රාජකීයයන් රාජකීය සංග්‍රහයකින් නව දශකය අරඹයි

119

2020 ඩයලොග් අන්තර් පාසල් ලීග් රග්බි තරගවාරයට හොඳ ආරම්භයක් ලබා ගනිමින් වත්මන් ශූර කොළඹ රාජකීය විද්‍යාලය ලකුණු 41 – 14ක් ලෙස මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය අද (07) දින පරාජය කළා. තරගය පැවැත්වුනේ කොළඹ රාජකීය විද්‍යාලයීය රග්බි ක්‍රීඩාංගණයේ දීයි. 

ත්‍රිත්ව ප්‍රහාරය හමුවේ සාන්ත තෝමසුවන්ට දැඩි අලාභ හානි

Canon ආර්. එස් ඩි සේරම් පලිහ අඛණ්ඩව සිව්වැනි වතාවටත් ජය ගනිමින් 2020 ඩයලොග් අන්තර් පාසල් රග්බි තරගාවලියට……

තරගයේ පළමු මිනිත්තුවේ සිටම රාජකීයයෝ ප්‍රබල ආක්‍රමණයක් දියත් කළ අතර තරගය ආරම්භයේ දීම නායක ලෙහාන් ගුණරත්න සකසා දුන් ඉඩකින් ඉදිරියට ඇදුනු චමුදිත චානුක පිටියේ දකුණු කෙළවරින් තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කළා. එහි ප්‍රවර්තනය නම් සාර්ථක වුනේ නැහැ. (රාජකීය 05 – 00 සාන්ත අන්තෝනි) 

සිය පසුපෙළට අභියෝග කරමින් රාජකීය ඉදිරිපෙළත් මිනිත්තු කිහිපයකට පසුව ක්‍රියාත්මක වුනු අතර Rolling Maul අවස්ථාවකින් සුපුරුදු ලෙස ප්‍රතිවාදී ආරක්ෂක වළල්ල බිඳ දැමූ Hooker ක්‍රීඩක රජිඳු ජයසූරිය පහසුවෙන් ධවල රේඛාව ඉක්මවා ගියා. (රාජකීය 10 – 00 සාන්ත අන්තෝනි) 

රාජකීය ප්‍රහාරයෙන් මිදී සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් ක්ෂණික ආක්‍රමණයක් දියත් කළ අතර Scrum Half ක්‍රීඩක මලික්ෂ පෙරේරාගේ පන්දු යොමු කිරීමක් රැකගත් Wing ක්‍රීඩක උෂාන් ජයසූරිය ක්ෂණිකව උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගියා. එහි ප්‍රවර්තනත් ඔවුන් සාර්ථක කර ගත්තේ නැවත තරගයට පිවිසෙමින්. (රාජකීය 10 – 07 සාන්ත අන්තෝනි) 

සත්කාරක පිළ අන්තෝනි ප්‍රහාරයට සාර්ථකව ප්‍රතිචාර දැක්වූයේ තවත් උත්සාහක දිනුමක් සමඟින්. අන්තෝනි ආරක්ෂක ක්‍රීඩකයින් දෙදෙනෙකු බිඳ දමමින් ඉදිරියට ඇදුනු නායක ලෙහාන් ගුණරත්න දක්ෂ උත්සාහක දිනුමක් වාර්තා කරන විට මලීෂ පෙරේරා අමතර ලකුණු එකතු කළා. (රාජකීය 17 – 07 සාන්ත අන්තෝනි)

පළමු අර්ධයේ අවසන් මිනිත්තු 10 තුළදී කණ්ඩායම් දෙකම අතපසුවීම් රැසක් සිදුකළ අතර සාන්ත අන්තෝනි කණ්ඩායමට අගනා අවස්ථා රැසක් හිමි වුනත් ඔවුන්ට ඒවා සාර්ථක කර ගන්නට ඔවුන්ට වාසනාව තිබුනේ නැහැ. 

පළමු අර්ධය: රාජකීය විද්‍යාලය (3T, 1C) 17 – 07 (1T, 1C) සාන්ත අන්තෝනි විද්‍යාලය 

දෙවන අර්ධය ආරම්භයත් සමඟ රාජකීය ක්‍රීඩකයින්ට ඔවුන්ගේ අවියෙන්ම ප්‍රතිචාර ලබා දුන් සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් Rolling maul අවස්ථාවකින් ලකුණු රැස් කරන්නට සමත් වුනා. බවන් නිශාන්ත්ගේ පන්දු හුවමාරුවක් හැරී ශිවාක් ධවල රේඛාවෙන් එපිටට රැගෙන ගිය අතර එහි ප්‍රවර්තනය ඔහු විසින්ම සාර්ථක කර ගත්තා. (රාජකීය 17 – 14 සාන්ත අන්තෝනි)

රාජකීය කණ්ඩායම තරමක පීඩනයකට ලක්ව සිටියත් සාන්ත අන්තෝනි කණ්ඩායම ලබා දුන් දඬුවම් පහරකින් ඔවුන් නැවතත් තරගයට පිවිසුනා. රාජකීය ඉදිරිපෙළ ක්‍රීඩකයින් නැවත වතාවක් තරගයට පිවිසුනු අතර රජිඳු ජයසූරිය නැවත වතාවක් ධවල රේඛාව ඉක්මවා ගියා. මලීෂ පෙරේරා එහි ප්‍රවර්තනයත් සාර්ථක කර ගත්තා. (රාජකීය 24 – 14 සාන්ත අන්තෝනි) 

එතැන් පටන් රාජකීයයන් රිසි සේ ලකුණු රැස්කළ අතර රවින් ෂේනුකගේ පන්දු හුවමාරුවකින් ජනේන්ද්‍ර නානායක්කාර තරගයේ පස්වන රාජකීය උත්සාහක දිනුම වාර්තා කළා. (රාජකීය 29 – 14 සාන්ත අන්තෝනි) 

සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් දෙදෙනෙකු අතර සිදුවුනු පන්දු හුවමාරුවකින් පන්දුව උදුරා ගත් චමිත්ත ගුණවර්ධන අලංකාර ධාවනයක යෙදී තරගයේ රාජකීය ජය ස්ථිර කළා. එහි ප්‍රවර්තනය මලීෂ පහසුවෙන් සාර්ථක කර ගත්තා. (රාජකීය 36 – 14 සාන්ත අන්තෝනි) 

වෙස්ලි කණ්ඩායම විද්‍යාර්ථය සාදරයෙන් A කාණ්ඩයට පිළිගනියි

ඩයලොග් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ අද (06) දින පැවති තරගයක දී කොළඹ වෙස්ලි විද්‍යාලය ලකුණු 36 – 06ක් ලෙස…..

රාජකීය ක්‍රීඩකයින් වන කෙවින් සමරසේකර හා අවිශ්ක ගුණවර්ධන හට කහ කාඩ්පත් ලබා දී පිටියෙන් ඉවත් කරන්නට විනිසුරු තීරණය කළ නමුත් මලීෂ පෙරේරා තවත් වරක් උත්සාහක දිනුම් රේඛාව ඉක්මවා ගියේ තරගය නිමා කරමින්. 

අවසන් ලකුණු තත්වය: රාජකීය විද්‍යාලය (7T, 3C) 41 – 14 (2T, 2C) සාන්ත අන්තෝනි විද්‍යාලය 

ThePapare.com තරගයේ වීරයා – රජිඳු ජයසූරිය (රාජකීය විද්‍යාලය)

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

  • රාජකීය විද්‍යාලය – චමුදිත චානුක (1T), රජිඳු ජයසූරිය (2T), ලෙහාන් ගුණරත්න (1T), ජනේන්ද්‍ර නානායක්කාර (1T), චමිත්ත ගුණවර්ධන (1T), මලීෂ පෙරේරා (1T, 3C). 
  • සාන්ත අන්තෝනි විද්‍යාලය – උෂාන් ජයසූරිය (1T), හැරී ශිවාක් (1T, 2C ). 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්නරග්බි පිටුවට <<