Munchee ජාතික වොලිබෝල් ශූරතාවයට සියල්ල සූදානම්

Munchee ජාතික වොලිබෝල් ශූරතාවය 2022

189
Munchee National Volleyball Championship 2022

ජාතික වොලිබෝල් පිටියේ ප්‍රධානතම තරගාවලියක් වන Munchee ජාතික වොලිබෝල් ශූරතාවයේ මෙම වසරේ අදියර හෙට (20) ආරම්භ වීමට නියමිතයි.

කාන්තා සහ පිරිමි මූලික වටයේ තරග A සහ B ලෙස කාණ්ඩය දෙකක් ඔස්සේ පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එම මූලික වටයේ තරග අප්‍රේල් 20 සිට 24 දක්වා ගාල්ල දඩැල්ල වොලිබෝල් හවුස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මූලික වටයේ තරගවලින් පසුව මෙවර තරගාවලියේ අවසන් තරග සුපුරුදු පරිදි මහරගම ජාතික තරුණ සේවා ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ මැයි 08 වැනි දිනයි.

>> තරගාවලියේ පිරිමි කාණ්ඩයේ තරග කාලසටහන<<

2021 Munchee ජාතික වොලිබෝල් ශූරතාවයේ කාන්තා පළමු ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමත්, දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමත් විසින් දිනා ගත් අතර තෙවැනි ස්ථානය දිනා ගත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාවයි.

>> තරගාවලියේ කාන්තා කාණ්ඩයේ තරග කාලසටහන<<

එම තරගාවලියේ පිරිමි ශූරතාවය ප්‍රබල විදුලිබල මණ්ඩල ක්‍රීඩකයින් විසින් දිනා ගනිද්දී, අනුශූරතාවය BITU LINK ක්‍රීඩා සමාජයටත්, තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමටත් හිමි වුනා.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න <<