නාලන්ද ක්‍රීඩක රසාංජනගෙන් විශිෂ්ඨ දස්කම්

357
U19 Schools Cricket

අනාගත ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නාමාවලියට වර්තමානයේ වේදිකාව තනන වයස 19න් පහළ සිංගර් කුසලාන පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ, අද (05) දිනය අවසන් වූයේ සාන්ත සිල්වෙස්ටර් හා මලියදේව විද්‍යාලවලට පළමු ඉණිමේ ජයග්‍රහණ හිමිකර දෙමිනි. තවද අද දිනයේ දී නාලන්ද විද්‍යාලය වෙනුවෙන් තුන් ඉරියව් දස්කම් දක්වමින් කැපී පෙනෙන්නට ලක්ෂිත රසාංජන (6/76, 47*) සමත් විය.

පසුගිය ලිපි: සාන්ත ඇලෝසියස් පළමු ඉණිමේ ජයක් තහවුරු කරයි

මොරටු විද්‍යාලය හා මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය අතර තරඟය

මොරටු විද්‍යාලයේ ක්‍රීඩා පිටියේදී C කාණ්ඩයේ තරගයක් ලෙසින් ඊයේ (04) ආරම්භ වූ මෙම තරගයේ, කාසියේ වාසිය ජයග්‍රහණය කල සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. මෙම තරඟයෙන් පළමු ඉණිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය සමත් විය.

තරගය අද දිනය සඳහා ඇරඹුම ලබා ගන්නා විට තම පළමු ඉණිම ක්‍රීඩා කල සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 133ක් ලබාගෙන සිටි අතර එම ඉණිමට නිම්සර අපරගල්ල ලකුණු 62ක් එකතු කලේය. ශෙසද සොයිසා කඩුලු 5ක් දවාලමින් එම ලකුණු පුවරුවේම පන්දුවෙන් දස්කම් දක්වන ලදී.

අනතුරුව ලකුණු 142ක අවාසියක් ද ඇතිව තම පිළිතුරු ඉණිම දියත් කල මොරටු විද්‍යාලයට දිනය අවසානයේ ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 166ක් පමණි. එම ඉණිමට නිශාන් ප්‍රනාන්දු ලකුණු 43ක් ලබාගෙන තම උපරිම දායකත්වය ලබාදීමට සමත් විය.

මොරටු විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 88 (පන්දුවාර 35.5): දුලක්ෂ පීරිස් 24*, තුසිත් ද සොයිසා 4/25, කනිෂ්ක ජයසේකර 3/21

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමු ඉණිම  – කඩුලු 8ක් දැවී ලකුණු 230 dec (පන්දුවාර 86):  නිම්සර අපරගල්ල 62, කවිදු පෙරේරා 45, ශසික රේමන්ඩ්  42, කවිදු මුණවීර 20, ශෙසද සොයිසා 5/55

මොරටු විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 5ක් දැවී ලකුණු 166 (පන්දුවාර 68):  නිශාන් ප්‍රනාන්දු 43, ශෙසද සොයිසා 31, ජීවන්ත ප්‍රනාන්දු 28*, ජනකාන්ත රාජපක්ෂ 3/19


ගාල්ල මහින්ද විද්‍යාලය හා කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර තරඟය

මලියදේව විද්‍යාලයේ සත්කාරකත්වය ඇතිව ඊයේ (04) ආරම්භ වුනු තරගයේ, කාසියේ වාසිය ජයගත් ඔවුන් පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි. මෙම තරඟයෙන් මලියදේව විද්‍යාලය පළමු ඉණිමේ ජයග්‍රහණයක් වාර්තා කරන ලදී.

තරගයේ දෙවන දිනය ආරම්භ කරන විට තම දෙවන ඉණිම ක්‍රීඩා කල මහින්ද විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 24ක් ලබාගෙන සිටි අතර එම ඉණිමට ලකුණු 192ක් දක්වා දුරයාමට අඩිතාලම සකස් කල කවිදු එදිරිවීර ලකුණු 35ක් ලබා ගැනීමට සමත් විය. ලකුණු 187ක ඉලක්කයක් හඹායමින් සිටි මලියදේව විද්‍යාලයට තරගයේ අවසන් දිනය නිමාවට පත්වෙද්දී ලකුණු 124කින් නැවතීමට සිදුවූයේ, පළමු ඉණිමේ ජයග්‍රහණයක් උරුමකර දෙමිනි. එම ඉණිමට ලකුණු 42ක් එක්කිරීමට මුදිත ප්‍රේමදාස සමත් විය.

මහින්ද විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 82 (පන්දුවාර 41.2): දිනංජය  ප්‍රේමරත්න 3/26, කවීන් බණ්ඩාර 3/11, මනෙල්ක ධර්මදාස 3/10

මලියදේව විද්‍යාලය පළමු ඉණිම  – සියල්ලන්ම දැවී ලකුණු 88 (පන්දුවාර 33.1): කවිදු එදිරිවීර 4/22, කෙවින් කොට්ටිගොඩ 3/7, රොෂාන් කාවින්ද 2/21

මහින්ද විද්‍යාලය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 192 (පන්දුවාර 79.3): කවිදු එදිරිවීර 35, නවෝද් පරණවිතාන 29, කෙවින් කොට්ටිගොඩ 27, මනෙල්ක ධර්මදාස 3/29

මලියදේව විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 5ක් දැවී ලකුණු 124 (පන්දුවාර 32): මුදිත ප්‍රේමදාස  42, දුලාජ් රණතුංග 23, කවීන් බණ්ඩාර 18*, නිපුන් මාලිංග 2/16


ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය හා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර තරඟය

A කාණ්ඩයේ තරගයක් ලෙසින් ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදි අද (05) ආරම්භ වුනු මෙම තරගයේ කාසියේ වාසිය ලබාගත් රිච්මන්ඩ් විද්‍යාලය, පළමුව පන්දුවට පහරදෙන ලදි. තරගයේ පළමු දිනය අවසන් වන විට තම පළමු ඉණිම ක්‍රීඩා කරමින් සිටි ත්‍රිත්ව විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 92ක් ලබාගෙන සිටියි.

රිච්මන්ඩ් විද්‍යාලය තමන් ගත් තීරණය නිවැරදි බව පෙන්වමින් තම පළමු ඉණිමට ලකුණු 223ක් වාර්තා කරමින් ත්‍රිත්ව විද්‍යාලයට හොඳ අභියෝගයක් ලබාදෙන ලදි. එම අභියෝගය ලබාදීමට චාමිකර හේවගේ (57) හා අවිදු තීක්ෂණ (56) හොඳ සබඳතාවයක් සහිත ලකුණු සංබ්‍යාවක් තම නාමය ඉදිරියෙන් සටහන් කරවීය. විමුක්ති නෙතුමල් කඩුලු 5යි.

රිච්මන්ඩ් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 223 (පන්දුවාර 67.5): චාමිකර හේවගේ 57, අවිදු තීක්ෂණ 56, ආධිත්‍යය සිරිවර්ධන 31, විමුක්ති නෙතුමල් 5/55

ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – එක් කඩුල්ලක් දැවී ලකුණු 92 (පන්දුවාර 25): හසින්ත ජයසූරිය 39, කලණ ද සොයිසා 36*

ත්‍රිත්ව විද්‍යාලය රිච්මන්ඩ් විද්‍යාලයේ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 131ක් පසුපසින් සිටියි


ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා කොළඹ නාලන්ද විද්‍යාලය අතර තරඟය

අද (05) උදෑසන එස්.එස්.සී පිටියේදී ආරම්භ වූ අනෙක් තරගයේ කාසියේ වාසිය දිනාගත් නාලන්ද විද්‍යාලය පළමුව පන්දුවට පහරදීමට සාන්ත තෝමස් විද්‍යාලයට ඇරයුම් කරන ලදී. තරගයේ පළමු දිනය අවසන් වන විට තම පළමු ඉණිම ක්‍රීඩා කරමින් සිටි නාලන්ද විද්‍යාලය, කඩුලු 3ක් දැවී ලකුණු 76 ලබාගෙන සිටියි.

සාන්ත තෝමස් විද්‍යාලය නාලන්ද විද්‍යාලයේ ආරාධනාවට අභියෝගාත්මක පිතිකරණයක නිරත වෙමින් තම පළමු ඉණිමට ලකුණු 263ක ඉහළ මට්ටමේ ලකුණු ප්‍රමාණයක් රැස්කර ගනු ලැබීය. ඒ වෙනුවෙන් රොමේෂ් නල්ලපෙරුම නැවතත් තම දස්කම් විදහා දක්වමින් ලකුණු 73ක් එක් කල අතර, ඩිනුර ගුණවර්ධන ලකුණු 63ක් ලබා ගන්නා ලදි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ලක්ෂිත රසාංජන ලකුණු 76කට කඩුලු 6ක් දවාලමින් දක්ෂ පන්දුකරණයක නිරත විය. තම පළමු ඉණිම ක්‍රීඩා කරන නාලන්ද විද්‍යාලය වෙනුවෙන් නොදැවී කඩුල්ලේ රැදී සිටින රසාංජන ලකුණු 47ක් ලබාගෙන සිටියි.

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 263 (පන්දුවාර 74): රොමේෂ් නල්ලපෙරුම 73, ඩිනුර ගුණවර්ධන 63,මන්තිල විජේරත්න 31, ලසිත රසාංජන 6/76

නාලන්ද විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 3ක් දැවී ලකුණු 76 (පන්දුවාර 24): ලක්ෂිත රසාංජන 47*

නාලන්ද විද්‍යාලය සාන්ත තෝමස් විද්‍යාලයේ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 87ක් පසුපසින් සිටියි.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට