New Star දුන් ගෝලයත් සමඟින් ජයග්‍රහණය මීගමුව ක්‍රීඩකයින්ට

ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලිය 2022

205

කොළඹ සහ කුරුණෑගල දී පැවති ශූරයින්ගේ ලීගයේ 10 වැනි සතියේ සමාරම්භක තරගවලින් New Star ක්‍රීඩකයින් පරාජය කරන්නට Negombo Youth ක්‍රීඩකයින් සමත් වුනා.

අද (20) දිනයේ පැවති අනෙක් තරගයේ දී SLTB සහ Java Lane අතර තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වුනේ ගෝල 1-1ක් ලෙසයි.

New Star SC සහ Negombo Youth FC

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ගෝල 2-1ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරන්නට මීගමුව ක්‍රීඩකයින් සමත් වුනා.

ඉතාමත් තියුණු මුහුණු වරක් ගත් මෙම තරගයේ ප්‍රථම අර්ධය තුල ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට කිසිදු ක්‍රීඩකයෙකු සමත් වුනේ නැහැ.

දෙවැනි අර්ධයේ දී ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමින් New Star ක්‍රීඩක සමීර ක්‍රිෂාන්ත විසින් 55 වැනි මිනිත්තුවේ දී ප්‍රතිවාදීන්ගේ ලකුණු පුවරුවට ගෝලයක් එකතු කරන්නට සමත් වුනා. ඒ ඔහු අතින් සිදු වූ අත්වැරදීමකින් වාර්තා වූ ගෝලයත් සමඟිනුයි.

ඉන් අනතුරුව 73 වැනි මිනිත්තුවේ දී මීගමුව ලකුණු පුවරුව දෙගුණ කරන්නට Anthony Ikwegbuo සමත් වුනා. මේ ගෝලයත් සමඟින් ඔහු මෙවර තරග වාරයේ දී වාර්තා කරන්නට සමත් වී ඇති සමස්ත ගෝල ගණන 9ක්.

එම ගෝලයෙන් මිනිත්තු කිහිපයකට පසුව ක්‍රියාත්මක වූ New Star ක්‍රීඩක නදීක පුෂ්පකුමාර විසින් සිය කණ්ඩායමේ ලකුණු පුවරුවට පළමු ගෝලය එකතු කරන්නට සමත් වුනා. ඒ 77 වැනි මිනිත්තුවේ දීයි.

ඉන් අනතුරුව කණ්ඩායම් දෙකම සටන්කාමී ලෙස ක්‍රීඩා කළත් ලකුණු පුවරුව වෙනස් කළ හැකි ගෝලයක් වාර්තා කරන්නට කිසිවෙකුත් සමත් වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: New Star SC 1 – 2 Negombo Youth FC

ගෝල ලාභීන්:

  • New Star – සමීර ක්‍රිෂාන්ත (55’ OG), නදීක පුෂ්පකුමාර (77’)
  • Negombo Youth – Anthony Ikwegbuo (73’)

Java Lane SC සහ SLTB

ගෝල 1-1ක් ලෙස සමව අවසන් වූ මෙම තරගය පැවැත්වුණේ කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේ දීයි.

ප්‍රසාද ලකුණු පුවරුවේ මේ වන විට පළමු ස්ථානයේ පසු වන Java Lane කණ්ඩායම Matata City Club සමඟින් එකම ස්ථානයේ පසුවෙද්දී, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල (SLTB) කණ්ඩායම 6 වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

තරගයේ ප්‍රථම අර්ධයෙන් අඩක් අවසන් වීමෙන් අනතුරුව 32 වැනි මිනිත්තුවේ දී ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට SLTB ක්‍රීඩක Vijesindaram Yugesh සමත් වුනා.

පළමු අර්ධයේ දී වාර්තා වූ එකම ගෝලය එය වූ අතර එම ගෝලයට සාර්ථකව ප්‍රතිඋත්තර සපයන්නට Java Lane ක්‍රීඩකයින් සමත් වුනේ 59 වැනි මිනිත්තුවේ දීයි. Mohamed Rizkhan විසින් සාර්ථකව ගෝලයක් දැල් ගත කරමින් ලකුණු පුවරුව සම කරන්නට සමත් වූ අතර ඉන්පසු තරගය අවසන් වන තෙක් කිසිදු ගෝලයක් වාර්තා කරන්නට දෙපිලේම ක්‍රීඩකයින් සමත් වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: Java Lane SC 1 – 1 SLTB

ගෝල ලාභීන්:

  • Java Lane – Mohamed Rizkhan (59’)
  • SLTB – Vijesindaram Yugesh (32’)

ශූරයින්ගේ ලීගයේ 10 වැනි සතියේ තවත් තරග කිහිපයක් පහත පරිදි පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ සියලු තරග ප්‍රතිඵල ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<