IPL 2020 කාලසටහන නිකුත් කෙරේ

9546
(IPLT20)

2020 ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කාලසටහන අද (6) මාධ්‍යයට නිකුත් කර තිබුණා. මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් හිදීයි. අබුඩාබි හිදී එළඹෙන සැප්තැම්බර් 19 වැනිදා වත්මන් IPL ශූර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර තරගයෙන් මෙවර තරගාවලිය ආරම්භ වීමට නියමිතයි.

සෙනසුරාදා පැවැත්වෙන මංගල තරගයෙන් පසුව ඉරිදා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හා කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම අතර ඩුබායිහි පැවැත්වෙන පළමු තරගය පැවැත්වෙනු ඇත. තෙවැනි තරගය පැවැත්වෙන්නේ සඳුදා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතරයි.

තවත් ක්‍රිකට් පුවත්:

සැප්තැම්බර් 22 වැනිදා රාජස්තාන් රෝයල්ස් හා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර තරගය පැවැත්වෙන්නේ සාජාහ් ක්‍රීඩාංගණයේ දීයි.

තරග දෙක බැගින් පැවැත්වෙන තරග දින 10ක් මෙවර තරගාවලියට ඇතුළත් කර ඇති අතර පළමු තරගය ඉන්දීය වේලාවෙන් පස්වරු 3.30ටත් දෙවන තරගය රාත්‍රී 7.30ටත් පැවැත්වෙනු ඇත. තරග 24ක් ඩුබායි හිදීත්, තරග 20ක් අබුඩාබි හිදීත් තරග 12ක් සාජාහ් හිදීත් පැවැත්වීමට නියමිතයි.

අවසන් මහා තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ පසුව නිවේදනය කිරීමට නියමිතයි.

>> 2020 Dream 11 IPL කාලසටහන මෙතැනින් කියවන්න <<

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<