බට්ලර් එංගලන්ත – ඕස්ට්‍රේලියා විස්සයි විස්සෙන් අයින් වෙයි

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2020

350
Buttler to miss the final T20I

ඕස්ට්‍රේලියා එංගලන්ත දෙවන විස්සයි විස්ස තරගයේ වීරයා වුනු එංගලන්ත කඩුලු රකින පිතිකරු ජොස් බට්ලර් හට දෙරට අතර පැවැත්වෙන අවසන් විස්සයි විස්ස තරගය මඟ හැරී යන බව වාර්තා වේ. ඒ ඔහුගේ පුද්ගලික හේතුවක් නිසාවෙනි.

ඒ නිසාවෙන් ඔහුව ඊයේ (7) දිනයේ දී එංගලන්ත සංචිතයෙන් නිදහස් කිරීමට එරට ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබේ. කෙසේ නමුත් ඔහු එළඹෙන 11 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලිය සඳහා නැවතත් එංගලන්ත සංචිතයට පැමිණෙනු ඇත.

තවත් ක්‍රිකට් පුවත්:

ඊයේ (6) පැවති දෙවන විස්සයි විස්ස තරගයේ දී බට්ලර් පන්දු 54ක් තුල නොදැවී ලකුණු 77*ක් ලබා ගනිමින් ඉතාමත් දක්ෂ පිතිකරණයක නිරත වූයේ 2-0ක් ලෙස එංගලන්ත කණ්ඩායමේ ජය තහවුරු කරමිනි. එසේම එංගලන්ත නායක ඔයින් මෝර්ගන් දෙවන විස්සයි විස්ස තරගයේ දී පන්දු රකිමින් සිටිය දී දකුණු අතෙහි යම් ආබාධයකට ලක්වූ නමුත් ඔහු ඊයේ තරගයේ දී පිතිකරණයේ නිරත විය. කෙසේ නමුත් ඔහු තෙවැනි විස්සයි විස්ස තරගයට ක්‍රීඩා කරනවා ද නැද්ද යන්න පිළිබඳව තවමත් එංගලන්ත ක්‍රිකට් ආයතනය නිල වශයෙන් ප්‍රකාශයක් සිදු කර නොමැත.

දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් විස්සයි විස්ස තරගය මෙම මස 08 වැනිදා සවුත්හැම්ටන්හි මෙම ක්‍රිකට් පිටියේ දී ම පැවැත්වේ. එම තරගය ද ඕස්ට්‍රේලියාව පරාජය වුවහොත් නිසැක වශයෙන්ම තවදුරටත් විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයේ සිටීමට ඕස්ට්‍රේලියාව සිදු වනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<