මෙම තරගාවලිය අවම වශයෙන් මැයි අවසානයේ ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. සාර්ථකව මෙම තරගාවලිය පැවැත්වීමට සියල්ල සූදානම් කරලා තියෙන්නේ. රටෙහි තත්වය හැකි ඉක්මනින් හොඳ අතර හැරෙයි කියලා අපි විශ්වාස  කරනවා”.

ජාතික වොලිබෝල් පිටියේ ප්‍රධානතම තරගාවලියක් වන Munchee ජාතික වොලිබෝල් ශූරතාවය පසුගිය 09 වැනිදා ආරම්භ වූ නමුත් පවතින තත්වය මත කල්දැමීමට සිදු වූ අතර ඒ පිළිබඳව ThePapare.com වෙත අදහස් දක්වමින් ඒ. එස්. නාලක මහතා ප්‍රකාශ කළේ,

“අපි තරගාවලිය ආරම්භ කළත් රටෙහි පවතින තත්වය මත එය කල්දැමීමට සිදු වුනා. අපි විධායක කමිටු රැස්වීමක් කැඳවා රටේ පවතින තත්වය මත තරගාවලිය සඳහා නව දිනයක් තීරණය කිරීමට හැකි ඉක්මනින්ම කටයුතු කරනවා”.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<