සාන්ත බෙනඩික් සහ අන්තෝනි විද්‍යාල ජයග්‍රාහකයින් අතරට

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

129

2019/20 සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග අටක් අද (25) දිනයේ දී නිමාවට පත් වූ අතර එම තරග වලදී කොටහේන සාන්ත බෙනඩික් විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය පූර්ණ ජයග්‍රහණ වාර්තා කර ගන්නා ලදි. 

තර්ස්ටන් විද්‍යාලය හයේ පහරක් එල්ල කරමින් තරගය ජයග්‍රාහීව නිමා කරයි

සිංගර් ආයතනය සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු…..

දෙවන දිනයට පැවති තරග 

සාන්ත බෙනඩික් විද්‍යාලය සහ සාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර තරගය (Group A) 

සාන්ත බෙනඩික් විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 110ක ජයක් හිමි වූ මෙම තරගය සාන්ත බෙනඩික් විද්‍යාල ක්‍රිකට් පිටියේ දී නිමා විය. කාසියේ වාසිය දිනා ගත් සාන්ත ඇලෝසියස් විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. ශෙහාන් ප්‍රනාන්දු රැස්කර ගත් සුපිරි ශතකය, යොහාන් සොයිසාගේ අර්ධ ශතකය සහ අකිඳු කරුණාරත්න දවා ගත් කඩුලු 9 මෙම තරගය ජය ගැනීම සඳහා සාන්ත බෙනඩික් විද්‍යාලයට ඉතාමත් වැදගත් විය. 

සාන්ත බෙනඩික් විද්‍යාලය : 281/8d (71.4) ශෙහාන් ප්‍රනාන්දු 130*, යොහාන් සොයිසා 87, නිදුක මල්ශිත් 5/48, මිතුල් නිසාක 2/06. 

සාන්ත ඇලෝසියස් විද්‍යාලය : 125 (52.3) අර්චන උඩුගම්පොල 26, අකිඳු කරුණාරත්න 6/46. සහ F/O 46 (32.5) අකිඳු කරුණාරත්න 3/11, මලින්ද පෙරේරා 3/14. 

සාන්ත බෙනඩික් විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 110ක ජයක් හිමි විය. 


ධර්මරාජ විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරගය (Group B) 

දිනයේ ප්‍රතිඵලයක් සහිතව නිමා වූ අනෙක් තරගය වූ මෙම තරගයේ දී අසිත වන්නිනායක, නිම්නක ජයතිලක සහ ගිහාන් ඊබර්ට්  කැපී පෙනෙන දස්කම් දක්වමින් සාන්ත අන්තෝනි විද්‍යාලයට මෙම දැවැන්ත ජයග්‍රහණය සඳහා අවශ්‍ය මඟ සකස් කළහ.  

සාන්ත අන්තෝනි විද්‍යාල ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් සාන්ත අන්තෝනි විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. 

ධර්මරාජ විද්‍යාලය : 85 (36.2) චේතිය ඒකනායක 28, ප්‍රවීන් රාමයියා 3/13, සසිත් හිරුදික 3/35. සහ 66 (29.4) නිම්නක ජයතිලක 6/25, ගිහාන් ඊබර්ට් 4/25. 

සාන්ත අන්තෝනි විද්‍යාලය : 236 (75.2) අසිත වන්නිනායක 58, අංජන බණ්ඩාර 42*, සහන් සිරිවර්ධන 3/66. 

සාන්ත අන්තෝනි විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 85ක ජයක් හිමි විය. 


සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ සහිරා විද්‍යාලය අතර තරගය (Group D) 

සාන්ත සෙබස්තියන් විද්‍යාල ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් සහිරා විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. එහිදී සාන්ත සෙබස්තියන් විද්‍යාල ක්‍රීඩකයින් ඔවුන්ගේ පළමු ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලකුණු 254ක් රැස්කර ගත් අතර නිෂිත අභිලාෂ්, දුනිත් ජයතුංග සහ ඉඳුවර ද අල්විස්  අර්ධ ශතක අතරට පිවිසියහ. 

Photos: St. Sebastian’s College vs Zahira College – U19 Cricket Tournament 2019/20

සහිරා විද්‍යාලය වෙනුවෙන් ඉම්තියාස් ස්ලාසා සිය තුන් ඉරියව් දස්කම් දැක්වූ නමුත් පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට ඔවුන් අපොහොසත් විය. 

සාන්ත සෙබස්තියන් විද්‍යාලය : 254 (51.2) නිෂිත අභිලාෂ් 58, දුනිත් ජයතුංග 58, ඉඳුවර ද අල්විස් 50, සංදේශ් ප්‍රනාන්දු 28, ඉම්තියාස් ස්ලාසා 4/70, ඉෂාන් රූහයිම් 3/52, මහදි නමීස් 2/32. සහ 175 (50) කලන සංදීප් 34, ශෂික පෙරේරා 29*, ඉෂාන් රූහයිම් 5/80,ඉම්තියාස් ස්ලාසා 3/55. 

සහිරා විද්‍යාලය : 208 (65.1) ඉම්තියාස් ස්ලාසා 67, රාහිඩ් රිස්වාන් 26, සුපුන් ප්‍රනාන්දු 6/48. සහ 92/3 (24) අබ්දුල් මජීඩ් 43. 

තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. (සාන්ත සෙබස්තියන් විද්‍යාලයට පළමු ඉනිමේ ජය) 

ශ්‍රී ලංකා – කොදෙව් තරග කාලසටහන නිකුත් වෙයි

ශ්‍රී ලංකාව සමඟ එක්දින තරග තුනකට සහ විස්සයි විස්ස තරග දෙකකට……


වෙස්ලි විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර තරගය (Group D) 

වෙස්ලි විද්‍යාල ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් වෙස්ලි විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. රනුද සෝමරත්නගේ අර්ධ ශතකයෙන් වැඩි ලෙස බල ගැන්වුනු ත්‍රිත්ව ඉනිමට පිළිතුරු ලෙස වෙස්ලි ක්‍රීඩකයින් ලකුණු 195ක් වාර්තා කර ගෙන ඔවුන්ගේ පළමු ඉනිමේ ජය තහවුරු කර ගත්තේ එකඳු අර්ධ ශතකයක් හෝ වාර්තා නොකරමිනි. 

ත්‍රිත්ව විද්‍යාලයේ දෙවන ඉනිම වෙනුවෙන් දිනිත සිරිවර්ධන සහ අක්‍රම් මුතාලිෆ් අර්ධ ශතක අතරට පිවිසියහ. වෙස්ලි විද්‍යාලයේ දෙනුවන් මෙන්ඩිස් සහ ත්‍රිත්ව විද්‍යාලයේ උවිඳු විමලධර්ම කඩුලු 5 බැඟින් දවා ගත්හ.  

ත්‍රිත්ව විද්‍යාලය : 162 (53.5) රනුද සෝමරත්න 66, දීමන්ත බණ්ඩාර 29, දෙනුවන් මෙන්ඩිස් 5/36, අනුදිත් වික්‍රමසිංහ 2/31. සහ 241/6 (59) දිනිත සිරිවර්ධන 52, අක්‍රම් මුතාලිෆ් 50, රනුද සෝමරත්න 40. 

වෙස්ලි විද්‍යාලය : 195 (80.2) නිත්මික ඉඳුවර 38, සාහිල් ඩයස් 29. රාහුල් ගුණසේකර 29, උවිඳු විමලධර්ම 5/42, අභිෂේක් ආනන්දකුමාර් 4/47. 

තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. (වෙස්ලි විද්‍යාලයට පළමු ඉනිමේ ජය) 

Photos: Trinity College vs Wesley College | U19 Cricket Tournament 2019/20


රිච්මන්ඩ් විද්‍යාලය සහ ආනන්ද විද්‍යාලය අතර තරගය (Group D) 

දිමුත් සඳරුවන් රැස්කර ගත් සුපිරි ලකුණු 174න් වර්ණවත් වූ මෙම තරගය ආනන්ද විද්‍යාල ක්‍රිකට් පිටියේ දී නිමා විය. කාසියේ වාසිය දිනා ගත් ආනන්ද විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. ඔවුන්ට එරෙහිව රිච්මන්ඩ් විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 401ක් රැස්කර ගනිමින් තම ඉනිම අත්හිටවූහ. දිමුත් සඳරුවන්ට අමතරව භානුක මනෝහර ද ලකුණු 92ක් රැස්කර ගත්තේය. පිළිතුරු ඉනිම දෙක තුළ ආනන්ද විද්‍යාලය දෙසින් අර්ධ ශතක තුනක් වාර්තා වූ අතර නෙත්ම කරුණාරත්න, හසංග ජයසිංහ සහ කනිෂ්ක රන්තිලකගේ ඒ අතර විය. 

රිච්මන්ඩ් විද්‍යාලය : 401/7d (81.4) දිමුත් සඳරුවන් 174, භානුක මනෝහර 92, සඳුන් මෙන්ඩිස් 38, කවිඳු නිර්මාණ 25, ඉසුරු අයෙෂ් 4/79. 

ආනන්ද විද්‍යාලය : 266 (89) නෙත්ම කරුණාරත්න 60, හසංග ජයසිංහ 54, කනිෂ්ක රන්තිලකගේ 51, සුගීත් නිම්නාද 4/64. සහ 25/1 (12) 

තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. (රිච්මන්ඩ් විද්‍යාලයට පළමු ඉනිමේ ජය) 

Photos: Ananda College vs Richmond College | U19 Cricket Tournament 2019/20


සාන්ත පීතර විද්‍යාලය සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය (Group B) 

ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් සාන්ත පීතර විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි. නිපුනක ෆොන්සේකා, කනිෂ්ක මධුවන්ත (සාන්ත පීතර විද්‍යාලය) සහ ලොහාන් අරෝෂණ (ධර්මාශෝක විද්‍යාලය) මෙහිදී  නොදැවුනු ශතක රැස්කර ගත් අතර අවසානයේ තරගය නිමා වූයේ ජය පරාජයෙන් තොරවයි. 

සාන්ත පීතර විද්‍යාලය : 334/4d (112.4) නිපුනක ෆොන්සේකා 104*, කනිෂ්ක මධුවන්ත 100*, නිමුත් ගුණවර්ධන 60, ලොහාන් අරෝෂණ 2/69. 

ධර්මාශෝක විද්‍යාලය : 292/4 (79) ලොහාන් අරෝෂණ 104*, සසිඳු මල්ෂාන් 69*, සනුල ගුණරත්න 50, රුවින් සෙනෙවිරත්න 2/88. 

තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. 


සාන්ත ආනා විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය අතර තරගය (Group D) 

සාන්ත ආනා විද්‍යාල ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් මොරටු මහා විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට සාන්ත ආනා විද්‍යාලය සමත් විය. 

කවිඳු රණසිංහ මෙම තරගයේ ඉනිම දෙක තුළ අර්ධ ශතක වාර්තා කර ගනිමින් තරගය පුරාවට ලකුණු 124ක් රැස්කර ගත්තේය. මොරටු මහා විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ එරන් හංසමාල් තරගය පුරාවට කඩුලු 7ක් දවා ගන්නා ලදි. 

සාන්ත ආනා විද්‍යාලය : 197 (73) කවිඳු රණසිංහ 60, දිල්හාර දේශබන්ධු 30, එරන් හංසමාල් 3/47, චමල්ක පුෂ්කුමාර 2/10, රෂාන් කවිෂ්ක 2/38. සහ 211/9d (65.4) කවිඳු ඒකනායක 78, කවිඳු රණසිංහ 64, එරන් හංසමාල් 4/65, විශ්ව දිදුලන 3/49. 

මොරටු මහා විද්‍යාලය : 127 (50.1) විශ්ව දිදුලන 29, රිෂිත පෙරේරා 2/06, දිනූශ සුමනසේකර 2/13, මනාන් මුසම්මිල් 2/24, පසිඳු තෙන්නකෝන් 2/40. 

සාන්ත ආනා විද්‍යාලයට පළමු ඉනිමේ ජය 

මුදිත ලක්ෂාන් දෙවැනි ශතකය වාර්තා කරයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල්……..


සාන්ත තෝමස් විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය අතර සුහද තරගය

සාන්ත තෝමස් විද්‍යාල ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් සාන්ත තෝමස් විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. ඒ අවසරයෙන් පළමුව පිතිකරණයේ නිරත වූ සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් ශලින් ද මෙල්, නායක තෙවින් ඊරියගම සහ මනීෂ රූපසිංහ පළමු ඉනිමේ අර්ධ ශතක වාර්තා කර ගන්නා ලදි. ඊට අමතරව දෙවන ඉනිම තුළ ශලින් සහ රයන් ප්‍රනාන්දු අර්ධ ශතක වාර්තා කර ගන්නා ලද්දේ සාන්ත තෝමස් විද්‍යාලයට තරගයේ වැඩි වාසිය ලබා දෙමිනි. 

Photos: S. Thomas’ College, Mount Lavinia vs St. Joseph’s College – U19 Cricket Tournament 2019/20

සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් කඩුලු රකින පිතිකරුවෙකු වන ශෙරන් ෆොන්සේකා පිතිකරණයෙන් ලකුණු 82ක් රැස්කර ගන්නා ලදි. 

සාන්ත තෝමස් විද්‍යාලය : 340/8d (88) ශලින් ද මෙල් 76, තෙවින් ඊරියගම 70, මනීෂ රූපසිංහ 59, ශමිල්ක වික්‍රමතිලක 38*, කිෂාන් මුණසිංහ 38, දුනිත් වෙල්ලාලගේ 4/110. සහ 156/3 (29) ශලින් ද මෙල් 77, රයන් ප්‍රනාන්දු 50*. 

සාන්ත ජෝසප් විද්‍යාලය : 208 (60.3) ශෙරන් ෆොන්සේකා 82, දිනාල් අනුරාධ 31, ශමිල්ක වික්‍රමතිලක 2/15. 

තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<